නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බයික්වල ඩිජිටල් මීටරය සියුම් ඇගිලි තුඩුවලින් හදන තිළිණි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බයික්වල ඩිජිටල් මීටරය සියුම් ඇගිලි තුඩුවලින් හදන තිළිණි

Published November 27, 2023

ගැහැනු දරුවෙක් කිව්වොත් අපේ සිහියට නැගෙන්නේ බෝනික්කන් සමග සෙල්ලම් කරන ඇඳුම් මෝස්තර මවන පුංචි සිඟිත්තියක්. නමුත් මීගමුව, කටාන පදිංචි තිළිණි දිසානායකගේ බාල කාලය ඊට වෙනස් ඇය නිතරම තමන්ගේ කැඩුණු බිඳුණු සෙල්ලම් බඩු නැවත අලුත්වැඩියා කළා. මේ වෙනුවෙන් ගැළපෙන තෝතැන්නත් ඇගේ නිවසේම නිර්මාණය වී තිබුණා. තිළිණිගේ පියා වඩු කාර්මිකයෙක්. ඒ නිසාම සෙල්ලම් බඩුවලට වඩා ඇගේ හිත යොමුවුණේ තාත්තාගෙ වඩු කාර්මික ආම්පන්නවලටයි. තිළිණි නිතරම මේ ආම්පන්න සමග කාලය ගතකළා.ඒ විතරක් නොවෙයි ඇගේ අනාගත සිහිනය ලොකු වුණාම කවුද වෙන්නේ ඇහුවොත් දියණියකගේ ලොකුම සිහිනය ගුරුවරියක් එහෙම නැත්නම් වෛද්‍යවරියක්, හෙදියක්.මේ ලැයිස්තුවෙන් ඇය පිටපැන්නා.

ඇයගේ අනාගත සිහිනය වුණේ කාර්මික ශිල්පියෙක් වගේ ඇඳුම් ඇඳගෙන මජං ගාගෙන ගරාජයක වැඩ කරන්න.මීගමුව විද්‍යාලෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ පටන්ම ඇය ක්‍රිඩාවට ඉතාම දක්ෂයි. ජවන හා පිටිය මළල ක්‍රීඩාවේදී පාසලේ කැපී පෙනෙන චරිතයක්. කලාප ක්‍රිඩා තරග, දිස්ත්‍රික්, පළාත් වගේම ජාතික මට්ටමේ ශුරතාවන් දිනාගත්තා. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ඇය විවාහ ගිවිස ගත්තා.

විවාහයෙන් පසුව…

විවාහයෙන් පසුව මම රැකියාවක නිරත වුණේ නැහැ. දරුවන් හදා වඩාගෙන සාමාන්‍ය ගෘහණියක් වගේ ජීවත් වුණා. මගේ සැමියාගේ ඥාතියෙක් අපේ නිවසේ නැවතී සිටියා. ඔහු වසර 24 ක පමණ මෝටර් රථ අලුත්වැඩියාව ගැන පළපුරුද්දක් තිබුණ කෙනෙක්. මගේ හීනය ජයගන්න ඔහුගේ සහයෝගය මට හුඟක් උදව් වුණා. ඔහු ඔහුගේ අත්දැකීම් මා සමග බෙදාගත්තා.

ඔය අතරේ ඔබේ බයිසිකලය කැඩුණා…

ඔව්. මේ අතරේ මම පාවිච්චි කළ බයිසිකලය කැඩුණා. ඒක තනියම හදාගන්න මට පුළුවන් වුණා. මට ආත්ම ශක්තියක් ගොඩනැගුනා. මටත් යමක් කරන්න පුළුවන් කියලා මට මා ගැනම සහතිකයක් ලැබුණා.මේ අතර මම දන්නා අඳුනන අයගේ බයිසිකල් අලුත්වැඩියා කරලා දුන්නා. ඒ අතරේ මම කලින් සඳහන් කළ අපේ නිවසේ නැවතී සිටි ඥාති සහෝදරයා ඔහුට හදන්න ලැබෙන වාහනවල ඩිජිටල් Display මට කියලා අලුත්වැඩියා කරගත්තා. ඔන්න ඔය විදිහට තමයි මගේ ජීවිතයේ කාර්මික ශිල්පියෙක් කියන චරිතය ගොඩනැගුනේ.

අද වනවිට ඔබ විවිධ ක්ෂේත්‍රයන් වෙත යොමු වෙලා…

මම බයිසිකල්, ස්කූටර් වගේම මෝටර් රථවල ඩිජිටල් මීටර් අලුත්වැඩියා කරනවා. ඊට අමතරව රෙදි සෝදන යන්ත්‍ර, ට්‍රෙඩ්මිල් වගේ ඕනෑම යන්ත්‍රයක් අලුත්වැඩියා කරන්න හැකියාව තිබෙනවා. ප්‍රසිද්ධ වෙළෙඳ නාම ඇති ඕනෑම මෝටර් බයිසිකලයක ඩිජිටල් මීටරය අලුත්වැඩියා කරන්න මට පුළුවන්. පසුගිය කාලයේ පෙට්‍රල් පෝළිම්වල බයිසිකලය තියාගෙන සිටියදී අව්වට වැස්සට නිරාවරණය වෙලා වැඩිහරියක් මීටර් පිච්චුණා.

ඒ වගේම මේ බයිසිකල්වල බොත්තමක් තිබෙනවා. එය Press කරන විටෙක කැඩුණොත් ඇතුළට වතුර යනවා. නමුත් බොහෝ දෙනෙක් හේතුව දන්නේ නැහැ. මම ඒ සේරම හොයලා බලලා මීටරය අලුත්වැඩියා කරලා අලුත්ම තත්ත්වයට පත්කරලා දෙනවා.

මට ඕනෑම කෙනෙකුගේ ඩිජිටල් මීටරයක් නම් පැය දෙක තුනක් තුළ අලුත්වැඩියා කරදෙන්න පුළුවන්. සර්කිට් Board එකක් නම් එහි IC පිච්චීමක් වෙලා තිබුණොත් දවස් දෙක තුනක් ගතවෙනවා. ඒ වගේම කුඩු පට්ටම් වුණ බයිසිකලයක වුණත් ඩිජිටල් මීටරය අලුත්ම එකක් වගේ තත්ත්වයකින් අලුත්වැඩියා කරදෙන්න පුළුවන්.

ඔබේ සේවා ස්ථානය පවත්වාගෙන යන්නේ?

මීගමුව කටාන, ඇත්ගාල ගමේ පදිංචි මම නිවසේම කොටසක සේවා ස්ථානය පවත්වා ගෙනයනවා.

මේ සියල්ල සමග ඔබේ ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා…

ඔව් මගේ සැමියාට හෝ දරුවන්ගේ කටයුතුවලට කිසිම බාධාවක් නැහැ. බිරිඳක් කියන්නේ දරුවන් හදන යාන්ත්‍රනයම නොවෙයි. මම නිවසේ Thilini bike ආයතනය පවත්වා ගෙන යන නිසා මගේ දරුවන් තුන් දෙනා රැකබලා ගැනීමේදීත් කිසිම බාධාවක් නැහැ.

මගේ සැමියා සංගීත භාණ්ඩ අලුත්වැඩියා කරන ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ වගේම සැමියා පමණක් රැකියාවක හෝ ව්‍යාපාරයක නිරත වුණොත් පවුලේ ආර්ථික තත්වයට ගැටලුවක්. ඒ නිසා මම සැමියා, දරුවන් කියන භුමිකාව සමග මගේ ව්‍යාපාරයෙන් පවුලේ ආර්ථිකයත් හොඳින් සමබර කරගෙන කටයුතු කරනවා.

ඔබේ කාර්මික සේවා ස්ථානය ගැන ප්‍රචාරණය…

මම කිසිම ප්‍රචාරණයක් කරන්නේ නැහැ. මගෙන් සේවාව ලබාගත් සේවා දායකයන් මගින් කටින්කට ප්‍රචාරණය සිදුවනවා. වාහන අලෙවි ස්ථානවලිනුත් මට ඩිජිටල් මීටර් අලුත්වැඩියා කරන කොටස ලබා දෙනවා. දැන් පොළොන්නරුව, මහනුවර, බදුල්ල වගේ දුර ප්‍රදේශවලත් මගේ සේවා දායකයන් සිටිනවා. විශේෂයෙන් ඩිජිටල් මීටරයක් අලුත්වැඩියා කරගන්න අවශ්‍ය වුණොත් මට කුරියර් සේවාව ඔස්සේ එවනවා. එය අලුත්වැඩියාවෙන් පසුව ඉතා ප්‍රවේසමෙන් අසුරා සේවා දායකයා වෙත සුරක්ෂිතව කුරියර් සේවාව මගින්ම නැවත ලබාදෙනවා. මේ ගණුදෙණුව විශ්වාසය මත පදනම්ව සිදුවනවා.

සේවා දායකයන් පැමිණෙන්නේ අලුත්වැඩියාවන්හි තිබෙන ප්‍රමිතිය නිසාද? සේවා ගාස්තු සාධාරණ නිසාද?

මේ දෙකම නිසා. සාමාන්‍ය ගරාජයකින් ඩිජිටල් මීටරයක් අලුත්වැඩියා කරගැනීමේදී රුපියල් 5000 ක මුදලක් ගෙවන්න වෙනවා නම් මට ඒ ඩිජිටල් මීටරය රුපියල් 2500 ක මුදලකට අලුත්වැඩියා කරදෙන්න පුළුවන්.

මේ නිසා නිර්නාමික දුරකථන ඇමතුම් ඔස්සේ දෝෂාරෝපණත් නැගෙනවා…

ඇත්තටම කිව්වොත් මටත් සාමාන්‍ය ගරාජයක කරන මුදලටම සමාන මුදලක් අය කරන්න පුළුවන්. ඒත් අද දවසේ ජීවත් වෙන්න මිනිස්සු දරන ධෛර්ය ඉදිරියේ ඒ වගේ අසාධාරණ විදිහට මුදල් උපයන්න මම සූදානම් නැහැ. ඊටත් මගේ නිවසේ ආයතනය පවත්වා ගෙන යන නිසා ගොඩනැගිලි කුලියක් නැහැ. සේවකයන්ට වැටුප් වේතන නැහැ. ඒ වෙනුවෙන් වැය බරක් නැහැ. මේ සියල්ල තිබුණත් මට අවශ්‍ය නම් අනෙකුත් ගරාජ්වලටම සාපේක්ෂ වෙන මුදලක් අය කරන්න පුළුවන්. නමුත් මම ඒ වගේ ලාභ උපයන්න සූදානම් නැහැ.

ඔබට උදව්වට කෙනෙක් නැද්ද?

එහෙම කෙනෙක් අනාගතයේදී අවශ්‍ය වේවි. ඒත් මේ වැඩේ මෙහෙමයි කියල කාටවත් කියාදෙන්න බැහැ. ඒක ඇඟෙන් එන්න ඕන. වැඩමුළු පවත්වන්න කියල ඇරයුම් ආවත් ඒවට නොයන්නේ ඒකයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: Car repair, Thilini bike, thilini dissaayake
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?