නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බොන්සායිවලට මේ ගස්නම් එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බොන්සායිවලට මේ ගස්නම් එපා

Published November 27, 2023

බොන්සායි කලාවට නොගන්නා නුසුදුසු ගස් වර්ගද රාශියක් අප පරිසරය තුළ තිබෙනවා. බොහෝ දෙනෙකු මේ සම්බන්ධව නොදන්නකම හේතුවෙන් බොන්සායි කලාවට නුසුදුසු ශාක තෝරා ගැනීමෙන් ඔවුනට හරි බොන්සායි නිර්මාණයක් නිවැරදි ලෙස නිම කරලීමට ඇති අවස්ථාව අහිමි වනවා.

ශ්‍රී ලංකාව තුළ බොන්සායි සදහා සුදුසු නොවන ශාක තිබෙනවා වාගේම විදේශ රටවල් තුළ ද බොන්සායි සඳහා සුදුසුනොවන ශාක විශාල ප්‍රමාණයක් හඳුනා ගෙන ඇත. බොන්සායි කලාව ආරම්භක අවදියේ අපේ නිර්මාණකරුවන් විසින් බොන්සායි කිරීමට අපහසු ශාක විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ක්‍රම ශිල්ප යොදා ගනිමින් නිවැරදි ලෙස නිර්මාණය කර තිබෙනවා.

එහෙත් මේ අතර බොන්සායි කිරීමට නුසුදුසු ශාක තෝරා ගෙන එය බොන්සායි කලාවට නොගැනීමට ඔවුන් තීරණය කර ඇත. එවැනි ශාකයන් කලාව සඳහා යොදා නොගන්නේ පත්‍ර ඉතා විශාල වීම, බඳුනක් තුළ වගා කිරීමට අපහසු වීම, ශාක කඳෙහි ස්වභාවය බොන්සායි සඳහා නොගැළපීම, අතු සහ කඳ නිර්මාණය අවැසි ලෙස පහසුවෙන් නවා හැඩගන්වා ගැනීමට නොහැකි වීම වැනි කරුණු මතයි.

සාමාන්‍යයෙන් කජු ගසක් නිර්මාණය සඳහා යොදා ගනු ලැබුවහොත් එය යම් විටෙක සාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩි නිසා කජු ශාක බොන්සායි සඳහා තෝරා ගැනීමේදී එය නිර්මාණයට සුදුසු ද නැති ද යන්න දෙවරක් සිතිය යුතුමය. ඒ මන්ද සමහරක් නිර්මාණකරුවන් මේ ශාකය නිර්මාණයට සුදුසු නැතැයි යම් යම් තැන්වලදී සඳහන් කර ඇති නිසාවෙනි.

තේක්ක, හල්මිල්ල, කොස්, දෙල් වැනි ශාකයන් මේ සඳහා යොදා නොගනී. ඒ වගේම ආයු කාලය ඉතා අඩු ශාකයන් මේ සඳහා යොදා නොගන්නා අතර බොන්සායි කලාව පිළිබඳ හරිහැටි අවබෝධයක් නැති නිසාවෙන් බොහෝ දෙනෙකු ආයු කාලය අඩු ශාක ගෙනවිත් බොන්සායි බඳුනක සිටුවා එහි පාසි අල්ලා බොන්සායි නිර්මාණයක් යැයි බොහෝ අවස්ථාවලදී අපට දැකගන්න ලැබෙනවා.

නමුත් මේ නිර්මාණ ඉතා කෙටි කාලයක් තුළ මැරීමට ලක්වෙනවා. එලෙස වූ විගසම ඔවුන්ට බොන්සායි කලාව පිළිබඳ තිබූ ආශාව නැති වී එතැන් පටන් බොන්සායි නොකරන තත්ත්වයකට පත්වනවා. බොන්සායි සඳහා සුදුසු ශාකයන් සහ නුසුදුසු ශාකයන් හරිහැටි හඳුනා ගතහොත් කිසි විටෙක එසේ වන්නේ නැත.

බොන්සායි කියාගනිමින් නිර්මාණයක් කළ පමණින් එය බොන්සායි නිර්මාණයක් වන්නේ නැත. ඒ සඳහා එයටම අනුකූල වූ නීති මාලාවක් තිබෙනවා. එයට අනුකූලව සෑදීමට අපහසු කිසිඳු ශාකයක් මේ නිර්මාණ සඳහා යොදා ගන්න අපට බැහැ. උදාහරණයක් ලෙස සාමාන්‍ය ලෙස නිවසේ සිටුවන මල් පැළ වර්ග, ඇන්තූරියම්, කැක්ටස් වර්ග, බාබන්ඩේසියා, පතොක් වර්ග, ජලජ පැළෑටි හඳුන්වන්න පුළුවන්. මෙවැනි කිසිඳු ශාකයක් බොන්සායි කළ නොහැකි බව විද්වත් බොන්සායි නිර්මාණකරුවන් තහවුරු කර ඇත. යම් යම් වැඩමුළු තුළ ද මේ කරුණු පිළිබඳ දැනුවත් කිරීම් කරනු ලබයි.

එවැනි දැනුවත් කිරීමේ වැඩමුළු වලට සහභාගී වීමෙන් හෝ විද්වත් නිර්මාණකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් වැරදි ලෙස නිර්මාණ කිරීම වළක්වා ගන්න ඔබට පුළුවන්. බොන්සායි කලාව තුළ නිර්මාණයන් සිදු කිරීමේදී යම් යම් අවස්ථාවන්ට ගැළපෙන පරිදි බොන්සායි සඳහා සුදුසු නොවන කුඩා ශාක බොන්සායි නිර්මාණයෙහි පසුබිම අලංකාර කිරීම සඳහා උපයෝගී කර ගැනීමට අපට පුළුවන්. එවන් අවස්ථා සඳහා යොදා ගන්නේ නම් එම පැළෑටියේ ආයු කාලය අවසන් වූ විට එය මත නැවත නැවත පැළෑටි සිටුවා අලංකාර කර ගැනීමට අපට සිදු වේ.

පැඟිරි කුලයේ ශාක ද මනා අවබෝධයකින් යුතුව නිර්මාණ සඳහා යොදා ගත යුතුය. මන්ද පැඟිරි කුලයේ යම් ශාක කලක් ගිය පසු එකවර මැරී යාමට හෝ අණු අතු, පැති අතු වශයෙන් මැරී යාමට ඉඩ ඇති නිසාවෙනි. දෙහි, දොඩම්, නාරං, කූඩලු වැනි පැඟිරි සහිත ශාක මේ අතරට අයත් වේ. එවැනි ශාක යොදා ගන්නා සෑම අවස්ථාවකදීම අප කල්පනාකාරී විය යුතුයි. ඒ වශයෙන් බොන්සායි කලාව තුළ එයට ගැළපෙන සහ නොගැළපෙන ශාක තිබෙන අතර ගැළපෙන ශාක වැඩි වශයෙන් ද, නොගැළපෙන ශාක ඉතා අඩු වශයෙන් ද ඇත.

එම නිසා අපට බොන්සායි සඳහා ශාක යොදා ගැනීම වඩාත්ම පහසුයි. කළ යුත්තේ අවබෝධයකින් යුතුව සහ තෝරා ගන්නා ශාකය නිවැරදිව පුහුණු කර ගැනීම පමණයි. සුදුසු ශාක වාගේම ශාකයෙන් ශාකයට ගැළපෙන බඳුන ද අප තෝරා ගත යුතුය. මේ අවස්ථාව ද පටලවාගෙන කළහොත් නිර්මාණයේ ස්වභාවය සහ එහි නියම වූ ගති ලක්ෂණ ඉතා ඉක්මනින් වෙනස් වීමට ඉඩ ඇත. පොල් බොන්සායි සඳහා යොදාගැනීම වර්තමානය තුළ දී අපට බහුලව දැකගන්නට පුළුවන්.

නමුත් පැළ තවාන් කරන අයවලුන් මේ පොල් පැළ කප්පාදුව මඟින් ඉතා කෙටි කාලයකින් හුරුකර බඳුනක දමා බොන්සායි පොල් නමින් විකිණීමට කටයුතු කරයි. කිසිවිටෙක කප්පාදු කර කොළ කුරු කර ශාකය අලංකාර කළ පමණින් බොන්සායි වන්නේ නැත.

මනා හික්මීමක් තුළ හිඳිමින් කඳ බේරෙන තුරු නිර්මාණය කර එයට අවශ්‍ය අනෙකුත් සාධක සම්පූර්ණ කළහොත් පමණක් එය බොන්සායි නිර්මාණයක් වේග බොන්සායි කලාවෙහි වැදගත්ම අංගයක් තමයි මේ නුසුදුසු ශාක සහ සුදුසු ශාක. මේ පිළිබඳව හරි හැටි නිරීක්ෂණයකින් යුතුව තෝරා බේරාගෙන කටයුතු කිරීමෙන් පසුව අපහසුතාවයට පත් නොවී නිවැරදි කල්පවත්නා, ගුණදායී නිර්මාණයක් අවසාන කර ගැනීමට ඔබට හැකි වේ.

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරංදි කෞශල්‍යා ✍️
 

TAGGED: bonsai, thailand bonsai
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?