නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ‍යොවුන් වියේ කෙල්ලන්ට කොල්ලන්ට බබා පාට් එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

‍යොවුන් වියේ කෙල්ලන්ට කොල්ලන්ට බබා පාට් එපා

Published October 23, 2023

පුංචි කාලෙ ඉඳන් අපි අපිව දකින්නෙ අපේ අම්මගෙ දුව හෝ පුතා තාත්තාගෙ දුව හෝ පුතා විදිහටනෙ. හැබැයි අපි නව යොවුන් වියට එනකොට අපි පවුලෙම කොටසක් වුණත් අපි තේරුම්ගන්නවා අපිටම කියන අනන්‍යතාවයක් තියෙනවා කියල. මේකට අපි කියනවා Self identity කියල.

තරුණ වියේදී මේ කියන ස්ව අනන්‍යතාවය හරියට හැදුණෙ නැත්නම් තමන්ටම තමන්ගෙ වටිනාකමක් නැතිවෙනවා. එහෙම වුණාම තමන්ගෙ වටිනාකම අපි වෙන කෙනෙක්ගෙන් හොයන්න උත්සාහ කරනවා. දරුවෙක් අනවශ්‍ය විදිහට හැසිරෙන්නෙ, විවිධ දේවල් භාවිත කරන්නෙ ඒ දරුවට ස්ව අනන්‍යතාවයක් නැති නිසා.

ඊළඟට අපි අපිව අඳුරගත්තට පස්සෙ කරන්න ඕනෙ අපිට ගැළපෙන කෙනාව තෝරගන්න එක. අපි ඒකට කියනවා ඉන්ටිමසි කියලා. ඒ කියන්නෙ අනිත් කෙනා එක්ක හැඟීම්වලින් සමන්විත සම්බන්ධතා ගොඩනගාගන්න එකට. මේක ආදර සම්බන්ධතාවයක්ම වෙන්න ඕනෙ නෑ. යාළුවෙක් එක්ක තියෙන සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්. කොාහොම නමුත් යොවුන් වියේ මේ විදිහට ගොඩනගාගන්නා සම්බන්ධතා ඉතාමත් වැදගත්.

ඒ වගේම යොෟවන වියේ දරුවන් අතරේ විශේෂයෙන්ම පිරිමි ළමුන් අතරේ රණ්ඩු සරුවල් ඇතිවීමත් වැඩි වශයෙක් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි යෞවන වියේදී හැඟීම් ගොඩක් ප්‍රබල වීම. අපි මොකක්හරි තීරණයක් ගන්නකොට අපේ මොළයේ වැදගත් වන පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි සිතුවිලි මොළය. ඒකෙන් තමයි අපි දෙයක් කරන්න කලින් ඒ ගැන හිතල බලන්නෙ. අනිත් කොටස තමයි හැඟීම් මොළය. ඒ කොටසින් තමයි ආවේග, ආසාවන් ඇති කරවන්නෙ. යොවුන් වියෙදී හැඟීම් මොළයට වඩා සිතුවිලි මොළය ප්‍රබලයි.

හැබැයි අපි වයසින් පරිණත වෙනකොට සිතුවිලි මොළයට පුළුවන් වෙනවා හැඟීම් මොළය පාලනය කරන්න. අපි හිතමුකො තරුණ ළමයෙකුයි වැඩිහිටියෙකුයි අතරේ රණ්ඩුවක් ඇතිවෙනවා කියලා. යොවුන් එක්කෙනාගේ වැඩිපුර වැඩ කරන්නේ හැඟීම් මොළය. වයසක කෙනාගෙ වැඩිපුර වැඩ කරන්නෙ සිතුවිලි මොළය. එතකොට මේ සිතුවිලි මොළය සහ හැඟීම් මොළය කියන්නෙ එකිනෙකට පරස්පර කොටස් දෙකක්. මේක හරියට වැඩිහිටියන් අවබෝධ කරගත්තෙ නැත්නම් අනවශ්‍ය ලෙස ගැටුම් ඇතිවෙන්න පුළුවන්.

යොවුන් වියේ අය එක්ක වැඩ කරනකොට චුට්ටක් පස්සට අඩියක් තියලා, සන්සුන්ව එයාල එක්ක ගනුදෙනු කරන්න ඕනෙ. මොකද කීකරු දරුවො වගේම මුරණ්ඩු දරුවොත් ඉන්නවා. ඇතැම් දරුවන්ට මානසික ව්‍යාකූලතාවයක් තියෙන්නත් පුළුවන්. යොවුන් වියේදී දකින්න ලැබෙන ඉතා සුලභ මනෝ ගැටලුවක් තමයි විශාදය. යොවුන් වියේ සෑම දරුවන් පස්දෙනෙක්ගෙන්ම එක්කෙනෙකුට විශාදය තත්ත්වය තියෙනවා කියල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හොයාගෙන තියෙනවා.

විශාදය එක එක විදිහට ඇතිවෙන්න පුළුවන්. තමන්ට අවශ්‍ය රැකියාවක් නොලැබීම, අධ්‍යාපන අවස්ථා අහිමිවීම, ආත්ම ශක්තිය හීන වීම එක් විදිහකින් විශාදයට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම පවුලෙ කාටහරි විශාදය තිබුණනම් තමන්ටත් ඒ ද් ඇතිවෙන්න අවස්ථාව තියෙනවා. ඒක ජානමය ගැටලුවක්. විශාදය හැදුණත් ඒක අඳුරගන්න බැරිවෙන්නත් පුළුවන්. ඉගෙනගන්න දරුවෙක් නම් මුලින්ම හොඳට වැඩ කරගෙන ඇවිල්ලා ටික දවසක් යද්දි කම්මැලි ගතියක්, පාඩම් මතක නැති වෙන ගතියක් දැනෙන්න පුළුවන්.

මේ වගේ සුළු වෙනස්වීමක් වුණත් විශාදයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. වැඩිහිටියෙක්ට මේ විශාද තත්ත්වය ඇතිවුණොත් බොහෝදුරට වෙන්නෙ පාන්දරයට නින්ද යන්නෙ නැතිවෙන එක. හැබැයි යොවුන් වියේ දරුවන්ට වෙන්නෙ දවල්ටත් නිදිමත ගතියක් දැනෙන එක. ඒ වගේම ආහාර රුචිය වෙනදට වඩා වැඩිවීම, නිතර තරහා යන එක. කවදාවත් හිත රිදෙන්න වචනයක් නොකියපු අයටත් හිත රිදෙන දේවල් කියන්න ගන්නවා.

ආසියාතික රටවල මිනිස්සු මානසික රෝගවලට පුදුම බයක් තියෙන්නෙ. මනුස්සයෙක් මානසික රෝගයකට බෙහෙත් ගන්න යනවා කියන්නෙත් ඒ මනුස්සයට හරියට හොයාගන්න බැරි ලෙඩක් හැදිලා වගේ තමයි මිනිස්සු බලන්නෙ. අවශ්‍ය වෙලාවෙ මේ රෝගී තත්ත්වයන් හඳුනගෙන ප්‍රතිකාර ගත යුතුමයි.

මේ වගේ දරුවො එක්ක දෙමාපියන් කටයුතු කරන්න ඕන විදිහක් තියෙනවා. හැමතිස්සෙම තමන්ගෙ දරුවනේ කියලා පුංචි දරුවෙක් ගාණට දාලා දරුවා ගැන හිතන්න හොඳ නෑ. සමහර දරුවො අම්මා තාත්තා එක්ක බෙහෙත් ගන්න ආවම ලෙඩේ විස්තර කියන්නෙත් අම්මා තාත්තාමයි.

සමහර වෙලාවට අපි බයිනවා දරුවන්ට තනියම කිසිදෙයක් කරගන්නෙ නෑ, වගකීමක් ගන්න බැරි ළමයෙක් කියලා. හැබැයි ඒ දරුවා වැඩිහිටියෙකුට සමාන දෙයක් කිව්වොත් කියනවා ඔයාට මහලොකු වයසක් නෑනෙ. පණ්ඩිත කතා කියන්න එපා කියලා. ඒ නිසා මුලින්ම ඔවුන් දැන් යොවුන් වයසෙයි පසුවෙන්නෙ කියන දේ හඳුනගෙන ඔවුන් සමග ගනුදෙනු කරන එක වටිනවා.

සමහර අම්මලා තාත්තලා ඇතැම් දේවල් කරන්න එපා කියලා තරුණ දුවලා පුතාලට කිව්වට ඒකට හේතුව කියන්නෙ නෑ. ඒක කියන්න ලැජ්ජා වෙන්න පුළුවන්. හැබැයි හේතු කාරණා එක්ක දරුවන්ට ඒකෙන් ලැබෙන ප්‍රතිවිපාක ගැන කියල දුන්නොත් බොහෝදුරට දරුවන්ට ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ. ඒ නිසා දෙමාපියෝ පුංචි කාලෙ ඉඳලම ලිංගිකත්වය පිළිබඳව, සමාජ සම්බන්ධතා ගැන, අධ්‍යාපනයක් දරුවන්ට දිය යුතුමයි.

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය මියුරු චන්ද්‍රදාස
රාගම වෛද්‍ය පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය


එරංදි කෞශල්‍යා
 

TAGGED: depression, mental problem, Self identity, teenage
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?