නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාටත් ෆේස්බුක් මල වදයක් වෙලාද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔයාටත් ෆේස්බුක් මල වදයක් වෙලාද

Published October 30, 2023

ඔන්න දැන් ශ්‍රී ලංකා සර්ට් ඉන්නවා උදව් කරන්න

සමාජ මාධ්‍ය කියූ සැනින් ඕනෑම කෙනෙකුගේ මතකයට එන්නේ ෆේස්බුක් නැත්නම් යූ ටියුබ් වැනි බොහෝ ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි අද වන විට ලෝක ජනගහනයෙන් බහුතරයක් භාවිතයට යොමුව සිටින දැනුම බුද්ධිය වර්ධනය කර ගනිමින් විනෝදාස්වාදය ද ලැබිය හැකි සමාජ මාධ්‍ය වලට.

නමුත් අද වන විට විකෘති මානසික මට්ටම්වල පසුවන්නන්ගේ අසංවර අරමුණු හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා තවත් කෙනෙකු පීඩාවට පත් වන අන්දමින් අසත්‍ය දුර්මත සමාජ ගත කිරීම අවසරයකින් තොරව කෙනෙකුගේ පෞද්ගලිකත්වය සමාජයට නිරාවරණය කිරීම නින්දා අපහාස සහ අසභ්‍ය ලෙස විකෘති කරන ලද ඡායාරූප පළ කරමින් මඩ ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රියාකාරකම් පළිගැනීමේ චේතනාවෙන් කරනු ලබනවා.මෙවැනි ක්‍රියාවන් සිදු කරන කෙනෙකුට එරෙහිව නීතියේ පිළිසරණ ලබා ගත හැකිද එසේ ලබා ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳව අපි ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු ෂම්මි හේවාමද්දුම ගෙන් විමසුවා….

සමාජ මාධ්‍ය ජාල විශේෂයෙන්ම ෆේස්බුක් හරහා අද වැඩිවශයෙන් කාන්තා පාර්ශ්වය නොයෙක් අපහසුතා වලට ලක්වෙනවා. මේ දේවල් වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

ෆේස්බුක් හරහා වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ යම් යම් වෛර පිරිමසා ගැනීම සඳහා විකෘති කර සකසන ලද (අසභ්‍ය) ඡායාරූප සහ අසත්‍ය මඩ ප්‍රහාර මෙන්ම නින්දා අපහාස වලට ලක් කෙරෙන කාරණා සමාජ මාධ්‍ය තුළට මුදා හැරීමයි. එතෙන්දි ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා හා සම්බන්ධ ෆ්ලැට්ෆෝම් එකෙන්ම අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා ඒ පිළිබඳව රිපෝට් කරන්න. අදාල ඡායාරූපය ක්ලික් කරලා ඒ ඔස්සේ ඉදිරියට යමින් ඒ කටයුත්ත සිදු කරගත හැකියි.

මෙවැනි කටයුතු සම්පූර්ණයෙන්ම සිදු වෙන්නේ ව්‍යාජ ගිණුම් එසේත් නැත්නම් ෆෙක් එකවුන්ට් හරහා…

ඇත්තටම එය බරපතළ තත්ත්වයක්. ඒ වගේම කෙනෙක් දන්නෙ නැතුව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තොරතුරු වගේම ඡායාරූපයක් භාවිත කරලා ව්‍යාජ ගිණුම් අරඹා ඒ හරහා තමන්ට රිදවීමට අවශ්‍ය අය අපහසුවට පත් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. එම තත්ත්වය මැඩපවත්වා ගැනීමට යම් පුද්ගලයෙකුට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ශ්‍රී ලංකා සර්ට් වෙතින් ලබා දෙනවා.

ඒ ඔස්සේ වරදකරුවන් කොටුකර ගැනීමේ හැකියාව තියෙනවද?

මෙවැනි කටයුතු වල යෙදෙන සැකකරුවකු නීතියේ රැහැනට හසුකර ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ Computer Crime Investigation Division  එකට කතා කර අදාළ නිලධාරීන්ගේ සහාය ඇතිව විමර්ශනයක් හරහා සිදුකළ හැකියි. බාල වයස්කාර වින්දිතයෙකු සම්බන්ධ අවස්ථාවකදි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සහය ලබා ගැනීමට හැකියාව පවතිනවා.

සමාජ මාධ්‍ය සහ ජංගම දුරකථන භාවිතය නිසා සිදුවන අපරාධවල ඉහළයාමක් දක්නව ලැබෙනවා

ඇත්තටම සමාජ මාධ්‍ය ජාලා හරහා වන මෙවැනි අසාධාරණකම් අද වෙනකොට විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා. දැනට තිබෙන හොඳම සහ නිවැරදිම විසඳුම තමයි මෙවැනි දේවල් වලට හසු නොවී සිටීමට පරිස්සම් වීම.තමන්ව වර්තමානයේ දී හෝ අතීතයේදී අපහසුතාවයට ලක් වෙයි කියල හිතෙන කිසිම දෙයක් කොපමණ විශ්වාසවන්තයෙකු සමග වත් බෙදාහදා ගැනීම නොකළ යුතුය. කොටින්ම ගැහැනු දරුවන්ව හැමවිටම මෙවැනි අවස්ථා සම්බන්ධයෙන් දැනුවත් කර තැබීම කාලෝචිතයි.

මොකද සිහිවටන සේ ලබාගන්නා ඡායාරූප කෙනෙකුගේ ජීවිතය නැති කරගන්න තරම් එපා කිරීම් ඇති කරවන අවස්ථා අපට ඕනෑ තරම් අසන්නට ලැබෙනවා. සමහර අවස්ථාවල අලුත්වැඩියා කටයුතු සඳහා ලබා දෙන අපගේ ජංගම දුරකථන වල තියෙන ඡායාරූප එම ආයතනවල සේවය කරන පුද්ගලයින් විසින් කිසිදු හේතුවක් නැතිව සමාජ මාධ්‍ය ජාලවලට මුදාහරින බවටත් අපට තොරතුරු ලැබී තිබෙනවා. එමෙන්ම කෙනෙකුගෙන් අස්ථානගත වන ජංගම දුරකථනවල තිබෙන ඡායාරූප විවිධ මානසික මට්ටම් වල සිටින පිරිස් විකෘති කර අසභ්‍ය ඡායාරූප ඇතුළත් වෙබ් අඩවිවලට මුදාහැර ඇති අවස්ථාවන් ඕනෑතරම් තිබෙනවා.

පෙම්වතුන් හමුවන අවස්ථාවල ඡායාරූප ගැනීම සාමාන්‍ය දෙයක්. ඒත් යම් හෙයකින් දෙදෙනා අතර පැවැති සම්බන්ධය නතර වූ පසු පලිගැනීමක් ලෙස ඡායාරූප විකෘතිකර සමාජගත කරනවා…

මේ හැම සිදුවීමකින්ම විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය ආරක්ෂා වීමට නම් දීමටද ඇති එකම උපදේශය පෙම්වතා සමග නොව තමන්ගේ සැමියා සමග වත් අනවශ්‍ය අඩ නිරුවත් පෙමින් වෙලී සිටින ආකාරයේ ඡායාරූප ලබා ගෙන ඒවා ජංගම දුරකථන වල තැන්පත් කර තබා ගැනීම නොකළ යුතු බව තමයි.

එයින් තමන්ට අතවශ්‍ය ඡායාරූපයක් හෝ ඊළඟ ලබාගැනීමේ අයිතිය කෙනෙකුට නැති වෙනවා….

ඕනම කෙනෙක් සමාජ මාධ්‍ය ජාල භාවිත කරනවානම් ඒ සඳහා පෞද්ගලික ආරක්ෂක සැකසුම් භාවිත කිරීම අනිවාර්ය විය යුතුයි. ශක්තිමත් මුරපද ( Password )භාවිත කිරීමත් ඒවා කෙතරම් විශ්වාස වෙනත් කිසිවකු හා හුවමාරු නොකර ගැනීමටත් වගබලා ගත යුතුයි. බොහෝවිට පෙම්වතුන් Password  හුවමාරු කරගන්නවා. ඒත් සම්බන්ධය Breakup වූ සැනින් අනිකාගේ ෆෙස්බුක් එකවුන්ට් එකට යම් යම් බලපෑම් කරනවා. සමහර අවස්ථා තිබෙනවා නීතියෙන් වෙන්වූ සමහර දෙනා පෙර තමන්ගේ සැමියා හෝ බිරිඳ ගෙන් පළිගැනීමේ රිදවීමේ චේතනාවෙන් එවැනි දේ කරනවා.

කාන්තාවකට මේ දේවල් වලින් ආරක්ෂා වීම සඳහා දිය හැකි විශේෂ වූ උපදේශයක් තියෙනවද?

හැමවිටම තමන් ඇසුරු කරන පුද්ගලයන් හා සමාජය දෙස අවදියෙන් සිටිය යුතුමයි. පෞද්ගලික තොරතුරු කිසිවකු සමග අනවශ්‍ය ලෙස බෙදා හදා ගැනීමෙන් වළකින්න. විවිධ ඇප් හරහා ඔබගේ ඡායාරූප සහ වෙනත් තොරතුරු විකෘති කර ඔබටම ලබාදී තර්ජනය කර බිය ගන්වන්නට විකෘති මානසිකත්වයෙන් පෙළෙන අවස්ථාවාදීන් පෙළඹෙනවා. ඔවුන්ගේ බහට එකඟ නොවූ තැන එකී අසත්‍ය තොරතුරු සමාජගත කරන බව පවසමින් කප්පම්, ලිංගික අල්ලස් ඉල්ලා තර්ජනය කළ හැකියි.

කිසිම විටෙක එවැනි අවස්ථාවලදී බියට පත්ව එම අපරාධකරුවන්ට එකග වී කටයුතු කිරීම සිදු නොකළ යුතුයි. එසේම එවැනි අවස්ථාවක නීතියේ පිහිට පැතිමට දැනුවත්වන්න.එවැනි ඡායාරූප හෝ ව්‍යාජ ගිණුම් ඉවත් කරගැනීමට තාක්ෂණික සහයෝගය 101 අංකය හරහා ශ්‍රී ලංකා  සර්ට් ආයතනය ඇමතිය හැකියි.

ප්‍රධාන තොරතුරු
ආරක්ෂණ ඉංජිනේරු
ෂම්මි හේවාමද්දුම
ශ්‍රී ලංකා සර්ට් ආයතනය

ධම්මික හේවාවසම්

TAGGED: facebook, fake account, harassment
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?