නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කරදරකාරී කෘමීන් අපේ ක්‍රමයට මට්ටු කරමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කරදරකාරී කෘමීන් අපේ ක්‍රමයට මට්ටු කරමු

Published October 30, 2023

කෘමි සතුන් ආහාර සහ ජීවත් වෙන්න තැන් හොයනකොට අපේ ගෙවල්වලම ජීවත් වෙන්න තෝරාගන්න ප්‍රධාන හේතුව තමයි ආහාර සහ ආරක්ෂාව ඔවුන්ට උපරිමයෙන් ලැබෙන එක. අවාසනාවට මේ සතුන් නිසා අපට සහ අපේ නිවසට විවිධ කරදර ඇතිවෙන්න පුළුවන්. සමහර කෘමි සතුන් ලී, පැළ වර්ග, රෙදි ආහාරයට ගන්නවා. තවත් සමහර සතුන් නිසා ආහාර විස වෙනවා. ඉතින් මේ වගේ කරදරකාරී සත්තු අපට ඇතුවත් බැහැ නැතුව බැහැග මේ සතුන් මරන්නෙ නතුව අපේ ගෙවල්වලින් අයින් කරන්න පුළුවන් ස්වාභාවික ක්‍රම ඕනෑ තරම් තියෙනවා.

මදුරුවෝ අයින් කරන්නෙ කොහොමද?

ඇත්තටම මදුරුවා කියන්නේ අපිට ලේසියෙන් අතාරින්න පුළුවන් කෘමියෙක් නෙමෙයි. ඩෙංගු, මැලේරියා වගේ රෝග පැතිරෙන්න පුළුවන්. ගෙදරක හවස් වෙද්දි මදුරුවො පිරිලා තියනවානම් අපිට පුළුවන් පැඟිරි තෙල් ටිකක් ස්ප්‍රේ කරන්න. නැත්තන් දුම් ගහන්න. එතකොට මදුරුවන්ට ඉන්න බෑ. කජු ලෙලි දුම්, කොහොඹ කොළ දුම් වගේම කට්ටකුමන්ජල්වලටත් මදුරුවන්ට දරාගන්න අමාරුයි.

මැස්සන්ට තිත

සමහර ගෙවල්වල කෑමක් හදන්න ගත්තත්, මාළු ටිකක් සුද්ද කරන්න ගත්තත් සින්ක් එක පුරාම මැස්සො. මෙයට කරන්න තියෙන්නෙ බොහෝම පොඩි දේවල් ටිකක් විතරයි.ඔයාමේ ගෙදර හොඳට එළිය වැටෙන උළුවස්සට ලණුවක් දාලා ඒකෙ එහා මෙහා පේන ඉටි බෑග් එකකට තඹ කාසි කිහිපයක් දාලා එල්ලලා තියන්න. මැස්සො අහලකවත් ඉන්න එකක් නැති වෙයි.

ඒ වගේම සුවඳ හදුන්කූරු පත්තු කරන්න. කුරුඳු තෙල් ටිකක් ස්ප්‍රේ ගන් එකකට දාලා මැස්සො ගැවසෙන තැන්වල ස්ප්‍රේ කරන්න.ඒ වගේම පිලී ජාති ගොඩක් එළියෙ නොතියා ඉන්න වගබලාගන්න. හැමවෙලේම කුස්සිය පිරිසිදුවට තියාගැනීමටත් ඔබ වග බලාගන්න ඕනේ. මැස්සො නොඑන්න එකත් එක් හේතුවක්. ඒ වගේම කොහොඹ තෙල් පහනක් පත්තු කරන්නත් පුළුවන්. පිළියම් විදියට කුස්සිය නිල් පාටින් පේන්ට් කිරීම, නිල් පාට ටයිල් ඇල්ලීම වගේ දේවල්වලිනුත් මැස්සො අඩු කරගන්න පුළුවන්.

කැරපොත්තොන් ඉවත් කරන්න

මුලින්ම අපි බලන්න ඕනි කැරපොත්තො බෝ වෙන්න හේතු සාධක අපි ඉතුරු කරනවද කියලා. ගෙදරක ගත්තොත් කුස්සියෙ විවිධාකාර කෑමවර්ග තියනවනේ. ඉතින් අපි කුස්සියෙ වැඩ ඉවර වුණාම අස් කරලා කුණු එහෙම හරියට බැහැර කරන්න ඕනෙ. එහෙම නැති වුණාම තමා මේ වගේ සත්තු බෝ වෙන්නෙ. බලන තැන් තැන්වල කෑම වැටිලා තියෙනවනම් ඒවා එවෙලෙම අයින් කරන්න.

ඒ වගේම කුරුඳු කොළ ටිකක් තලලා කැරපොත්තො එන තැන්වලට දාන්න. පැඟිරි සුවඳටත් කැරපොත්තො ආස නෑ. ඒ නිසා පැඟිරි තෙල් ටිකක් ස්ප්‍රේ කරන්න. ඒ කියන්නෙ ඔයා කුස්සිය, බාත්රූම් එක එහෙම පිරිසිදු කරනකොට ලෙමන් යුෂ හරි පැඟිරි මිශ්‍ර දෙයකින් පිරිසිදු කළාම කැරපොත්තො ආයෙ එන්නෙ නැහැ. තව අපිට පුළුවන් පෙපර්මින්ට් ඔයිල්වලට විනාකිරි කලවම් කරලා ස්ප්‍රේ කරන්නත්. ඒකෙන් සත්තු එන්නෙ නෑ වගේම හොඳ සුවඳකුත් ලබාගන්න පුළුවන්.

මීයන්ට

මීයෝ කියන්නෙ නම් හරිම අප්‍රසන්න කරදරයක්. කුස්සියේ, කාමරවල ඕන තැනක කූඩු හදන් අපිට කරදර කරන ජාතියක් තමයි මේ මීයා කියන්නෙ.අපි මුලින්ම කරන්න ඕනේ ගෙදරකට මීයො එන්න පුළුවන් ආකාර ටික නතර කරන එක. කුණු වුණත් නිසි විදියට බැහැර කරන්න ඕනෙ. ඒ වගේම දැනටමත් මීයෝ බෝ වෙලා ඉන්නවනම් ඔයාලගෙ පොත්පත් ඇඳුම් වුණත් බේරගන්න බැරුව ඇති නේද? අල්මාරියට කපුරු බෝල ගෙනත් දාන්න. මීයෝ ඒ සුවඳට කැමති නෑ. ඒ වගේම ගෙදරට හොඳ පූසෙක් ගේන්න. නිතර පූසගේ සද්දෙ ඇහෙනකොට මීයෝ ඉන්නෙ නෑ. ඒවගේම මී කූඩුවක් ගෙනල්ලා පුච්චපු කරෝල කෑල්ලක් හරි පුච්චපු පොල් කෑල්ලක් හරි වගේ අමුණලා තියලා මීයා පණ පිටින් අල්ලගන්න පුළුවන්.

කූඹින්ව පාලනය කරන හැටි

කූඹි කිව්වම විවිධාකාර කූඹි වර්ග ඉන්නවනේ. මේවයින් අපිට කරදරයක් නැති කූඹි වගේම කරදරකාරී කූඹිත් ඉන්නවා. ඒත් ඉතින් එහෙමයි කියලා සත්තු විනාශ කරන්න අපිට අයිතියක් නෑනේ. කළු කූඹීන්ගෙන් නම් කිසි කරදරයක් නෑ. ඒ වුණාට නයි කූඹි, කඩි වගේ අයගෙන් හරි කරදරයි. කෑම මේසෙ නම් කකුල් 4 ට පොඩි වතුර භාජන 4 ක් තියන්න. තවත් විදියක් නම් වතුර ටිකකට සීනි හා බොරැක්ස් කුඩු දිය කරලා ඒක ස්ප්‍රේ කරන්න කූඹි ඉන්න තැන්වල. ඒ වගේම හොඳට හිරු එළිය වැටෙන්න සලස්වලා තියනකොට කූඹි වහනවා අඩුයි. වතුර සමඟ විනාකිරි කලවම් කරලා ස්ප්‍රේ කළාමත් කූඹි එන්නෙ නෑ. උණු වතුර ටිකකට ලෙමන් මිශ්‍ර කරලා ඒකෙන් මොප් කරන්න. ඒකත් හොඳ විසඳුමක්.

වේයන්ට

ගෙවල්වලට එන වේයො කරදරය නම් ඉවසන්නම බැරි දෙයක්. රසායනික ක්‍රමවලින් තොරව ස්වභාවිකව අයින් කරන්න නම් අපිට කරන්න පුළුවන් තෙත කාඩ්බෝඩ් එකක් වේයො එන තැන්වලට තියලා වේයො ටිකක් එක තැනකට එක් කරගන්න. එයාලගෙ රාජධානියක් හදාගත්තු වෙලාවක ඒ කාඩ්බෝඩ් ටික අයින් කරලා දාන්න. ඒකෙන් වේයො ගහණය අඩු කරගන්න පුළුවන්. ගෘහ භාණ්ඩවලට වේයෝ නොකන ආලේපන ගාන්න වගබලාගන්න. ඒ වගේම වේයො ඉර එළිය වැටෙන තැන්වල ඉන්න ආස නෑ. ඒ ගැනත් සැළකිලිමත් වෙලා වේ උවදුරට පිළියම් සකස් කරන්න.

හූනො කරදරයට

ගෙවල්වල සාමාන්‍යයෙන් හූනො ඉන්නවනේ. මේ කරදරයත් විසදගන්න කරන්න තියෙන්නෙ පුංචි දේවල් ටිකක් විතරයි. මේවායින් එයාලට හිංසාවකුත් වෙන්නෙ නැහැ. බිත්තර කටුවල ගන්ධයට එයාලා කැමති නෑ. ඒ නිසා මුලුවල බිත්තර කටු තියලා තියන්න. ඒ වගේම කෝපි කුඩුවලින් හූනෝ සාර්ථකවම එලවන්න පුළුවන්. කෝපි කුඩු හූනො වැඩියෙන්ම ගැවසෙන තැන්වලට ඉහින්න. තව සුදු ලූනුවලටත් හූනො ඉන්නෙ නෑ. ඒ ගඳ දැනෙන තැනකවත් ඉන්නෙ නෑ එයාලා. ඒ වගේම ගම්මිරිස්කුඩු ටිකක් දිය කරලා ස්ප්‍රේ කරන එකත් ගොඩක් හොඳයි.

( අන්තර්ජාලය ඇසුරෙන් )

අර්චිත ඉඳුවර



 

TAGGED: ants, Insects, Mosquitoes
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad1
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?