නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දුමට වැට බදින අනතුරු වාක්‍ය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දුමට වැට බදින අනතුරු වාක්‍ය

Published October 2, 2023

දුම්පානය සිරුරට අහිතකර බැව් නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වුණත් ලෝකය පුරාම දුම් පානය වෙනුවෙන් යොමු වෙන තරුණ තරුණියන්ගේත් අඩුවක් නැහැ. දුම්පානයේ ආදීනව ගැන සමාජය දැනුවත් කිරීම් සෑම රටකම පාහේ සිදු වෙනවා.

දුම්වැටිය මතම ආදීනව සටහන් කිරීම

නමුත් තවමත් ලෝකයේ කිසිම රටක් දුම්පානයේ ආදීනව ගැන දුම්වැටියේම සටහන් කිරීමක් වෙනුවෙන් යොමු වෙලා නැහැ. කැනඩා රජය විසින් මේ ගැන දැන් තීරණයක් අරගෙන අවසානයි. 2024 වසරේ ජූලි මාසයේ පටන් සෑම දුම්වැටියකම  “දුම්වැටි පිළිකා ඇති කරයි.” සෑම දුම් පානයක්ම විෂ සහිතයි. යන වාක්‍ය මුද්‍රණය කිරීමට අදහස් කරනවා යන වගන්ති දුම්වැටියේම ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන් මුද්‍රණය කිරීම ඉදිරියේදී සිදු වෙනවා.

දුම්වැටියේ ෆිල්ටරය සමීපයේ මෙම වගන්ති මුද්‍රණය කරන අතර එයින් අනාගත පරම්පරාව තුළ දුම්පානය නිසා ඇතිවන අවදානම අඩු කිරීම කැනඩා රජයේ අරමුණ වී තිබෙනවා.ඒ අතරම දුම්වැටි නිෂ්පාදකයන්ට මෙම රෙගුලාසිවලින් තොරව දුම්වැටියක් වෙළඳපොළට නිකුත් කිරීමට අවසරයක් ලැබෙන්නේද නැහැ. මෙම අනතුරු වාක්‍ය පිළිබඳව තීරණය ගැනීමට පෙරාතුව දින 75 ක් පුරා සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් බොහොමයක්ද ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබුණා.

අනතුරු වාක්‍යවල දෙවන අදියර

මෙම අනතුරු වාක්‍යවල දෙවන අදියර 2026 වසරේදී ඉදිරිපත් කිරීමත් ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.ඒ අනුව 2025 වසර වනවිට කැනඩාවේ දුම්පානය කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාත්මක අගය සැලකිය යුතු ප්‍රමාණයකනින් අඩු කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

1989 වසරේ පටන් අවදානය යොමු කළා

කැනඩාවේ ජන සමාජය දුම්පානය නිසා සිදුවන හානියෙන් මුදවා ගැනීම පිණිස ආරම්භ කරන ලද මෙම වැඩ පිළිවෙල 1989 වසරේ පටන් ක්‍රියාත්මකයි.කැනඩා රජය විසින් ගත් මෙම පියවර ඉතා සාර්ථක බැව් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොබට් ස්ටෝර්ස් අදහස් දක්වමින් කියා සිටින්නේ දුම්වැටිය මත එහි ආදීනව සටහන් කිරීම නිසා දුම්පානය කිරීමට තිබෙන උත්තේජනය පුද්ගලයාගේ මනසින්ම ඉවත් කිරීමට හැකියාවක් ලැබෙනවා.

ඒ වගේම නවසිලන්තය ඉතා අඩු නිකොටින් සංයුතියකින් යුක්ත දුම්වැටි හඳුන්වා දී තිබෙනවා. මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එයත් ඉතා හොඳ වැඩ පිළිවෙලක් බැව් මහාචාර්යවරයා සඳහන් කරනවා. දුම්කොළ භවිතය නිසා වසරකට කැනේඩියානුවන් 48,000 ක් මිය යනවා. කැනඩාව තුළ දුම්පානය ඒ තරමටම සමාජ ගැටලුවක් බවට පත් වී තිබෙනවා.

කැනඩාවේ දුම්පානය අවම කිරීම අකල් මරණ වැළැක්වීමට ඇති ඉතාම පහසු මාර්ගයක් විය හැකි බව සෞඛ්‍ය සේවා අමාත්‍ය ජින් සිට් ඩුක්ලෝක් සඳහන් කරනවා. කැනේඩියානු පිළිකා සංගමය, කැනඩාවේ හෘද හා ආගාත පදනම සහ කැනේඩියානු පෙනහළු සංගමය මෙම තීරණයට ඉතා හොඳ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මේ අතරවාරයේ 2021 වසරේ පටන් වයස අවුරුදු 15 හෝ ඊට වැඩි පිරිස් අතර ඉලෙක්ට්‍රොනික් දුම්වැටි පානය ඉහළ යෑමේ ප්‍රවණතාවයක්ද ඇති වී තිබීම අනාගතයේ තවත් සෞඛ්‍ය ගැටලුවක් වෙනුවෙන් වූ ආරම්භයක් විය හැකි බවටත් පර්යේෂකයන් විසින් අනාවැකි පළ කරනවා.

(බී. බී. සී පුවත් ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා
 

TAGGED: Cancer, smoking
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?