නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලංකාවේ විශාලතම ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට යමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලංකාවේ විශාලතම ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට යමු

Published November 6, 2023

පහුගිය කාලයේ අපේ රටේ බොහෝ දෙනෙක්ට දැඩි සත්කාර ඒකකයක ක්‍රියාපිළිවෙළ ගැන පුදුම විදිහේ ප්‍රශ්න තිබුණා. ඒවායින් වැඩි අවධානයක් යොමු වී තිබුණේ කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකය සම්බන්ධවයි. සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන බොහෝ දෙනෙක් තම තමන්ගෙ බුද්ධි මට්ටමට අනුව අමුතු කතා ගොතන්නත්, ගෙතුණු කතාවලට පිළිතුරු දෙන්නටත් ගිය අවස්ථා ඕනැතරම් අපට දකින්න ලැබුණා.

නමුත් ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයක ක්‍රියාපිළිවෙළ දැඩි වගකීමකින් සහ අවධානයකින් සිදුවන බව දන්නා අපි ඒ ගැන සොයාබලන්න ලංකාවේ විශාලතම ස්නායු ශල්‍ය ඒකකය සහ දැඩි සත්කාර ඒකකය තිබෙන කොළඹ ජාතික රෝහලට ගියා. එහිදී අපට දැකගන්නට ලැබුණේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකක ( Intensive Care Unit ) 08 ක් සහ අධි නිරික්ෂණ ඒකක ( High Dependency Unit (HDUs)) 02 ක් කොළඹ ජාතික රෝහල සතු වන බවයි. ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයක රෝගීන්ට ප්‍රතිකාර කරන තාක්ෂණයෙන් දියුණු උපකරණ සහිත දැඩි සත්කාර ඇඳන් 08 බැගින් පවතී. මෙය වෙනත් විදියකින් කියනවානම් ලංකාවේ තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් වලින් 10% ක ප්‍රතිශතයකි.

දැඩි සත්කාර ඒකකයකින්…

ඕනෑම දැඩි සත්කාර ඒකකයකින් සිදු වන්නේ අසාධ්‍ය තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගේ ඉන්ද්‍රියන්ට අවශ්‍ය ආධාර බාහිරින් ( Organ Support ) ලබා දීමයි.

ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයකින්…

ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයකින් සිදුවන්නේ මොළය හා සුෂුම්නාව සම්බන්ධ ශල්‍යකර්මවලට යොමු කළ රෝගීන් මෙන්ම මොළය සහ සුෂුම්නාවේ අනතුරු සිදු වූ රෝගීන්ව බලාගැනීමයි. මෙහිදී අප මොළයේ සාමාන්‍ය ශල්‍යකර්ම ( Brain Routine Surgery ) සහ රිය අනතුරු, පහරදීම්, වැටීම් නිසා මොළයට සහ සුෂුම්නාවට හානි සිදුවූ අය වෙනුවෙන් කරන අසීරු ශල්‍යකර්ම කළ සියලු රෝගීන් සඳහා දැඩි සත්කාර කරනු ලබනවා. මෙම ඒකකය අපි හඳුන්වන්නේ Highly Specialized Neurosurgical Unit වශයෙනි.

මෙවැනි ඒකකයකට අයත් ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයකින් පමණයි මොළයට හානි වූ රෝගීන්ගේ මොළයේ පීඩනය මැනීම, සුෂුම්නාවට හානි වූ රෝගීන්ගේ සුෂුම්නාවේ ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කළ හැක්කේ.

තවද මොළයේ ඇතිවන ගැටිති (Brain tumor ), මොළයේ පිළිකා ( Brain cancer) , මොළයේ සිදුවන ලේ ගැලීම් නැවැත්වීම සඳහා කරන ශල්‍යකර්මය ( Brain aneurysm), රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ සිදුවන මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් නැවැත්වීමේ ශල්‍යකර්ම ( Intracerebral hemorrhage) වැනි තත්ත්වයන්ට දැඩි සත්කාර ඒකකයේ ශල්‍යාගාර තුළදී ප්‍රතිකාර සිදුකරනු ලබනවා.

ලංකාවේ විශාලතම ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකය

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම රෝගීන් යොමු කෙරේ. වෙනත් දැඩි සත්කාර ඒකකවලින් සිදුකළ නොහැකි බොහෝ ශල්‍යකර්ම වගේම රිය අනතුරු නිසා හිසට සහ සුෂුම්නාවට හානි වුණු රෝගීන් දිනපතාම වෙනත් රෝහල්වලින් මෙම ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට යොමු කරනු ලැබේ. මෙහි ශල්‍යාගාර පැය 24 පුරාම ක්‍රියාත්මකයි. එයට හේතුව වී ඇත්තේ මොළය සහ සුෂුම්නාව වැනි ඉතා සියුම් කොටස්වල ශල්‍යකර්ම ඉතා ඉක්මනින් කළ යුතු බැවිනි.

ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකක පැය 24 පුරාම ඉහළ අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මකයි…

මොළයේ හෝ සුෂුම්නාවේ ශල්‍යකර්මයකින් පසු රෝගීන් සඳහා දැඩි අවධානයක් ( High attention )  සහ නිරීක්ෂණයක් ( Monitor ) අවශ්‍ය වන බැවින් මෙවැනි ඒකකයක තිබෙන විශේෂිත උපකරණ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. ඒවා සියල්ල පුහුණුවලත් වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ අධීක්ෂණය යටතේ පවතී.

මෙහි හදිසි අනතුරු රෝගීන් සඳහා වෙන් වූ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකක 04 ක් ( Trauma intensive care unit (ICU) ) සහ මොළයේ සහ සුෂුම්නාවේ සාමාන්‍ය ශල්‍යකර්ම කළ රෝගීන් සඳහා වෙන්වූ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකක 04 ක් ( Nontrauma intensive care unit (ICU) ) පවතී.

එම රෝගීන් දැඩි සත්කාරයෙන් පසු යොමුකරන වාට්ටු 02 ක් ද පවතී. සුෂුම්නාවට හෝ මොළයට හානි වීමෙන් පසු මෙම ඒකකවලට ඇතුළත් කරන යම් රෝගීයෙකුට ක්ෂය රෝගය වැනි බෝ වන රෝගයක් හෝ වෙනත් බෝ වන රෝගයක් තිබෙනවා නම් එවැනි රෝගීන්ව වෙනම කාමරයක හුදෙකලා ඇඳක ( ICU – Isolation bed ) ප්‍රතිකාර ලබාදීමට යොමු කරනවා. එවැනි පහසුකම්ද ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකවල තිබෙනවා.

ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරවලින් පසු රෝගියෙකු වාට්ටු සඳහා යොමු කිරීම…

සාමාන්‍යයෙන් මොළයේ හෝ සුෂුම්නාවේ සිදුකරන ශල්‍යකර්ම ඉතාම සංකීර්ණ බැවින් වෙනත් අවස්ථාවලදී මෙන් ශල්‍යකර්මයක් කළ වහාම රෝගියාව අපට අවදි කළ නොහැකියි. එය කළ යුත්තේ පියවරෙන් පියවර රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුවය. විශේෂයෙන් ඔවුන් ක්‍රමානුකුලව හුස්ම ගැනීමේ ආධාරකවලින් ( Ventilator ) ඉවත් කරමින් සාමාන්‍ය හුස්ම ගැනීමේ තත්ත්වයට පත්කරනු ලැබේ. ඉන්පසුව වාට්ටු සඳහා යොමු කෙරේ.

ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකවල දැඩි නිරීක්ෂණයක්…

දැඩි සත්කාර කියන සංකල්පයේම තියෙන්නේ දැඩි නිරීක්ෂණයක් අවශ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම යන්නයි. ප්‍රධාන වශයෙන් රෝගියාගේ රුධිර පීඩනය, රුධිරයේ ඔක්සිජන් මට්ටම, හුස්ම ගැනීමේ ආධාරක නිරන්තරයෙන් පිරික්සමින් මැන බැලීම මෙවැනි ඒකකයක සිදුවේ. ඊට අමතරව මොළය ඇතුළත පීඩනය මනින උපකරණ ( Intracranial Pressure monitoring) මෙවැනි ඒකකයක් තුළ තිබේ.

ඒවා රෝගියාට සම්බන්ධ කර ඇත. ඔවුනේගේ මොළයේ පීඩනය අනතුරුදායක ලෙස ඉහළයනබව නිරික්ෂණය කළවිට නැවත රෝගියා ශල්‍යකර්මයකට යොමු කරයි. සුෂුම්නාවට හානි සිදුවූ අවස්ථාවලදීත් ඉතා ඉක්මනින් අස්ථි මගින් වී ඇති තෙරපුම ඉවත් කළ යුතුවේ. එසේ නොකළහොත් ස්නායු පද්ධතියට හානී සිදුවීමෙන් ජීවිතකාලය පුරාම රෝගියාගේ අතපය පණ නැතිවේ.

ස්නායු ශල්‍ය දැඩිසත්කාර ඒකකයක තිබෙන උපකරණවලට වඩා මිනිස් ශ්‍රමය වැදගත්…

ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයක තිබෙන ප්‍රධාන උපකරණ වලට වඩා වැදගත් වන්නේ එහි සේවය කරන කාර්යය මණ්ඩලයේ දායකත්වයයි. විශේෂයෙන් පුහුණුව ලත් හෙද නිලධාරින්, භෞත චිකිත්සකයන්, විකිරණ ශිල්පීන් මෙන්ම සෞඛ්‍ය කාර්ය සහයකයන් යන සියලුදෙනා ලබාදෙන සහයෝගය රෝගියෙකුගේ ජීවිතය සුරකී. මෙවැනි ඒකකයක තිබෙන වෙන්ටිලේටරයෙන් සිදුවන්නේ රෝගියා තනිව හුස්ම ගන්නාතුරු ස්වසන ආධාර සැපයීමයි.

යම් රෝගියෙකුගේ මොළය මියගිය බව තහවුරු කරගත් විට…

යම් රෝගියෙකුගේ මොළය මියගිය බව නිවැරදිව තහවුරු කරගැනීම සඳහා වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂණ කිහිපයක් සිදු කරනු ලබනවා. ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරු දෙදෙනෙක් දෙවරක් පරීක්ෂා කිරීමෙන් පසු රෝගියාගේ මොළය මියගිය බව තහවුරු කළවිට පමණක් එම රෝගියා කෘත්‍රිම ස්වසනාධාර හෙවත් වෙන්ටිලේටරයෙන් ඉවත් කෙරේ. ලංකාවේ නීති රාමුව තුළ පුද්ගලයෙකුගේ මොළය මියගියහොත් එම පුද්ගලයා මියගිය කෙනෙකු ලෙස සැලකේ.

එවැනි කෙනෙකුගෙන් අවයව ලබාගැනීම පැය 24 ත් 48 ත් වැනි කාලයක් තුළ ඉක්මනින් සිදුකළ යුත්තේ අවයව ලබාදෙන රෝගියාට හොඳ තත්ත්වයේ අවයව ලබා දියයුතු බැවිනි. මොළය මියගිය රෝගියෙකුගෙන් අවයව ලබාගත හැක්කේ පවුලේ කැමැත්ත මත හා රෝගියාගේ අවයව ප්‍රදානයකට සුදුසුනම් ඔහු හෝ ඇය අවයව දානයට සූදානම් කිරීමෙනි.

දැඩි සත්කාර ප්‍රතිකාර පිළිබඳ
විශේෂඥ වෛද්‍ය එරන්ද සංජීව
ස්නායු ශල්‍ය දැඩිසත්කාර ඒකකය
ශ්‍රී ලංකා ජාතික රෝහල

හරින්දී ලියනගේ









 

TAGGED: accident, High Dependency Unit, ICU, Intensive Care Unit, Surgery
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?