නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෲප් චැට්වලදී වාතයක් නොවන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෲප් චැට්වලදී වාතයක් නොවන්න

Published September 25, 2023

කොවිඩ් වසංගතයක් එක්ක තම තමන්ගේ වැඩකටයුතු පහසු කරගන්න හදාගත්ත දෙයක් තමයි වට්සැප් ගෘප් කියන්නෙ. වට්සැප් ගෘප් හරහා අපේ වැඩ ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් වුණාට මේ ගෘප් සමහරුන්ට නම් වදයක් වෙන අවස්ථාත් තියෙනවා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි ගෘප් එකේම ඉන්න සමහරුන් නිසා. එහෙම අයට වගකීම් සහගතව ගෘප් චැට්වල හැසිරෙන්න කියලා උපදෙස් දුන්නටම මදි. අපි හැමෝම වගකීම් සහගතව ගෘප් චැට්වල කටයුතු කරන අතරේ චැට් එක ඇතුළේ අපේ ආරක්ෂාව බලාගන්නත් දැනගන්න ඕන.

වැඩි කරදර කාන්තා පාර්ශවයට

විශේෂයෙන්ම චැට් ගෘප්ස් ඔස්සේ එන පර්සනල් චැට්වලට අදාළයි. මේ තත්ත්වයට ගොඩක්ම මුහුණ දෙන්නේ කාන්තා පාර්ශවය කියන එකත් බොරුවක් නෙවෙයි. අපි ඉන්න මොකක් හරි ගෘප් එකක කෙනෙක් අපිට ඩිරෙක්ට් මෙසේජ් එකක් එවනවා. ඒ කෙනා අපි දන්න හඳුනන කෙනෙක් නම් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි නොදන්න කෙනෙක් නම්? එහෙම වෙලාවක අපිට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. අපිට පුළුවන් “හායි” කියලා ප්‍රොෆෙෂනල් විදියට වුවමනාව මොකද්ද කියලා අහන්න. එතකොට අවශ්‍ය නැති කතා හෝ අපට කරදරයක් වන දෙයක් වෙනවානම් එතනින් එහාට සම්පූර්ණයෙන්ම ඉග්නෝර් කරලා දාන්න පුළුවන්.

එන හැම ලින්ක් එකක්ම ක්ලික් කරන්න එපා…

ස්මාට්ෆෝන් එකක් කම්පියුටර් එකක් පාවිච්චි කරන හැම කෙනෙකුටම අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක් තමයි මේ කියන්න යන්නෙ. අපට නන්නාඳුනන මනුස්සයෙක් ඩිරෙක්ට් මෙසේජ් එකකින් එවන ලින්ක් එකක් ගොඩක් දුරට ක්ලික් නොකළත්, ගෘප් එකක දාන ලින්ක් එකක් ක්ලික් කරන්න කෙනෙක් පෙළඹෙන සම්භාවිතාව වැඩියි. හේතුව ලින්ක් එක එවන්නේ නාඳුනන කෙනෙක් වෙන්න පුළුවන් වුණත්, ලින්ක් එක වැටෙන්නේ තමන් දන්න කියන ගෘප් එකකට නිසා.

හැබැයි අපි නම් කියන්නේ එහෙමවත් එපා කියලා. දන්න මනුස්සයෙක් එවන ලින්ක් එකක් වුණත් ක්ලික් කරන්න එපා. ගොඩක් දුරට මේ ලින්ක්ස් එක්ක එන මෙසේජ්වල අඩංගු වෙන්නේ “ඇමරිකන් වීසා දිනාගන්න” , “ග්‍රීන් කාඩ් දිනන්න චාන්ස් එකක්” , “නොමිලේ ඩේට දිනාගන්න” වගේ දේවල්. ඒවා ගොඩක් දුරට බොරු දේවල්. ඒවයින් සමහරක් ඒවා ස්පෑම් වෙන්න පුළුවන් එම නිසා බොහෝම හිතල බලල තමයි මේ එවන ලින්ක්ස් ඔබ ක්ලික් කරලා බලන්න ඕන.

ඩිස්ප්ලේ පික්චර් එක නැත්නම් DP එක

මේ කාරණාවත් ගොඩක් වෙලාවට කාන්තාවන්ට තමයි වැදගත් වෙන්නෙ. වට්ස්ඇප් ඒකේ අපේ ඡායාරූපයක් හරි වෙන ඕනම ඡායාරූපයක් හරි ඩිස්ප්ලේ පික්චර් එක විදියට දාන්න පුළුවන්. එතකොට සමහරු ඩිස්ප්ලේ පික්චර් එකෙන් මේ ඉන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද, කොහොම කෙනෙක්ද වගේ තොරතුරු හොයාගෙන එතනින් එහා පියවරකට අඩිය තියන්න බලනවා. හැබැයි අපිට පුළුවන් අපි කැමති අයට විතරක් මේ ඩිස්ප්ලේ පික්චර් එක පේන විදියට සැකසුම් හදාගන්න.

උදාහරණයක් ගත්තොත්, වට්ස්ඇප් එකේ තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක පේන්න ඕන කාටද කියලා අපිට තෝරගන්න පුළුවන්. එක්කෝ හැමෝටම, එක්කෝ අපේ කන්ටැක්ට්ස් ලිස්ට් එකේ ඉන්න අයට නැතිනම් කාටවත් නොපෙනෙන්න මේ සෙටින්ස් හදන්න පුළුවන්. ඉතින් වැඩි දුර යන්න ඕන නෑ. කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න අයට විතරක් පේන්න මේ සෙටින්ගස් හැදුවනම් නොදන්න අය අතට ඔබේ ෆොටෝ යන එක වෙන්නෙත් නැහැ.

ටූ ස්ටෙප් වෙරිෆිකේෂන්

මේක ඇත්තටම ඔන්ලයින් ප්ලැට්ෆෝම් පාවිච්චි කරන බොහෝ දෙනෙක් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු දෙයක් කියලා බය නැතුව කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් වට්ස්ඇප්, මෙසෙන්ජර් වගේ හැම සේවාවකම ඔය ආරක්ෂක පහසුකම තියෙනවා. ඒක තමන් ගෘප්ස්වල හිටියා හෝ නැතා හෝ සක්‍රීය කරලා තියන්න. සමහරු ටූ-ස්ටෙප්-වෙරිෆිකේෂන් දාගන්නෙ නැහැ ඒක තමන්ට කරදරයක් කියලා. හැබැයි තමන්ගේ ෆෝන් එකේ තියෙන සංවේදී දත්තවලට වෙන බාහිර පුද්ගලයෙක් ඇතුල්වෙන එක ඊට වඩා කරදරයක් කියන එක අමතක කරන්න එපා.

ඇඩ් කරන්න පුළුවන් කාටද?

දැන් කාලේ හතු පිපෙන්නා වගේ හැදෙන වට්ස්ඇප්, මැසෙන්ජර්, වයිබර් ටෙලිග්‍රෑම් ගෘප්වලට ගොඩක් වෙලාවට අපි දන්නෙවත් නැතුව තව කට්ටිය අපිව ඇඩ් කරනවා. ඒක ඉතින් අවුලක් නෑ ඔය ඉස්කෝලේ ගෘප් එකක් වගේ නම්. හැබැයි එතනින් එහාට අපේ අවසරයකින් තොරව අපිව ගෘප්වලට ඇඩ් කරන එක අපට කරදරකාරී වගේම සමහර විට අනතුරුදායක කරුණක් වෙන්නත් පුළුවන්. එහෙම අපේ අනුදැනුමකින් තොරව ගෘප්වලට අපිව ඇඩ් කරන එක නවත්තන්නත් සෙටින්ස් තියෙනවා.

වට්ස්ඇප් එකට ගියාම බලාගන්න පුළුවන් අපිව ගෘප් එකකට ඇඩ් කරන්න පුළුවන් කාටද කියලා තීරණය කරන්න දීලා තියෙන ඔප්ෂන් එක. එතනදිත් එක්කෝ ඕනම කෙනෙක්ට අපිව ගෘප් එකකට ඇඩ් කරන්න, නැත්නම් අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ට අපිව ගෘප් එකකට ඇඩ් කරන්න පුළුවන් විදියට සෙටින්ස් හදාගන්න පුළුවන්. නැතිනම් කිසිම කෙනෙක්ට අපිව ගෘප් එකකට ඇඩ් කරන්න බෑ කියලා සෙටින්ස් හදන්නත් පුළුවන්. ඒ සෙටින්ස් හදාගත්තත් අපිට ගෘප් එකකට එකතු වෙන්න බැරි කමක් නෑ. කවුරු හරි අපිට ගෘප් ලින්ක් එක එවන්නයි තියෙන්නේ. එතකොට අපිට ඒ ගෘප් එක අවුලක් නැති නම් ඇඩ් වෙන්න පුළුවන්.

ගෘප් චැට්වල කතා කරන්නේ මොනවද?

මේකනම් සාමාන්‍ය කාරණයක්. අපි පාරේ හම්බවෙන ඕනම කෙනෙක් එක්ක අපේ ගෙදර විස්තර කියන්නෙ නැහැනේ. අන්න ඒ නීතිය ගෘප් චැට් එකකදී වුණත් පිළිපදින්න. විශේෂයෙන්ම ඔෆිස් එකේ හරි වෙන අපි සම්බන්ධ වෙන ප්‍රොජෙක්ට් එකක හරි එහෙම නැතිනම් වෙනත් ප්‍රොෆෙෂනල් කාරණාවකට නිර්මාණය කරපු ගෘප් එකක අනිවාර්යයෙන්ම මාතෘකාවට අදාළ දේ පමණක් කතා කරන්න.

ඒ ඇරෙන්න ඔයාලගෙ තියෙන අනික් ගෘප්වල තමන්ගේ පවුලේ විස්තර, යන එන තැන්, තමන්ගේ පුද්ගලික විස්තර වගේ දේවල් කිසිසේත්ම ශෙයාර් කරන්න එපා. මේක ඉතින් හැමවෙලාවේම සිහියෙන් ඉඳලා කරන්න ඕන දෙයක්.

මියුට්ද? ලීව්ද?

මේක සේෆ්ටි පියවරකටත් වඩා අපිට සහ වෙනත් අයට කරදරකාරී ගැටලු අවම කරගන්න පුළුවන් පියවරක්. දැන් සමහර වෙලාවට චැට් ගෘප් එකක හෝ ගාලා අනික් අය කතා කරන එක අපිට කරදරයක් වෙන්න පුළුවන්. ඇයි ඉතින් අනික් අය කතා කරන කරන වෙලාවට අපිට නෝටිෆිකේෂන් එනවනේ. එහෙම නැතිනම් ගෘප් එකේ කතාවෙන දේවල්වලට තමන්ට එකතු කරන්න දෙයක් නෑ කියලා හිතෙන්න හරි, කතා කරන දේවල් තමන්ට සෙට් වෙන්නෙ නෑ කියලා හරි හිතෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට කෙලින්ම ගෘප් එකෙන් ලීව් වෙන්නෙ නැතුව මියුට් කරලා තියන එක තමයි වඩාත් සුදුසු වෙන්නෙ.

(අන්තර්ජාලය ඇසුරෙන්)

අර්චිත ඉඳුවර



 

TAGGED: harassment, Women's parties, ගෲප් චැට්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?