නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බොන්සායි ගසක පැරණි පෙනුම පෙන්නන හැටි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බොන්සායි ගසක පැරණි පෙනුම පෙන්නන හැටි

Published December 4, 2023

බොන්සායි ගසක විශේෂයෙන්ම අන්තර්ගත වියයුතු වන්නේ පරිණතභාවයයි. එය අලංකාරව සකසනවා වගේම එහි ඇති පැරණි පෙනුම වර්ධනය කරවීමට යම් කාලයක් ගත වන බැවින් ඒ සඳහා ඉවසීමෙන් යුතුව බලා සිටීමට සිදු වේ. නිර්මාණකරුවකුගේ ඉවසීම ප්‍රගුණ කිරීමට බොන්සායි ගසක පැරණි පෙනුම සැකසීමේ ක්‍රියාවලිය මනාව ඉවහල් වේ.

චීනය, ජපානය වැනි රටවල නිර්මාණකරුවන්ගේ නිර්මාණ තුළ පරිණතභාවය ඉතා ඉහළින් ප්‍රගුණ කරවීමට ඔවුන් සමත් වී ඇත. සමහරක් අයවලුන්ගේ නිර්මාණයන් වසර ගණනාවක් හෝ පරම්පරා ගණනක පුහුණු කිරීමක් තුළ රැගෙන ආ නිර්මාණයන්ය. එම නිසා ඔවුන්ගේ නිර්මාණයන් වෙළඳපොළ තුළද ඉතා ඉහළ වටිනාකමක් ගනී.

අප රට තුළට ඉන්පසුව බොන්සායි කලාව ව්‍යාප්ත වුවත් මේ වනවිට අප රට තුළද පරිණතභාවයෙන් යුතු අලංකාර නිර්මාණයන් නිර්මාණකරුවන් සතුව ඇත. ඉවසීම ප්‍රගුණ නොකළහොත් මේ ක්‍රියාවලිය කිරීමට නොහැකි බව නැවත නැවතත් මතක් කළ යුතුමය. නමුත් ඉවසීම පමණක් ප්‍රගුණ කළ පමණින් මෙය සාර්ථක වන්නේද නැත. මේ සඳහා කලාත්මක දෑසක් සහ නිර්මාණශීලී හැකියාවක් ද තිබිය යුතුමය.

බොහෝ නවක නිර්මාණකරුවන් නිර්මාණයන් සැකසූ විගස එය විකිණීමට යොමු වනවා අපට නිතරම දකින්නට ලැබෙනවා. ඒ වගේම ටික කලක් ගත වූ පසු එහි පැරණි බව ලබා ගැනීමට අපහසු නිසාවෙන් එය අත්හැර දැමීමට කටයුතු කරනවා. ඒ අවස්ථාවේදී තමයි අපි මුලින්ම කතා කළ ඉවසීම වැදගත් වන්නේ. ඉවසීම ප්‍රගුණ කර තිබුණා නම් කිසිම ආකාරයකින් එසේ සිදු වන්නේ නැත.

ශාකයක පරිණතභාවය පැරණි බව කෙටි කලක් තුළ ලබා ගැනීම සඳහා භාවිත කරනු ලබන ක්‍රම රැසක් ඇත. ශාකයේ කඳ මහත් කිරීම, වායව මුල් ලබාගැනීම වැනි ක්‍රමයන් ඒ අතුරින් කිහිපයකි. ශාකයක් නිර්මාණය කළ පසු එම ශාකයේ වායව මුල් ලැබෙන කාලය එළඹීමත් සමග අතු යටි පැත්තෙන් හෝ කඳෙන් වායව මුල් හටගැනීමට පටන් ගනී. එයටත් කලින් වායව මුල් අපට ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ක්‍රමවේදයක් භාවිත කළ හැකිය.

අපට කඳෙහි හෝ අත්තෙහි වායව මුල් ලබාගැනීමට අවශ්‍ය නැත. මදක් කැපුමකින් හෝ පළුදු කර එය මත කොහුබත් බැඳීමක් සිදු කර ලබාගන්නා මුල් වායව මුල් ලෙස භාවිත කරන්නට පුළුවන්. එසේත් නොමැතිනම් කැපුමක් යොදා එම කුලයටම අයත් විශාල ශාකයකින් ලබාගත් වායව මුල් බද්ධ කිරීමක්ද කළ හැක. බද්ධ කිරීමෙන් ලබා ගන්නවානම් ක්ෂණිකව නිර්මාණය හැඩගැන්වීමේ අවස්ථාව හිමි වුවද ස්වභාවිකව ලබාගන්නා වායව මුල් එහි වටිනාකම වැඩි කරවයි.

අනෙකුත් ක්‍රම දෙකට මුල් ලබා ගැනීමක් සිදු කරන අවස්ථාවකදී බොහෝ දුරට එම මුල් වියලීම නිසා විනාශයට පත් වී යාමට ඉඩ ඇති නිසා එම වායව මුල් ආවරණයක් සිදුකළ යුතුය. එවන් අවස්ථාවකදී කුඩා මුල ආවරණය කිරීමට බීම බට යොදා ගැනීමට අපට පුළුවන්. මුල බීම බටය තුළට ඇතුළු කර අදාල තැනට ස්ථානගත කර ටික කලක් තැබූ විට කෙමෙන් එය බීම බටයේ ප්‍රමාණයට වර්ධනය වූ පසු බීම බටය ඉවත් කර දැමීමට පුළුවන්.

ඒ ක්‍රමයන් කිහිපය භාවිත කරමින් වායව මුල් ලබාගැනීමේ කාර්යය සාර්ථක කර ගැනීමට අවස්ථාව ඇත.තවත් ප්‍රධානතම කාරණයක් තමයි ශාකයෙ කඳ ඉතා ඉක්මනින් මහත් කර ගැනීම. ශාකයේ යට කොටස (මූල කොටස – Nobary) වර්ධනය කර ගැනීමේදී බොහෝ දෙනා මුල් වර්ධනය වූ පසු එම මුල් මතුකර කඳෙහි යට කොටසට ආදේශ කරනු ලබයි. එම ක්‍රමයද බොන්සායි තුළ වලංගු වේ. නමුත් එහි පිහිටි කඳ කොටසම විශාල කඳක දිස්වනවා මෙන් පෙන්වීම ශාකයට වැඩි වටිනාකමක් ලබාදෙයි.

එසේ නම් අප කළ යුත්තේ තනි ශාක කඳ මහත් කර ගැනීමයි. මෙහිදී ක්‍රම කිහිපයක්ම භාවිත කරන අතර එය සඳහාද යම් කිසි කාලයක් බලා සිටීමට සිදුවේ. කඳ මහත් කිරීමට අවශ්‍ය ශාකය බඳුනෙන් ගලවා එහි මුල් සහිත යටි පැත්තෙන් කඳ පැලීමක් සිදු කළ යුතුය. දෙකට හෝ හතරට කොටස් කිරීම සිදු කරයි.

ඉතා ප්‍රවේශමින් මෙය කළ යුතුවේ. අවශ්‍ය ප්‍රමාණයට වඩා පැලුණහොත් ඒ අලංකාරත්වය අඩු වනවා වාගේම ස්වාභාවික පෙනුමද අඩුවන්නට පුළුවන්. එලෙස කොටස් කරගත් ස්ථාන තුළට කඳ කොටස පළල් වන ලෙස කෝටු කැබැල්ලක් හෝ සුදුසු වන දෙයක් ඇතුළු කිරීම සිදු කළ යුතුය. පසුව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විශාල වන ලෙස තද කළ පසු ඒ ආකාරයෙන්ම එම කොටස වැසෙන පරිදි නැවත බඳුන්ගත කිරීම සිදු කළ යුතුය. මාස තුනක් පමණ ගත වූ පසු එහි සාර්ථකත්වය දැක ගැනීමට අපට පුළුවන්. මෙයට තව ද ක්‍රමයක් සිදු කර බැලීමට අපට පුළුවන්.

කඳෙහි  මූල කොටසෙහි පොත්ත අඟල් තුනක් පමණ උඩ සිට පහළට සිහින් තීරු වශයෙන් ඉවත් කළ හැක. මෙම ක්‍රියාවලියේදි තීරුවක් හැර තීරුවක් ඉවත් කරනු ලබයි. එසේ කළ විට නැවත පොත්ත වැඩීමෙන් කඳෙහි යට තිබූ ප්‍රමාණය මඳක් විශාල වී පෙනේ. මෙම ක්‍රමය කළ හැක්කේ පොත්ත වර්ධනය වන ශාක සඳහා පමණයි. පොත්ත වර්ධනය නොවන ශාකයක එවැනි කැපුම් සිදු කළහොත් පොත්ත නොවැඩීම නිසා පෙර තිබූ තත්ත්වයටත් වඩා එය අවලස්සන වීමට පුළුවන්. ඒ නිසා එය කළ යුත්තේ කළ යුතුද නැතිද යන්න හොඳින් තීරණයකට එළඹීමෙන් පසුවයි.

විවිධ නිර්මාණ ශිල්පීන් එකවරම කඳ කොටස නිර්මාණය කිරීමට පිළියමක් විදිහට විශාල ගසකින් (Air layer) ක්‍රමයට අතු කඳන් ලබාගෙන ඒ මඟින්ද නිර්මාණ සිදු කරනු ලබයි. ඒ තෝරා ගන්නා අවස්ථාවේදීම ශාකයේ මූල කොටස මහතට පෙනෙන කොටසක් තෝරා ගැනීමද මෙහිදී වඩාත් වැදගත් වනවා. මේ ක්‍රමයන්ට වායව මුල් ලබා ගැනීම, කඳ මහත් කර ගැනීම යන කාර්යය ඉතා සාර්ථකව කරගන්නට අපට පුළුවන්. ඒ වාගේම කාෂ්ඨීය පෙනුමකින් හෙබි විශාල පරිණත බවක් පෙන්නුම් කෙරෙන වටිනා නිර්මාණයක් සතු කර ගැනීමට ඔබට පුළුවන්.

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: Air layer, Air roots, art of tree, bonsai, Nobary
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?