නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: යටි පතුලේ කැල්සියම් තැන්පත් වීමට බෙහෙත් තියෙනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

යටි පතුලේ කැල්සියම් තැන්පත් වීමට බෙහෙත් තියෙනවා

Published November 27, 2023

හෙළ වෙදැදුරු 16

දුරකථනයෙන් රෝග ගැන විමසා තොරතුරු ලබා ගැනීම එතරම් සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. වෙද ගෙදරට ගිහින්ම කතා කරද්දී නොයෙකුත් ඉසව් ඔස්සෙ රෝගය විග්‍රහ වෙනවා. දුරකථන සංවාදයේදී බාධා එමටයි. කරන්න දෙයක් ඇත්තෙම නැති වුණාම ජංගම දුරකථනයේ පිහිට ලබා ගන්නවා. ඔන්න ඉතින් මේ ලිපිය සඳහා හොරිවිල ගිය ගමනේදී තවත් රෝගාබාධ තුන හතරක් ගැන කතා කළා. කෝච්චියෙන් බැහැලා වෙද ගෙදර දිහාවට යද්දී වෙද මහත්තයා හබරණ යන්න සූදානම් වෙනවා.

හබරණට කිට්ටුව යාන් ඔයේ පාලම පහුකරද්දී සංචාරකයන් සඳහා සෆාරි යන අලි පෝළිමට එනවා මද්දහනේ යාන් ඔයට බහින්න බලාගෙන.මේ අලින් තුළ වන අලින් වෙතින් දිස්වෙන තේජාන්විත බව දකින්න ලැබෙන්නෙ නැහැ. ගමනත් නිකම් ඈලි මෑලි දුබල ගතියෙන් වගේ.

අපේ මහත්තයා ඔය අලින්ගේ ගමනෙ වෙනසක් දැක්කෙ නැද්ද?

වෙද මහත්තයා කටහඬ අවදි කළේ හොඳ කතාවක් කියන්න බව මට පළපුරුද්දෙන්ම වැටහුණා.

කියන්න තරම් වෙනසක් නම් මම දැක්කෙ නැහැ වෙද මහත්තයා.

ඒකනෙ කියන්නේ… ඕකුන් ඇවිදින්නේ පස්ස පාත්වෙලා වගෙ පස්ස පාත්වෙලා?

මම වෙද මහත්තයාට බාධා කළා.

එහෙනං, දන්නවාද ඒ ඇයි කියලා..

මම ආසනයේ ඉදිරියටම නැඹුරු වුණේ කුතුහලය නිසා.

මේකනේ කාරණාව. අලි ඇත්තුනෙ මිහිමත ඉන්න ලොකුම සත්තු. ඒ වගේමනෙ බරත්. සාමාන්‍යයෙන් වන අලියෙක් දවසකට කිලෝමීටර් තිහ හතළිහක් ඇවිදිනවා. ඒ කෑම හොයන්න විතරක් නෙවෙයි. නිරෝගීව ඉන්නත් ඔය ඇවිදිල්ල අත්‍යවශ්‍යයි. ඉතින් උන් ඇවිදිනවා.

හරි එතකොට ඒ පාද යාත්‍රාවෙයි පස්ස පාත් වෙච්චි ගමන් ලතාවෙයි සම්බන්ධය මොකක්ද වෙද මහත්තයා

අන්න ඒක තමයි හුඟක් දෙනා නොදන්න කතාව. අද මම පත්තරේට කියන්න යන ලෙඩෙත් මේ කතාවට සම්බන්ධයි.

ඒ කිව්වේ

ඔය ගිය හීලෑ අලින්ට අර වගේ ඇවිදින්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. හුඟක් වෙලාවට ඇවිදින්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ දවසකට කිලෝමීටරයක්වත්. බැන්ද තැන එහෙමමයි. කකුල්වලට දම්වැල් දැම්මට එක විදිහකට ඉන්න බැහැ.

මට තේරුණා. වන අලි හිටගෙන ඉද්දි පැද්දෙන්නෙ නැහැ. අඩි මාරු කර කර ඉන්නෙ නැහැ හීලෑ අලි වගේ.ඔය තේරුනේ යසට. හීලෑ අලි අඩි මාරු කරමින් පැද්දෙන්නේ ඇවිදින්න නැති සාංකාව මඟහරවා ගන්න. ඒක ඉතින් ඇවිදීමට විකල්පයක් නෙවෙයි. නිකම් ඉද්දි පතුල ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීමක් සිද්ධ වෙනවා.

ඒ කැල්සියම් නෙරු තද වෙන කොට ඇතිවෙන වේදනාව නිසයි අර විදිහට ඇවිදින්නේ. ඒ වේදනාවත් දරාගෙන තමයි සංචාරකයො පස් හය දෙනෙකුත් පිට උඩ තියාගෙන සෆාරි යන්නෙ. කතාවෙන් කතාව සුපිරි වෙළෙඳසැලකට ගොඩවැදුණා. වෙද මහත්තයාව දැකපු සේවිකාවක් හීලෑ ඇත් ගමනින් ඉදිරියට පැමිණියාය.

වෙද ගෙදරට යන්න හිතාගෙන හිටියේ. අනේ වෙද මහත්තයා උදේ නැගිටිද්දි පය තියලා ඇවිදින්න බැහැ. විලුඹ බිම තියලා ඇඟිලිවලින් ඇවිදින්නේ. හරිම වේදනාවයි.පතුලේ කැල්සියම් තැන්පත් වෙලා. අපි මේ කතා කරමින් ආවෙත් ඔය ගැන. එන්නකො ඒ පැත්තෙ ප්‍රතිකාරයක් කරමු.ඔන්න හොරිවිල යෑමේ වාසිය. දුරකථන සංවාදයේදී මේ වගේ සජීවී අවස්ථා මඟහැරෙනවා.

මොනවද මේ ආබාධයේ රෝග ලක්‍ෂණ

ප්‍රධානවම විලුඹ අවට ඉදිමීම සහ වේදනාව උදේම ඇඳෙන් බැහැලා ඇවිදින්න බැරිකම, දිගු වේලාවක් වාඩිවෙලා ඉඳලා නැගිටිද්දීත් එහෙමම වෙනවා. කොරවක්කා නෙළුම් කොළේ උඩ යනවා වගේ ගමන.

ස්ථීර ප්‍රතිකාර දේශීය වෙදකමේ තියෙනවද?

මොකද නැත්තෙ. කැල්සියම් දියකර හැරීමේ විස්මිත ප්‍රතිකාර මේ වෙදකමේ තියෙනවා.

වෛද්‍යාචාර්ය
සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර

අජන්ත ජයසේකර ✍️







 

TAGGED: Calcium, horiwila weda gedara, Neurological diseases, santha senevirathne
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?