නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Sri Lankan Airlines සන්නාමයේ අභිමානය නිවැරදිව ලොවට ගෙනියන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Sri Lankan Airlines සන්නාමයේ අභිමානය නිවැරදිව ලොවට ගෙනියන්න

Published October 9, 2023

රටක කීර්ති නාමය සහ අනන්‍යතාව ලෝකයට ගෙන යන සන්නාම විරලය. යම් රටක එයින් මුල් තැනක් ජාතික ගුවන් සේවයට හිමිවනු ඇත. එම නිසා ජාතික ගුවන් සේවය අහස් තලයේ පියාසර කරන්නේ රටේ අභිමානය ඉහළටම ඔසවාගෙනය. මෙය අවබෝධ වන තරමට ජාතික ගුවන් සේවය පිළිබඳ තතු වාර්තා කිරීමේදී මනා වගකීමක් රටක මාධ්‍යයට ඇත. එය මුද්‍රිත මාධ්‍යයේ සිට නව මාධ්‍ය දක්වා විහිදෙන මාධ්‍ය වගකීමක් විය යුතු වන්නේ වියහැකි පාඩුව නැවත ලෝකයා ඉදිරියේ මකා දැමීම ලෙහෙසි පහසු නොවන නිසාය…

 එම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මෙරට මාධ්‍යවේදින් වෙනුවෙන් සැප්තැම්බර් 13 සිට 14 දක්වා දෙදින වැඩමුළුවක් කටුනායකදී පවත්වන ලද්දේ රටේ අභිමානය රැකගත යුතු නිසා වන්නට ඇත. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ප්‍රවෘත්ති සහ ව්‍යාපාරික මාධ්‍යවේදීන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙනුවෙන් මෙහිදී ශ්‍රීලංකන්හි ගුවන් මෙහෙයුම්, ඉංජිනේරු, ගුවන් ගමන් සේවා, භූමි හැසිරවීම, ගුවන් සේවා ආරක්ෂාව සහ සිවිල් ගුවන් සේවා රෙගුලාසි ඇතුළු ප්‍රධාන මෙහෙයුම් කාර්යයන් පිළිබඳව දේශන මෙන්ම ඒවා පිළිබඳව අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව ලබාදී තිබුණි.

 මෙම වැඩමුළුවේ සමාරම්භක දිනයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එකතුවෙමින් දකුණු ආසියා කලාපයේ මෙන්ම යුරෝපයේ ගුවන් සේවාවල වර්තමාන තත්ත්වය සහ ගුවන් සේවාවේ අනාගතය පිළිබඳ අවබෝධයක් පිරිසට ලබාදීම සිදුවිය.

 පළමු දිනය ආරම්භ කරන ලද්දේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරාගේ පිළිගැනීමේ කතාවෙනි. ඉන් අනතුරුව ගුවන් සේවාවල ආරක්ෂාව සහ මෙහෙයුම් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමක් කපිතාන් ජෝස් ෆර්නැන්ඩස් විසින් සිදු කරන ලදී. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීමක්ද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එසේ සිදුවිය.

ශ්‍රීලන්කන්හි ගුවන් සේවා මෙහෙයුම් අංශය වෙනුවෙන් කපිතාන් ජයෂ්ක බරණගේ විසින් පියාසර මෙහෙයුම් පිළිබඳ දේශනයක් පවත්වන ලදී. ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය වෙනුවෙන් ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයේ පුහුණු හා හැකියාවන් සංවර්ධන කළමනාකරු අමිල ප්‍රනාන්දු සහ ගුවන් තොටුපළ සේවා කළමනාකරු – පුහුණු සහ සංවර්ධන, තෙරේකා තිලකවර්ධන විසින්ද දේශන සිදුකෙරිණි.

 දෙවන දිනය ආරම්භ වූයේ ගුවන් ගමන් ආරක්ෂිත කළමනාකරු කපිතාන් ශවන්ත පේද්‍රිස්ගේ දේශනයකිනි.ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් ප්‍රවාහන සහ ආරක්ෂක රෙගුලාසි) රේහාන් වන්නිඅප්පා සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකාව) හි අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන ප්‍රධානීන්ගේ ඉදිරිපත් කිරීම්ද සිදුවිය.

 ශ්‍රීලංකන් දියත් කළ මාධ්‍යවේදීන් සඳහා වූ ප්‍රථම ගුවන් සේවා වැඩමුළුව මෙය වූ අතර එහිදී ඔවුන්ගේ ගුවන් යාන නඩත්තු කරන ප්‍රධාන අංගනය දැකබලා ගැනීමේ අවස්ථාවක්ද සියලු දෙනා හට උදාවිය. දෙදින වැඩ මුළුව නිමා කරමින් අවසානයේ සියලුම මාධ්‍යවේදීන්ට සහභාගීත්ව සහතික ප්‍රදානය කෙරුණි.

හරින්දී ලියනගේ

TAGGED: sri lanka, Sri Lankan Airlines
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?