නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පිළිකා නසන ඉඟුරු තේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පිළිකා නසන ඉඟුරු තේ

Published September 25, 2023

ඔබට තිබෙන සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඔබට ඔබේ නිවසින්ම සොයාගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බර වැඩිවීම කියන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ ප්‍රශ්නයට වගේම තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකටම ඔබේ මුළුතැන්ගෙයින්ම හොයාගන්න පුළුවන් ඉඟුරුවලින් විසඳුම්. ඉඟුරු තේ මිලිලීටර 240 ක කෝප්පයක අඩංගු වන්නේ කැලරි දහයක් පමණි. එය ඔබේ කුසගින්න පාලනය කිරීම සඳහා පානයක් ලෙසත් සැලකෙනවා.

ආහාර දිරවීමේ බලය වැඩි කරයි

ඉඟුරු මගින් ආහාර ජීරණ ක්‍රියාවලිය උත්තේජනය කරන අතර ආහාර ජීරණ ගැටලු සමනය කරමින් ඔක්කාරය වැනි තත්ත්වයන් මැඩ පවත්වනවා. නිතර කුසගිනි ඇතිවීම ද වළක්වනවා. ආහාර දිරවීම උත්තේජනය කිරීමට සහ බඩ පිපීම වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නම් ආහාර ලබා ගැනීමට පෙර ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීම සුදුසු වෙනවා.

හෘද සෞඛ්‍යය වැඩිදියුණු කරයි

අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට ඉඟුරු තේ දිනපතා පරිභෝජනය කිරීම හෘද සෞඛ්‍යයට ඉතා හොඳ බලපෑමක් ඇති කරන අතර රුධිර පීඩනයද අඩු කරනවා. ඉඟුරු තේවල අඩංගු ඇමයිනෝ අම්ල, විටමින් සහ ඛනිජලවණ රුධිර සංසරණය වැඩිදියුණු කරන අතර එමගින් මිනිස් ශරීරයේ හෘදවාහිනීවල ගැටලු ඇති වීම අඩු කරනවා. ධමනි තුළ මේදය තැන්පත් වීම වැළැක්වීමට උපකාරී වන අතර එමගින් හෘදයාබාධ සහ ආඝාත වැනි ගැටලු වළක්වා ගැනීමට හැකිවේ.

ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි

ඉඟුරු තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට වගේම ආතතිය අවම කිරීමටත් හැකි බව පර්යේෂණ මගින් සනාථ කර තිබෙනවා. ඉඟුරු වතුරෙන් වාෂ්ප ඇල්ලීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන නාසික තදබදය සහ ශ්වසන ගැටලු සමනය කරගැනීමට හැකියාව තිබෙනවා.

පිළිකා වැළැක්වීමට උපකාරී වේ

දිනපතා ඉඟුරු තේ පරිභෝජනය කිරීම මගින් අග්න්‍යාශ පිළිකා, මහ බඩවැලේ පිළිකා ඇතුළු පිළිකා සෛල වර්ග ඇති වීම බොහෝ දුරට වළකනවා.

( අන්තර්ජාලය ඇසුරෙන් )

අර්චිත ඉඳුවර

 

TAGGED: Cancer, ඉඟුරු තේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?