නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එක උරහිසකට වැඩි බරක් යෙදෙව්වාම හැදෙන ලෙඩේට බෙහෙත් කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

එක උරහිසකට වැඩි බරක් යෙදෙව්වාම හැදෙන ලෙඩේට බෙහෙත් කරන්න

Published November 20, 2023

Painful arc syndrome

කළුතර යන්න හිතාගෙන කෝච්චියට ගොඩවුණා. ලොකු කලබෑගිනියක්. බෑග් එක තියා ගන්නවත් රාක්කවල ඉඩක් නැහැ. මගේ ළඟම හිටියා මැදි වයසේ මහත්මයෙක් ඔහුගේ එක අතක ලොකු බෑග් එකක් තියාගෙන කෝච්චිය පැද්දෙන රිද්මයට ඔහුත් එහාට මෙහාට වැනෙමින් සිටියා. ආසන්නයේ හිටපු කෙනෙක් ඔහු දෙස බැලුවේ ලොකු නොරිස්සමකින්. හරියට අනිත් සීට් එකක්වත් අල්ලා ගන්නකෝ කියන්නා වගේ.මෙතනින් අල්ලා ගන්න මහත්තයා පොඩි ඉඩක් ලබා දෙමින් මම කිව්වා.

අසරණ හිනාවක් මුවට නැඟුණා. උරහිසේ අමාරුවක් තියෙනවා. වැඩි වෙලාවක් අත බාගේටවත් උස්සාගෙන ඉන්න බැහැ. ඒකයි මේ. රවමින් සිටි උදවිය අනුකම්පාවෙන් ඔහු දිහා බැලුවා. දෙන්න අන්කල් බෑග් එක වාඩිවෙලා හිටපු දියණියක් කිව්වා. මම ඔහු සමග කතා කළා. මරදානෙන් බැහැලා යනකම්ම ලෙඩේ ගැනයි කතා බහ. දකුණේ කළුතර දුම්රිය පොළේ ආපන ශාලාවෙන් කෝපි කෝප්පයක් බොන අතරේ හොරිවිල සාන්ත වෙද මහත්තයාට දුරකථන ඇමැතුමක් ගත්තා. ලෙඩා ගැන විස්තර කිව්වා

මේ ෆෝෂන් ෂෝල්ඩර් නෙමෙයි නේද?

නැහැ. රෝග ලක්‍ෂණ අනුවනම් ස්ථිරවම පේන් ෆුල් ආර්ක් සින්ඩ්‍රෝම් කියන ආබාධය. ආයේ දෙකක් නැහැ.

පැහැදිලි කරන්නකො මේ ආබාධය ඇති වෙන විදිහ ගැන

මේ ආබාධය හේතු කීපයක් නිසා ඇති වෙන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධානම කාරණා තුන හතරක් තියෙනවා.

බරක් එසවීමේදී දෙපා සමබරව නොතබා දණ හිස් සන්ධි සෘජුව තබා ගැනීම.

එක උරහිසකට නිතර වැඩි පීඩනයක් යෙදීම. (හුරු අතේ දණහිසේ ගමන් මල්ල ගෙනයාම වැනි)

යම් එසවීමකදී, ගැස්සීමකදී ඇතිවෙන නුහුරු තෙරපීම.

බරින් වැඩි ගමන් මලු හෝ බඩු බාහිරාදිය නිතර ඔසවා ගෙන යාම.

එක් උරහිසකට නිතර වැඩි බරක් යෙදීම.

එක ඇලයකට නිදා ගැනීම.

එක් උරහිසකට (හුරු අතේ) වැඩි බරක් යෙදෙන රැකියාවල නිරත වීම.

මෙන්න මේ කාරණා එකක් හෝ කීපයක් නිසා පේන් ෆුල් ආර්ක් සින්ඩ්‍රෝම් කියන ආබාධය ඇති වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා.

මේ ආබාධයේදී මොන විදිහේ අපහසුතාද රෝගියාට අත් විඳින්න ලැබෙන්නේ?

ෆ්‍රේෂන් සෝල්ඩර් වගේ නෙවෙයි, සිරුරෙන් පිටතට උස්සන්න හිතම තමයි වේදනාව ඇති වෙන්නේ. මේ අවස්ථාවේදී උරහිසේ මැද හරියෙන් වේදනාව ඇති වෙනවා. අර කිව්ව කාරණාවලට අමතරව උරහිසේ ඛණ්ඩරාවකට හානි වීම, කැල්සියම් තැන්පත් වීමක්. උරහිස ආශ්‍රීත පේශියකට සිදුවන බලපෑම, පේශියක්, ඛණ්ඩාරාව ඉරියාමක් වගේම උරහිස අවට ව්‍යුහයේ ඇතිවෙන ආබාධ නිසාත් මෙම ආබාධය ඇති වෙනවා.

ෆ්‍රෝෂන් ෂෝල්ඩර් වගේ උරහිස් කුහරය ගල්වීමක්ද මෙතනදිත් වෙන්නෙ?

නැහැ. ආබාධයකදී අතේ චලනයට බාධා ඇති වෙන්නේ නැහැ. උරහිසට සමාන්තරව අත එසවෙද්දී තමයි වේදනාව ඇති වෙන්නේ අත පහළට දාගෙන ඉද්දි ගැටලුවක් නැහැ.

වේදනාවක් නැතුව සාමාන්‍ය මට්ටමට අත උස්සන්න පුළුවන්ද?

යම් තරමක වේදනාවක් එනවා. නමුත් අර කිව්ව මට්ටමට තරම් නැහැ. ඒ කොහොම වුණත් වැඩක් පලක් කරන්න හොඳ නැහැ. අත පහතට දාගෙන බරක් ඔසවාගෙන යන්න බැහැ. වේදනාව මතුවෙනවා වගේම ආබාධය තවත් උත්සන්න වෙනවා.

බටහිර වෙදකමේදී මේ වගේ තැන්වලදී තාප ප්‍රතිකාර කරනවා නේද?

ඔව්… හැබැයි ඊට අවුරුදු දාස් ගානක ඉඳලා අපි දේශීය වෙදකමේදී තැවිලි පොට්ටනිවලින් කරන්නෙත් ඒකම තමයි. සෘණ චිත්සක ප්‍රතිකාරත් අපිට ආගන්තුක දෙයක් නෙවෙයි. අවශ්‍ය තැනට ගැළපෙන ව්‍යායාම නිර්දේශ කිරීම සිදුකරනවා.

ඒ කියන්නේ ඔබතුමා කරන්නේ පරිපූර්ණ වෙදකමක් එහෙමද?

ආයෙ නැතුව අපේ පරම්පරාව වටිනාකම ඒකයි. බොහොමයක් වෙද පරම්පරාවල දැනුම නැති වෙන්න හේතුව තමයි පරපුර අඛණ්ඩව නොපැවතීම ගුරු මුෂ්ඨිය වගේම රහස් තාම ඖෂධවල. උදාහරණයක් කිව්වොත් පුබ්බර නැට්ටා කියන්නේ කරාබු නැටිවලට….

වෛද්‍යාචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු
රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර

අජන්ත ජයසේකර

 

TAGGED: Heat treatment, Painful arc syndrome, Shoulder, western medicine
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?