නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විසිකරපු අඹ ඇටෙන් පෙබල්ස් හැදිල්ලක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

විසිකරපු අඹ ඇටෙන් පෙබල්ස් හැදිල්ලක්

Published November 27, 2023

අලුත් තාලෙට හිතපු කෙල්ලෙක්

හසිනි දේශිකා ලක්මාලි යාපා

අඹ ගෙඩියක් ආහාරයට ගත්තොත් ඒ ඇටය ඉවත දමනවා හැර වෙන කරන්න දෙයක් තියෙනවාද කියලා ඔබ හිතනව ඇති. නමුත් සමහර පලතුරු වර්ගවල ඇට නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. වරකා මදුලක් ආහාරයට ගත්තොත් එහි ඇටය ව්‍යංජනයක් විදිහට සකස් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. දූරියන් වගේ පලතුරුවල ඇට වතුරේ දමා පානය කරන්න පුළුවන්. නමුත් අඹ ඇටයකින් අතුරු නිෂ්පාදනයක් හෝ වෙනත් විදිහකට ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් තිබෙනවා කියල සිතුවත් ඔබ වැරදි නැහැ.

ඉවත දමන අඹ ඇටයෙන් ලස්සන වර්ණවත් පෙබල්ස් හා සමාන රසකැවිල්ලක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඇය ඉන්නෙ මොණරාගල මදුරුකැටියේ. නමින් හසිනි දේශිකා ලක්මාලි යාපා. ඇය මොණරාගල රාජකීය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා ජෛව පද්ධති තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හදාරා එයින් අනතුරුව ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාවක් කරන්නට රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත්වෙලා. ඇය මේ වනවිට තුන්වන වසරේ ශිෂ්‍යාවක්.

අඹ ඇටයෙන් පෙබල්ස් වගේ දෙයකට ඔබේ හිත යොමු වුණේ

විශ්වවිද්‍යාලයේ කෘෂි හා ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් “Food Ex” නමින් වාර්ෂිකව ප්‍රදර්ශනයක් පැවැත්වූවා. එහිදී අපට අලුත් නිෂ්පාදන වගේම නිර්මාණ හඳුන්වා දෙන්න අවස්ථාවක් ලැබුණා. මට අඹ ඇට යොදා ගෙන නව නිෂ්පාදනයක් කරන්න අදහසක් ඇති වුණා. මේ වෙනුවෙන් සුරේෂ් මදුසංඛ, දිල්මි පැල්වගේ යන අය මේ අළුත් නිෂ්පාදනයට සම්බන්ධ වුණා.

මේ නිෂ්පාදනය ගැන යමක් සඳහන් කළොත්

මම මෙතැනදී අඹ ඇටයේ මදය අරගෙන පිටි කරනවා. අඹ ඇට පිටි 70% ක් අරගෙන ඒකටම පාන් පිටි 30% ක් වගේ වෙන්න එකතු කරනවා. එතැනින් පසුව බිත්තර සුදු මද සහ සීනි හොඳින් ගසාගෙන පිටි ටිකින් ටික එකතු කරගෙන ඝනකමින් යුක්ත මිශ්‍රණය හදා ගන්නවා. එතැනින් පසුව පයිපිං බෑග් එකකින් පුංචි පුංචි සීනි බෝල පෙති හැඩයට අරගෙන ඒවා බේක් කර ගන්නවා.

මේවා වර්ණවත් වෙන්නේ කොහොමද?

මේ සීනි බෝල එහෙම නැත්නම් කැන්ඩි වෙනුවෙන් වර්ණ ගැන්වීමක් අවශ්‍යයි. ආහාරයක් වෙනුවෙන් ආකර්ශනයට වර්ණ අවශ්‍යයි. ඒත් වර්ණකාරක නිසා වස විස ආහාරයට ගැනීම අවශ්‍ය නැහැ. මම ඒ නිසා මේ සීනිබෝලවල වර්ණ ගැල්වීමට ස්වභාවික සංයෝග යොදා ගන්න කල්පනා කළා.

රෝස වර්ණය සඳහා

රෝස සීනිබෝල වැනිලා රසයෙන් යුක්තයි. ඒ කොටසට මම වදමල් වලින් වර්ණ නිස්සාරණය කරගෙන ලබා ගන්නවා.

දුඹුරු වර්ණය සඳහා

චොකලට් රස සහිත මේ සීනිබෝල වෙනුවෙන් මම සාමාන්‍ය කොකෝ පවුඩර් එක යොදා ගත්තා. ඒ හැර වෙනත් කිසිම රසකාරක හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍යක් එකතු කරලා නැහැ.

ඔබේ මේ නිෂ්පාදනයට නමක්

මගේ නිෂ්පාදනය “Tango” යනුවෙන් නම් කළා. මේ නිෂ්පාදනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2023 වසරේ ProFood ProPack agri BIZ ප්‍රදර්ශනයේදී නව නිෂ්පාදනයක් විදිහට ජයග්‍රහණයක් ලබා ගත්තා.

ඔබ නව ආහාර නිෂ්පාදනයන් සිදු කළා

වට්ටක්කා ඇට යොදාගෙන සකස් කරන “ස්විස් රෝල්” එකක් ඉදිරිපත් කළා. දැන් බොහෝ දෙනෙක් වටට්ක්කා ඇටවල ගුණ ගැන දන්නවා. ඒ නිසා බොහෝ දෙනෙක් වට්ටක්කා ඇට යාන්තමින් කබලේ බැද ගෙන ආහාරයටත් ගන්නවා. මේ ස්විස්රෝල් එක වෙනුවෙන් මම වට්ටක්කා ඇටය සහ මදය යන දෙකම යොදා ගත්තා.

මේ නිෂ්පාදනයේදී පියුමි ජයවික්‍රම සහ සිතුමිනි වනිගසිංහත් සම්බන්ධ වුණා. අපි තුන්දෙනා මේ වට්ටක්කා ඇට ස්විස් රෝල් එක නිෂ්පාදනය වෙනුවෙන් එකතු වුණා.ඒ වගේම බොහෝ දෙනෙක් වටට්ක්කා ආහාරයට කන්න කැමැති නැහැ. විශේෂයෙන් පොඩි දරුවන් අකමැති ආහාරයක්. නමුත් විදේශ රටවල වට්ටක්කාවලට වැඩි වටිනාකමක් ලැබෙනවා. පෝෂණය බහුල ආාහරයක් විදිහට තියෙන පිළිගැනීම නිසාම ගර්භණී මවව්රුන්ට හොඳ ආහාරයක් විදිහට භාවිත කරනවා.

වට්ටක්කා මදය යොදා ගන්නෙ

වටට්ක්කා මදය ස්විස් රෝල් එකේ පිටි මිශ්‍රණයට යොදා ගන්නවා. වට්ටක්කා මදය සූරාගෙන පිටි සමග මිශ්‍ර කරගෙන අපි සාමාන්‍යයෙන් කේක් එකක මිශ්‍රණය වගේ සකස් කර ගන්නවා. බිත්තර සුදු මදයත් එකතු කරගෙන හොඳින් සකස් කර ගත් මිශ්‍රණය කේක් එක වගේ බේක් කර ගන්නවා. වට්ටක්කා පොතු ඉවත් කරනවා.

වට්ටටක්කා ඇට ස්විස් රෝල් එකේ තැවරුම් කොටසකට යොදා ගන්නවා. වටට්ක්කා ඇට පිටිවලටම කුරුඳු කුඩු ස්වල්පයක් රසය වැඩි කරන්න එකතු කරනවා. දැන් සාමාන්‍ය කේක් තැටියට වට්ටක්කා ඇට අයිසිං කොටස තවරාගෙන රෝල් කරනවා. පිටතින් චොකලට් මිශ්‍රණයකින් ඉරක් ඇඳ ගන්නවා.

මේ නිෂ්පාදනයට “හැලොවින් ස්විස් රෝල් ” යනුවෙන් නම් තැබුවා

විදේශරටවල හැලොවින් උත්සවය හරිම ජනප්‍රියයි. එහිදී වට්ටක්කා ගෙඩි විසිතුරු විදිහට කැටයම් කරනවා. ඉතින් මගේ නිෂ්පාදනයටත් වටට්ක්කා එකතු වුණ නිසා මේ නම තෝරා ගත්තා.

නිෂ්පාදනයන් අනාගතයේදී වෙළඳපොළට ඉදිරිපත් කරන්න අදහසක් තියෙනවා

මට වෙළඳපොළට “හැලොවින් ස්විස් රෝල් ” ඉදිරිපත් කිරීම ගැටලුවක් නොවෙයි. නමුත් මගේ අධ්‍යාපන කටයුතු සහ මේ වෙනුවෙන් කාලය, මුදල් ආයෝජනයට අවශ්‍ය නිසා ඒ බලාපොරොත්තුව අනාගතයේදී සලකා බලන්න වෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

TAGGED: Food Ex, Hasini Desika Lakmali Yapa, Ratmalana University of Vocational Technology, tango
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?