නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නූලෙන් නැටවෙන චරිත ඇති කෞතුකාගාරයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නූලෙන් නැටවෙන චරිත ඇති කෞතුකාගාරයක්

Published November 6, 2023

දකුණු පළාතේ බලපිටිය” අම්බලන්ගොඩ කියන්නේ රූකඩ කලාවේ තිඹිරිගෙය කිව්වොත් නිවැරදිය. අපේ රටේ මේ පාරම්පරික ශිල්ප පරම්පරාව දවසින් දවස අපට අහිමි වන ප්‍රවණතාවක් බිහි වී තිබෙනවා. අපේ දරුවන් බටහිර “මපට්” සංදර්ශන බොහොම සතුටින් නරඔනවා. නමුත් නූලක නැටවෙන රූකඩයකින් මැවෙන අසිරිය ගැන ඔවුන් දන්නෙ නැහැ. යුනෙස්කෝව විසින් 2017 වසරේ මාර්තු 21 වැනිදා රූකඩ කලාව ලෝක උරුමයක් විදිහට නම් කළා. නමුත් අපේ රටේ ජීවත්වන අපි මේ ලෝක උරුමයේ අභිමානය තවමත් හඳුනාගෙන නැහැ.ඒ අතර බලපිටිය” පොකුණ පාර උපත ලැබූ ජී’ ගාමිණී විජේසිරි පාරම්පරික රූකඩ ශිල්ප පරම්පරාවේ හතරවැනි පුරුක බැව් අභිමානයෙන් සඳහන් කරනවා’ එහෙමනම් මේ අසිරිමත් කලාවේ වංශකතාව දිගහරින්නට ඔහුට අවසර දෙමු…

පොඩි සිරිනා ගුරුතුමා කියන්නේ මගේ සීයා. රූකඩ පරම්පරාවේ මුල් පුරුක ඔහුයි. කොටින්ම කිව්වොත් රූකඩ ශිල්පය දකුණු පළාතට ආවේණික වුණත් එය සංදර්ශනයක ආකාරයට ඉදිරිපත් කිරීමේ කලාව ගොඩනැගුවේ මගේ සීයා කිව්වොත් නිවැරදිය. 1922 වසරේ වේල්ස් ආදිපාදවරයා ලංකාවට පැමිණි වෙලාවේ මගේ සීයාට රන් පදක්කමක් සහ රුපියල් 500 ක ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. සීයාගෙන් පසුව මගේ තාත්තා මේ රූකඩ කලාව ඉදිරියට අරගෙන ගියා. ඔහුගේ ඇවෑමෙන් මමත් මගේ සහෝදරයනුත් මේ කලාව තව දුරටත් ආරක්ෂා කරගෙන ඉදිරියට රැගෙන යනවා.

ඔබේ පුතා තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙකු බැව් සඳහන් කළා. නමුත් ඔහු රූකඩ කෞතුකාගාරයක් ආරම්භ කිරීමට අදහස් කළේ ඇයි?

දකුණු පළාත රූකඩ කලාවට ප්‍රසිද්ධ වුණත් කිසිම තැනක රූකඩ කලාවේ ඉතිහාසය ගැන හෝ අපේ පුරාණ රූකඩ එකතුවක් නැහැ. මේවා පරම්පරාව සමග නැතිවනවා. ඒ නිසා මගේ පුතාට රූකඩ කෞතුකාගාරයක් ආරම්භ කරන්න අවශ්‍ය වුණා. යුනෙස්කෝව විසින් 2017 වසරේ මාර්තු 21 වැනි දා රූකඩ කලාව ලෝක උරුමයක් විදිහට නම් කළා. ඒ අනුව අපේ කෞතුකාරයත් එදා ආරම්භ කළා. එය “ Puppet of Lanka ” යන නමින් නම් කළා.

රූකඩ කෞතුකාගාරය ගැන කිව්වොත්?

මේ කෞතුකාගාරයේ තියෙන රූකඩ එකතුවේ අවුරුදු 100 කට වඩා පැරණි රුකඩ තිබෙනවා. අපි සංදර්ශන වෙනුවෙන් ඒවා රැගෙන යන්නේ නැහැ. සංදර්ශන වෙනුවෙන් වෙනම එකතුවක් තිබෙනවා.

සංදර්ශන සඳහා තිබෙන එකතුව ගැන විස්තර කළොත්?

අපේ සම්ප්‍රදායික රූකඩ සංදර්ශන අතර “දික්තල කාලගෝල” “වෙස්සන්තර’‘ “සිරිසඟබෝ” “සාලිය අසෝක මාලා” වැනි කතා තිබෙනවා. ඒ වගේම ඕනෑම රූකඩ සංදර්ශනයක් ආරම්භ කිරීමට පෙරාතුව සරස්වතී රංඟනයක් තිබෙනවා. එතැනින් පසුව “බහුරු කෝලම” රංගනය ඉදිරිපත් කරනවා. ඊට පසුව කරත්තයක් පැමිණෙන දර්ශනයක් ඉදිරිත් කරනවා. පාරේ යන පිරිමි දරුවෙක් එතැනට එනවා. පොලිස් නිලධාරියෙක් ඇවිත් රූකඩ නිධාන කතාව ඉදිරිපත් කරනවා. හැම සංදර්ශනයකටම පෙරාතුව මේ සිදුවීම් වේදිකාවේ ඉදිරිපත් කරනවා.


රූකඩය සම්පූර්ණයෙන්ම නූල මත නැටවෙන නිසා විශාල වගකීමක් තිබෙනවා නේද?

ඔව්. අපි රූකඩ සංදර්ශන ඉදිරිපත් කිරීමේදී වේදිකා දෙකක් හදාගන්නවා. සාමාන්‍ය වේදිකාවට වඩා අඩි එකහමාරක් පමණ ඉහළින් තවත් වේදිකාවක් ඉදිකරනවා. රූකඩයේ නූල තියෙන්නේ ඉහළ වේදිකාවේ සිටින ශිල්පියා අතයි. සාමාන්‍ය නාට්‍යයක වගේම පසුබිමෙන් සංගීතය සහ ගායනා ඉදිරිපත් වෙනවා. නූල අත තිබෙන ශිල්පියා දෙබස් කියන අතර ඊට අනුරූපව නූල සමග රූකඩය හසුරුවන්න ඕන.

රූකඩ හදාගැනීම ගැන…

රූකඩ හදන්නේ කදුරු ලීයෙන්. මේ ලීය කල්පවතිනවා. ඒ වගේම කාලයත් සමග සැහැල්ලු වෙනවා. මෝරපු කදුරු ලී රූකඩ කපාගැනීමට යොදාගන්නවා. අතීතයේදී මේ වෙනුවෙන් මෝරපු කදුරු ගස් තෝරාගත්තා. ඒ වගේම ගහ කපන්න සුබ දිනයක්, නැකතක් වගේම ගස කැපීමට පෙරාතුව සිදුකළ යුතු වත්පිළිවෙත් තිබුණා. අද නම් ඒ කිසිම දෙයක් නැහැ.

රූකඩ සිතුවම් කිරීමටත් ඒ දවස්වල ගස්වල කොළ, පොතු සහ දොරණ තෙල් වගේ අමුද්‍රව්‍ය යොදාගත්තා. අද නම් ඒ විදිහටම නැහැ. විවිධ වර්ණ තිබෙනවා. පැරණි ශාකසාර ආලේප රූකඩ තවම අපි ළඟ තිබෙනවා. මේවා දැන් අවර්ණ වුණත් අපි අලුතින් තීන්ත ආලේප කරන්නේ නැහැ. එහෙම කළොත් කෞතුක බව නැතිවනවා.

රූකඩ රංගන ප්‍රදර්ශන වෙනුවෙන් ඇති ඉල්ලුම කොයි වගේද…

1982 ට පෙරාතුව ඒ කියන්නේ රූපවාහිනිය ජනප්‍රිය වීමට පෙරාතුව නම් රූකඩ සංදර්ශන වෙනුවෙන් හොඳ ඉල්ලුමක් තිබුණා. හැබැයි අද වගේ ප්‍රවාහන පහසුකම් නැහැ. ඒ වුණත් මාස ගණනාවක් පුරා සංදර්ශන පවත්වමින් රට පුරාම අපි ගියා. නමුත් දැන් රූකඩ ශිල්පීන්ට එවැනි ඉල්ලුමක් නැහැ. රූකඩ කපන අයට පවා අලෙවියක් නැහැ. එදා රූකඩ කලාවෙන්ම හත්අට දෙනෙකුගේ පවුලක් රැකුණා. නමුත් අද එක දරුවෙක් සිටියත් නඩත්තු කරන්න තරම් ආදායමක් රූකඩ ප්‍රදර්ශනවලින් ලැබෙන්නේ නැහැ.

මේ තත්ත්වය හෙට දවසේදී තවත් නරක අතට හැරෙන්න පුළුවන්. දැන් හැම කෙනෙක්ම හුදෙකලා චරිත විදිහට ජීවත් වෙන්න කැමැතියි. රූකඩ සංදර්ශනයක් වුණත් සමාජ මාධ්‍ය ජාලාවකින් නරඹනවා. නමුත් සමූහයක් එකතුවෙන තැනකට ගොස් සජීවිව නරඹන්න කැමැති නැහැ. ඒ නිසාම දැන් සංදර්ශන වෙනුවෙන් වැඩි ඉල්ලුමක් නැහැ.

විශේෂයෙන් අද පාසල් දරුවන් අතර රූකඩයක් කියන්නේ මොකක්ද කියල අහලාවත් නැති දරුවන් සිටිනවා. මේ තත්ත්වය එතරම් සුබ නැහැ. පාරම්පරික රූකඩ කලාව ගැන අනාගත පරම්පරාව දැනුවත් නොවීම තුළ හෙට දවසේ රූකඩ කලාවේ අනාගතයක් ගැන හිතන්න බැහැ. ඒ නිසා දැන් පරම්පරාව මේ කලාව මත රැඳෙන්නේ නැහැ. ඔවුන් වෙනත් ආදායම් මාර්ග සොයාගෙන යනවා. අපට වුණත් දැනට ශිල්පීන් 30 ක් පමණ සිටියත් අලුතින් ශිල්පීන් කලාවට එකතුවීමක් නැහැ.

ප්‍රාදේශීය වශයෙන් සඳහන් කරනවා නම් වෙසක්, පොසොන් වගේ උත්සව කාලයට රූකඩ සංදර්ශන වෙනුවෙන් ඉල්ලුම ලැබෙනවා. ඊට අමතරව දිවයින පුරා විවිධ පාසල් සහ ආයතන සහ සුබසාධක සංගම්වලිනුත් ඉල්ලීම් තිබෙනවා. විදේශිකයන්ගෙන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ කෞතුකාරය නරඹන්න වගේම වෙනම පවත්වන රූකඩ සංදර්ශන නරඹන්න ඔවුන් බොහොම කැමැතියි. පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගත තත්ත්වය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවුණා. දැන් නම් පැමිණිීම වැඩි වෙමින් තිබෙනවා.

ජාතික උරුමයක් පමණක් නොවේ අද රූකඩ කලාව ලෝක උරුමයක් බවටත් ප්‍රකාශිතයි. එවැනි ජන උරුමයක් ආරක්ෂා කිරීම, සංරක්ෂනය කිරීම රජයක වගකීමක්. නමුත් ඔවුන්ගෙන් ඒ වගකීම ගිලිහෙන නිසාම අපි මේ කලාව රකින්න කෞතුකාගාරයක් පවා ආරම්භ කළා. නමුත් අපට පසුව බිහිවෙන පරපුර මේ උරුමයන් ආරක්ෂා කරයිද යන්න ගැන නම් සහතික වෙන්න බැහැ. ඒ නිසා රජයක් විදිහට දේශීය ජන උරුමයන් රැකගැනීමේ වගකීම ගැන මීට වඩා සිතන්න කාලය ඇවිත්.

දෙමවුපියන් වුණත් දරුවන්ට රූකඩ සංදර්ශනයක් නරඹන්න හෝ රූකඩයක ක්‍රියාකාරීත්වය දැක බලාගන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒත් මපට් සතෙක්, රොබෝ කෙනෙක්, නයිට් රයිඩර්, ස්පයිඩර් මෑන් වගේ බටහිර කතන්දරවල එන සංකල්පවලට බිහිවෙන විවිධ මෙවලම් මිලට ගැනීමට පවා උනන්දුයි. නමුත් වැඩිහිටියන් විදිහට ඔබේ දරුවන්ටත් අපේ ජනඋරුමයන් ගැන අභිමානයක් බාල කාලයේ පටන්ම ගොඩ නගන්න. එවිට අපේ අතීත උරුමයන් සංරක්ෂණය කිරීමේ වගකීම ඔවුන්ටත් දැනෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Gamini Wijesiri, museum, Puppet, Puppet of Lanka, Puppet show
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?