නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කළලය පවා ප්‍රතික්ෂේප කරන කොළ පාට
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කළලය පවා ප්‍රතික්ෂේප කරන කොළ පාට

Published October 30, 2023

ඊසාන දිග එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කියයි.

දරුවෙක් කුස පිළිසිඳ ගත් නිමිත්ත දැන ගත් මොහොතේ පටන් කාන්තාවක් නිදුක් නිරෝගී දරුවෙක් බිහි කිරීමේ සිහිනය හඹා යනවා. ඒ නිසාම ඇය තමාගේ පමණක් නොව කුස සිටින දරුවාගේ පෝෂණය ගැනත් විශේෂයෙන් සැලකිළිමත් වෙනවා. මවගේ ආහාර සහ මානසික සෞඛ්‍ය දරුවාගේ සෞඛ්‍යට වගේම මානසික සුවතාවය සඳහා බලපාන බැව් දැන් හැම කාන්තාවක්ම දන්නවා. ඒ නිසාම ආහාර පාන ගැන ගර්භණී මව්වරුන් වැඩි අවධානයක් දක්වනවා. තමාට වගේම කලලයට යාන්තමින් හෝ බලපෑමක් ඇති කරන ආහාර පානවලින් වැළකී සිටින්නට වගේම, ගුණදායක යැයි කියන සෑම ආහාර පානයක්ම ලබා ගැනීමට ඔවුන් කටයුතු කරනවා.

කොළ පැහැති එළවළු විශේෂයි

ගර්භණී කාලයේදී මවකට තමන්ගේ ආහාර සඳහා කොළ පැහැති එළවළු, පළතුරු වර්ග වැඩියෙන් එක් කර ගැනීමට වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබෙනවා. තන්තු සහ පෝෂක කොටස් උපයා ගැනීමට කොළ පැහැති ආහාර වැදගත් මෙහෙයක් ඉටු කරනවා. දරු උපතින් පසුව මව්කිරිවලට අමතරව දරුවාගේ ආහාර වේලට කොළ එළවළු, පළතුරු එකතු කිරීමටත් උපදෙස් ලබා දෙනවා.

කොළ එළවළු කටේ තියන්නේ නැහැ

කොළ පැහැති වර්ණකය ඉතා පෝෂණීය බැව් අවිවාදයෙන්ම පිළිගත්තත් දරුවන්ට ආහාර පාන ලබා දීමේදී පෝෂණයෙන් යුක්ත කොළ වර්ණකයේ එළවළු සහ පළතුරු ලබා දීම පහසු කාර්යක් නොවෙයි. කොළ පැහැති ආහාර නිසා ළදරු වයසේ දරුවන් පමණක් නොව සාමාන්‍ය දරුවන් පවා නිතරම මව්පියන් සමග ගැටෙන තත්ත්වයක් තිබෙනවා.

කලල අවස්ථාවේ පටන්ම කොළපාට ප්‍රතික්ෂේපවීමක්

දරුවන් කොළ වර්ණයේ ආහාර වෙනුවෙන් දක්වන ප්‍රතික්ෂේප කිරීම ඔවුන් ගර්භාෂයේ සිටින කාලයේ පටන්ම සිදු වෙන බැව් පර්යේෂකයන් විසින් දැන් හඳුනාගෙන තිබෙනවා. මේ පිළිබඳව අධ්‍යයනයක් ඊසාන දිග එංගලන්තයේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යයනය සඳහා ගර්භණීත්වයෙන් සති 32-36 සම්පූර්ණ මව්වරුන් සිය දෙනෙක් තෝරා ගත්තා.

අධ්‍යයනයට පෙරාතුව මෙම මව්වරුන්ට පිටි කරන ලද කැරට් මයික්‍රෝ ග්‍රෑම් 400 ක් එක් අවස්ථාවක සහ සහ එයින් පසුව මයික්‍රෝ ග්‍රෑම් 400 ක බ්‍රොකොලි කැප්සියුලයක් ලෙසින් ආහාරයට ලබා දුන්නා. මෙම ආහාර ලබා දීමට පැය බාගයකට පෙරාතුව පටන්ම වෙනත් කිසිදු පැණිරස ආහාරයක් මෙම මව්වරුන්ට ලබා දුන්නේ නැහැ. එක් එක් ආහාරය ලබා දී විනාඩි 20 කට පසුව 4D අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍රයක ආධාරයෙන් මෙම එක් එක් ආහාර වෙනුවෙන් කලලය දක්වන ප්‍රතිචාර නිරීක්ෂණය කරනු ලැබුවා.

කැරට් ආහාරයට ගැනීමේදි

මෙම ගර්භණි මව්වරුන් කැරට් ආහාරයට ගන්නා විට දරු කලලයේ සිනාවක් හෙවත් සතුටු ප්‍රතිචාරයක් ස්කෑන් යන්ත්‍රයේ සටහන් ව තිබුණා. නමුත් මව බ්‍රොකොලි ආහාරයට ගන්නා විට දරු කලලයේ අප්‍රසන්න ප්‍රතිචාරයක් දක්නට ලැබුණ බවත් මෙම අධ්‍යයනය අවසානයේදී පෙනී ගියා.

ගර්භාෂයේ ඉඳන්ම ප්‍රතිචාර දක්වනවා

ගර්භාෂයේ සිටින දරු කලලයකට මවක් විසින් ආහාරයට ගන්නා රසයන්හි ඇති රසායනික උත්තේජනයන් ගර්භාෂයේ සිටින අවධියේ පටන්ම ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් තිබෙන බැව් මෙම අධ්‍යයනයෙන් පෙනී ගියා.

උපතට කලින්ම වැඩ පටන් ගත යුතුයි

දරුවෙකුට ගර්භාෂයේ සිටින කාලයේ පටන්ම රසය සහ සුවඳ ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් තිබෙන බව මෙම අධ්‍යයනයෙන් ලබා ගත් නිරීක්ෂණ පදනම් කරගෙන පර්යේෂකයන් සඳහන් කරනවා. උපතෙන් පසුවත් මේ ආශ්‍රිතව වූ මතකයන් හා සංජානනයන් ඔස්සේ කටයුතු කරනවා.

ඒ නිසාම කලලයේ පටන්ම බොහෝ දරුවන් කොළ ආහාර වෙනුවෙන් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා දරුවෙකුගේ කලල අවස්ථාවේ පටන්ම පෝෂණීය ආහාර වෙනුවෙන් හුරු කිරීම ඉතා වැදගත්. උපතින් පසුව හුරු කිරීමට වඩා එය පහසුයි

 සමහර අවස්ථාවලදී ගර්භණී මවට මේ කාලයේදී යම් යම් ආහාර ගැන අප්‍රියතාවයක් ඇති වෙනවා. ගුණ වුණත් ඒවා ආහාරයට ගැනීම සීමා කරනවා. මේ සීමාවෙන් කුස සිටින පැටියා උපරිම ප්‍රයෝජන ගන්නා බව අපි මෙතෙක් දැන සිටියේ නැහැ. ඒ නිසා විශේෂයෙන් කොළ ආහාර කලලයේ වර්ධනයට පමණක් නොව උපත ලද දරු පැටියාගේ වර්ධනයටත් හේතු වෙනවා. මේ නිසා දරුවෙක් පිළිසිඳ ගැනීමෙන් පසුව මව පෝෂණීය ආහාර වෙනුවෙන් යොමු වෙනවා නම් දරු කලලය විසින්ද එහි රසය ග්‍රහණය කර ගන්නවා.

ඊට අමතරව මවගේ ගර්භාෂයේ සිටියදී කැමැත්තෙන් ආහාරයට ගත් කැරට් වැනි ආහාර උපත ලැබීමෙන් පසුවත් ඒ අන්දමින්ම රුචිකත්වයක් දක්වනවාදැයි යන්නත් දෙවනුව විමසිය යුතු කාරයක් බවත් බෙයිසා උස්ටන් සඳහන් කරනවා.මෙම අධ්‍යයනය සඳහා ඩර්හැම් විශ්ව විද්‍යාලයට අමතරව බර්නින්හැම් නවජ පර්යේෂණායතනය, මධ්‍යම එංගලන්තයේ ඇස්ටන් විශ්වවිද්‍යාලය සහ බර්ගන්ඩිහි විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසක් සම්බන්ධ වුණා.

www.bloomberg.com ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: green, Green vegetables, Scientific research, University of Durham, womb
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?