නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොළයයි සුෂුම්නාවයි දෙකම බේරගන්න ජීවිතය ගැන සැලකිලිමත් වෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මොළයයි සුෂුම්නාවයි දෙකම බේරගන්න ජීවිතය ගැන සැලකිලිමත් වෙන්න

Published October 30, 2023

යම් අයෙකු නිවසේදී, මගතොටේදි හෝ කොතැනකදී අනතුරකට ලක්වුවත් බොහෝවිට මොළයට හෝ සුෂුම්නාවට හානි සිදුවිය හැකිය. එවැනි රෝගියෙකු වහවහා ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහලට ඇතුළත් කළ යුතුය. එලෙස ඇතුළත් කරන රෝගියාගේ මොළයට හෝ සුෂුම්නාවට අනතුරක් වී ඇති බව නිගමනය වූ වහාම ඔවුන් ඇතුළත් කරනු ලබන්නේ රෝහලේ ඇති නියුරෝට්‍රෝමා ඒකකයටය.

ඊට අමතරව මොළයේ සහ සුෂුම්නාවේ ඇතිවන විවිධ රෝගබාධයන් සඳහාද ප්‍රතිකාර කිරීම මෙම ඒකකයෙන් සිදුවනු ඇත. බස්නාහිර පළාතේ ලොකුම සහ තාක්ෂණයෙන් උසස් නියුරෝට්‍රෝමා එකකය ඇත්තේ ශ්‍රී ලංකා ජාතික රෝහලේය.

තරුණ ජීවිත වැඩිපුර බිළිගන්නා මොළයේ සහ සුෂුම්නාවේ අනතුරු

දැනට ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන වලට අනුව මොළයට සහ සුෂුම්නාවට වන අනතුරුවලට වැඩිපුරම මුහුණ දෙන්නේ තරුණ පිරිස්. ඒ කියන්නෙ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්න අය. රජයේ ප්‍රධාන රෝහල විදිහට ශ්‍රී ලංකා ජාතික රෝහලට ඒ සම්බන්ධයෙන් විශාල පීඩනයක් යොමු වෙනවා. මොකද මෙවැනි අනතුරුවලට මුහුණ දුන් රෝගීන් ලෙහෙසියෙන් සුවවෙන්නෙ නැති නිසා. දැනටත් මාස ගණන් අවුරුදු ගණන් මොළයේ සිදුවූ අනතුරු නිසා මේ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ඉන්නවා.

දවසකට මෙවැනි රෝගියෙකු බලාගන්න ලක්ෂ 2 කට වැඩි මුදලක් රජයට වැයවෙනවා. කවදාහරි මේ රෝගීන් රෝහලෙන් පිටවුණත් ඔවුන්ට ඇවිදීමේ අපහසුතා තියෙන්න පුළුවන්. එතැන් සිට ඔවුන් සමාජයට බරක්. ගෙදර අම්මා, තාත්තා, බිරිඳ, සැමියා වගේම දරුවන්ටත් මෙවැනි අය බරක්. මෙවැනි රෝගියෙකු බලාගන්න පවුලේ සමීපතමයෙක් කැපවීම අත්‍යවශ්‍ය වනවා. වැදගත්ම දේ මේ දේවල් වෙන්න කලින් වළක්වා ගැනීමයි.

මොළයට සහ සුෂුම්නාවට වන අනතුරු වළක්වා ගන්නේ කොහොමද?

අපේ රෝහලට වැඩියෙන්ම එන්නෙ මෝටර්සයිකල්, ත්‍රීවීල් සහ බස් රථවලට හැප්පුණ මිනිස්සු. ඒ අතරිනුත් වැඩිම මෝටර්සයිකල් සහ ත්‍රීවීල් අනතුරු. ඉතින් මේ දේවල් වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන් මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් පසු වාහන නොපැදවීම, සීට් බෙල්ට් පැළඳීම, මෝටර්සයිකලේ යනවා නම් හෙල්මට් නිසි පරිදි භාවිතය, වේගය පාලනය, වාහන පැදවීමේදී ජංගම දුරකථන භාවිතයෙන් වැළකීම, නිසි පරිදි මාර්ග නීතී පිළිපැදීම යන කාරණා හොඳින් අනුගමනය කරනවානම් මෙවැනි අනතුරු බොහෝ ප්‍රමාණයක් වළක්වා ගත හැකියි.

ඊට අමතරව රෝහලට වාර්තා වන තවත් අනතුරු කොටසක් ලෙස ඉදිකරමින් පවතින ගොඩනැගිලිවලින් වැටීම පෙන්වාදෙන්න පුළුවන්. මෙවායින් වැළකීම සඳහා සේවකයන් ආරක්ෂක හිස්වැසුම් පැළඳීම, ගොඩනැගිලිවල ආරක්ෂාව ඇති කිරීම අනිවාර්ය වෙනවා. ලංකාවේ මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගස් කඩා වැටීම් නිසාද බහුලව අනතුරු සිදුවනවා.

මෙවැනි අනතුරුක් සිදුවූ පසූ රෝගීන් රෝහලට රැගෙන යා යුත්තේ කෙසේද?

ATL Protocol ( Advanced Trauma Life Support) අනුගමනය කරන්න

කුමන හෝ අනතුරක් සිදු වුවහොත් එම රෝගියාව රෝහලට රැගෙන එන්න නියමිත ජාත්‍යන්තර පිළිවෙතක් (International Protocol )  තියෙනවා. එය අපි හඳුන්වන්නේ ATL Protocol නමින්. ඒකට භේතුව රෝගියාව රෝහලට ගෙන එන පුද්ගලයාගේ අතිනුත් රෝගියාගේ අනතුර බරපතල වීම හෝ තවත් අනතුරක් සිදුවෙන්න හැකියාවක් තියෙනවා. හිසට අනතුරු සිදුවුණ සිය දෙනෙක් ගත්තොත් ඉන් 20% කටම සුෂුම්නාවටත් අනතුරක් සිදුවෙලා. එවැනි රෝගියෙකු රෝහලට ගෙන එන පුද්ගලයා නිරන්තරයෙන්ම සිතිය යුතුයි.

ඔහුගේ මුළු ශරීරයටම හානි සිදුවී ඇති බව. සුෂුම්නාවට හානියක් සිද්ද වුණු පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම රෝහලට ගේන්න ඕනෙ තූනී මතුපිටක තබා බෙල්ලට කොලර් එකක් පළඳා. මොකද රෝහලට රැගෙන එන අතරතුරත් රෝගියාගේ බෙල්ල ආරක්ෂා කළ යුතු නිසා. කොලර් එකක් නැත්නම් බෙල්ල දෙපැත්තෙන් වැලි කොට්ට දෙකක් තබා රෝගියාගේ බෙල්ල නොසෙල්වන ආකාරයෙන් තබා ගත යුතුයි. මුඛයේ, නාසයේ සෙම පිරී ඇත්නම් හෝ වෙනත් ද්‍රව්‍යයකින් අවහිර වී ඇත්නම් වහාම පිරිසිදු කරමින් රෝගියාට හුස්ම ගැනීමේ පහසුව සලසමින් ගිලන්රථයක් අමතා හෝ තමන්ට ගෙනයාමට හැකිනම් ළඟම ඇති රෝහලට වහාම රැගෙන යා යුතුයි.

ඔලුවෙන් හෝ ශරීරයේ වෙනත් තැනකින් රුධිර වහනයක් වන අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද?

හිසෙන් ලේ ගලනවා නම් හොඳම දේ බැන්ඩේජ් එකකින් ඔලුව වෙලන එක. සිදුව ඇති අනතුර විශාල වුවත් කුඩා වුවත් හිසට අයිස් තැබීමෙන් විද්‍යානුකූලව කිසිදු වාසියක් හෝ අවාසියක් සිදු නොවන අතර එයින් සිදුවන එකම දේ ලේ නහර සංකෝචනය වී රුධිර වහනය මදක් අඩු වීමයි. කෙසේවෙතත් හිසට කුමන අනතුරක් සිදුවුවත් අනුගමනය කළ යුත්තේ ද අප මුලින් සඳහන් කළ ATL Protocol තමයි.

මොළයේ අභ්‍යන්තරයට හානි සිදුවීමකදී…

අනතුරකින් රෝගියාගේ මොළයේ අභ්‍යන්තරයට හානි සිදුවුවහොත් රෝගියාට සිහි මද ගතියක් ඇතිවේ. සමහරවෙලාවට හොඳින් කතා කළත් ටික වේලාවකින් කල්පනාව නැතිවන බවක් දැනේ. තවත් වෙලාවක කල්පනාව නැති වී හොඳින් කතා කළ හැකියි. එවැනි වෙලාවකදී අපිට හිතෙන්න පුළුවන් රෝගියාට කිසිදු ගැටලුවක් නැහැ කියලා. නමුත් රෝගියා ඉන්නේ බරපතළ තත්ත්වයක වෙන්න පුළුවන්. ඒ නිසා රෝගියාව නිසි ලෙස නිරීක්ෂණය කිරීම මගින් ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි.

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය
සංජීව ගරුසිංහ
ස්නායු ශල්‍ය ඒකකය
ජාතික රෝහල, කොළඹ

හරින්දී ලියනගේ







 

TAGGED: accident, brain, spinal cord
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?