නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විසිතුරු මාළු විතරක් නොවේ ජලජ පැළෑටි පිටරට යවල සල්ලි හොයන්න පුළුවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

විසිතුරු මාළු විතරක් නොවේ ජලජ පැළෑටි පිටරට යවල සල්ලි හොයන්න පුළුවන්

Published September 18, 2023

අද වගේ කුඩා දරුවන් විද්‍යුත් මෙවලම් අතර සිරගත නොවුණ යුගයක ඔවුන් ජීවත් වුණේ පරිසරය සමගයි. ඇලේ දොලේ පීනා, වරල් සලන මාළුවන්ගේ හැඩ රුව දකිමින් බොහොම සරල සුන්දර ජීවිතයක් ගත කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන ප්‍රදේශයේ විළිම්ඹුල ග්‍රාමයේ උපන් රංජිත් ශාන්ත මේ රටාව අනුව ළමා කාලය ගෙවූ තවත් එක් දරුවෙක් වුණත් ඔහු අනාගතයේදී ජලජ ජීවීන් පාදක කරගත් ව්‍යවසායකත්වයට යොමු වන බව ඉඟියකින් ඔහුට නොදැනෙන්නට ඇති.

නමුත් අද රංජිත් ශාන්ත ගැන අපට හඳුන්වන්න වෙන්නේ ජලජ පැළෑටි සහ විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ ව්‍යාපාරික අංශයේ තවත් එක් සන්නාමයක් විදිහටයි. මේ වනවිට එම ක්ෂේත්‍රය තුළ වසර හතළිහක පමණ අත්දැකීම් ඇති රංජිත් රදාවාන විළිම්ඹුල ප්‍රදේශයේ පර්චස් සියයක භුමි භාගයක ඔහුගේ මේ විසිතුරු මත්ස්‍ය සහ ජලජ ජීවි වගාව පවත්වාගෙන යනවා.

ජලජ ශාකවලට සහ මාළුන්ට කුඩා කාලයේ පටන්ම ආදරය කළා

මම පාසල් ගියේ රදාවාන මහගම සේකර විද්‍යාලයට. මගේ නිවසේ ඉඳලා කිලෝ මීටර් එකහමාරක පමණ දුරක් පාසලට යන්න ඕන. ඒ යන පාරේ ගලාගෙන යන දොළ පාරක් තිබුණා. මේ දිය පාරේ මාළු ඉන්නවා. මම පාසල් යන අතරේ ඔතැන නැවතිලා මාළු දිහා බලාගෙන ඉන්නවා.

ඔබට මාළු ඇති කරන්න ආසාවක් ඇති වුණේ නැද්ද?

මම මුලින්ම මාළු ටැංකියක් ගත්තේ හයේ පංතියෙදි. යාළුවෙක් එක්ක එකතු වෙලා ටැංකිය ගෙදර ගෙනාවා. ඒකේ හිටියේ ගෝල්ඩ් ෆිෂ් මාළු තුන්දෙනෙක් සහ ගප්පි රෑනක් විතරයි. තාමත් ඒ ටැංකිය මා ළඟ තියෙනවා.

මම වෙල්වල තියෙන ජලජ පැළෑටි ගෙනත් මේ ටැංකියේ හිටවලා හැඩ බලන්න පටන් ගත්තා. ටැංකියේ ඉඩ මදිවෙලා අසල්වැසි නිවසක කැඩුණ ඉවත දමා තිබුණ ටැංකියක් මම විල් බැරොවකින් අපේ ගෙදරට ගෙනත් වීදුරුවක් සවි කර ගත්තා.

මට මේ ටැංකිය ලස්සන කරන්න අවශ්‍ය වුණා. මම මුලින් කිව්වා වගේ ඇලේ මාළු ගැන මම අවධානයෙන් හිටියේ. ඉතින් මේ මාළු පීනලා ක්‍රියාශීලීව ඉන්න නම් ජලජ පැළෑටි අවශ්‍ය බව මට තේරුණා.

ඒ වගේම මාළුන්ගේ බෝ වීමත් හොඳින් සිදු වෙන්නෙ ජලජ පැළෑටි අතරේ බව මට තේරුණා. ඇලෙන් වැලි ගෙනත් දාලා කෙකටිය, දියහවරිය වගේ පැළෑටි දැම්මා. මම නිතරම ටැංකියටත් ජලජ පැළෑටි ගෙනත් හැඩ වැඩ දැම්මා.

නොදැනීම ජලජ ශාක එකතුවක් ගොඩනැගුණා

මට විශාල පැළ එකතුවක් ගොඩ නගා ගන්න හැකි වුණා. කොහේ ගියත් පැළෑටියක් ගෙනත් ටැංකියට දානවා. ඒ කාලයේ වැඩියෙන්ම තිබුණේ වැලි සෙනේරියා, හයිඩි්‍රල්ලා, කැබොම්බා මේවා විදේශ රටවලින් ගෙනා පැළෑටි. මම ඊට අමතරව කෙකටිය, ග්‍රිස්ටෝ, කෙතල වගේ අපේ රටේ පැළෑටිත් ගෙනත් පැළ කර ගත්තා.

2005 “මින් විසිතුරු” ප්‍රදර්ශනයට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ ප්‍රදර්ශයේදී මට වෙනත් මින්මැදුරු නරඹන්න හැකියාව ලැබුණා. මේ අයගේ ප්‍රදර්ශන කුටි වල විවිධ ජලජ ශාක පැළෑටි ගොඩක් තිබුණා.

මම ජලජ පැළෑටි පිපාසයෙන් සිටින නිසා මේ තැන් වලින් ජලජ පැළෑටි මිලට ගන්න ඇහුවත් මට ලැබුණේ පුදුම උත්තරයක්. ඒ අය මට කිව්වා මේ පැළ අලෙවි කරන්නේ නැහැ කියලා. ඉතින් මම ඇහුවා එහෙමනම් මේ පැළ ප්‍රදර්ශනයක් තියන්නේ මොකටද කියලා.

ඒ විකුණුම්කරුවන් එම ජලජ පැළෑටි දේශීයව අලෙවි කරන්නේ නැති බවත් විදෙස්ගත ගැනුම්කරුවන් ඉලක්ක කරගෙන ඒවා විකුණන බවත් ප්‍රකාශ කළා. මාව ප්‍රදර්ශනය නැරඹීමට එක්කන් ගිය මගේ යාළුවා ඊළඟ ප්‍රදර්ශනයට මට සහභාගීවන ලෙස යෝජනා කළා.

මිතුරාගේ ඉල්ලීම ඔබ පිළිගත්තා

ඔව්, 2006 වසරේ මින් විසිතුරු ප්‍රදර්ශනයට මම ඉදිරිපත් වුණා. මගේ දුබල ටැංකි ටික පිළිසකර කරගෙන ළඟ තිබුණ එකතුවෙන් ජලජ පැළෑටි ටිකකුත් අරගෙන ගියා. ජලජ පැළෑටිවලට තියෙන ඉල්ලුම ගැන එදා මට තේරුණා.

අපේ රටේ විසිතුරු මත්ස්‍යයන් වෙනුවෙන් රටේ ඉල්ලුුමක් තිබෙනව බව දන්න්වා. නමුත් විසිතුරු ජලජ පැළෑටිවලට තිබෙන ඉල්ලුම තේරුණේ එදා මම අරගෙන ගිය පැළෑටි මට නැවත ගේන්න ලැබුණෙ නැහැ. සේරම අලෙවි වුණා.

අපේ රටේ මේ ගැන තිබෙන උනන්දුව මට එදා තේරුණ. 2006 ප්‍රදර්ශනයෙන් මම ජාතික මට්ටමින් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ප්‍රදර්ශන වලට ඉදිරිපත් වෙලා විවිධ නව ප්‍රභේද මත්ස්‍යන් වෙනුවෙන් වගේම නව ප්‍රභේද ජලජ පැළෑටි වෙනුවෙන් මට සම්මාන ලැබී තිබෙනවා.

ඒවගේම දේශීය පැළ එකතුවක් මා ළඟ තියෙනවා. දේශීය පැළෑටි වන ක්‍රිප්ටෝ (ඇතුඩියම්), ලෙගනෙන්ඩ්‍රා (කෙටල), කෙකටිය, යනාදී පැළ මගේ ගොවිපළ තුළ වගා කරනවා. ඒවගේම මම වඳ වී ගෙන යන ශාක සංරක්ෂණයක්ද සිදු කරනවා.

ඇනෝබියාස් මල් පරාගනයෙන් පැළ ලබාගත්ත

අපේ රටේ තවමත් ඇනෝබියාස් බෝ කර ගන්නේ පටක රෝපණයෙන් පමණයි. ඇනෝබියාස් ස්වභාවිකව පරාගනය වෙන්නේ නැහැ. මම අන්තර්ජාලය ඔස්සේ මල් පරාගනයෙන් බීජ ලබා ගැනීමේ හැකියාව ගැන හෙව්වා. නමුත් මල ගැන තොරතුරු ලැබුණත් බීජ ගැන කිසිම තොරතුරක් ලැබුණේ නැහැ.

මීට වසර පහකට පමණ පෙර මම මල් පරාගනය කරගෙන බීජ ලබා ගත්තා. දැනටත් මම ඇනෝබියාස් බීජ වලින් පැළ ලබා ගැනීමේ ක්‍රම ගැනත් සොයමින් ඉන්නවා. මව් පැළයේ සහ බීජ වලින් ලබා ගත් පැළ අතර වෙනසක් නැහැ. මම දැනට මේවා දෙමුහුන් කරලා පැළ ලබා ගැනීමේ පර්යේෂණයකුත් පවත්වා ගෙන යනවා. කොෆිෆෝලියා මල් මගිනුත් බීජ ලබා ගන්න අදහස් තියෙනවා.

අපේ රටේ දේශීය වෙළඳපොළට වුණත් ජලජ පැළෑටි සපයන ව්‍යවසායකයෝ අඩුයි. ඉතින් විදේශීය වෙළඳපොළ තබා දේශීය වෙළඳපොළවත් තවම සම්පූර්ණ නැහැ. මම විදේශීය වෙළඳපොළට නම් ඉල්ලුමක් ලැබුණොත් පමණක් ඉදිරිපත් කරනවා.

මුල ඉඳලාම මගේ අරමුණ වුණේ දේශීය වෙළඳපොළට ජලජ ශාක ඉදිරිපත් කිරීමයි. මා විසින් සපයනු ලබන්නේ දේශීය වෙළදපොලෙන් 20% ක ප්‍රමාණයක්. ඉතින් ඕනෑම කෙනෙකුට දේශීය වගේම විදේශීය වෙළඳපොළට ඇතුළු වෙන්න හොඳ ඉඩ කඩ තිබෙනවා.

ජලජ පැළෑටි අවශ්‍ය නම් ඔන්ලයින් ඇණවුම් හරහා ඇණවුම් කරන්න පුළුවන්. ඒ වගේම ජලජ පැළෑටි වගාව ගැන පුහුණුව ගැනීමට හැකියාව පවතිනවා. මූලික පුහුණුව වගේම ජලජ ශාක වගාව හා අලෙවිය පිළිබඳව පුහුණු පාඨමාලාවක් ද සිදුකරනවා. දැනට කණ්ඩායම් පහකට මූලික පුහුණුව ලබාදී තිබෙනවා.

ජීව ෆිල්ටරය ගැනත්

මේ ෆිල්ටරයට කෘත්‍රිම දෙයකට යොදා ගන්නේ නැහැ. මේ ශාක සියල්ලම අපේ ස්වභාවික පරිසරයෙන් ලබා ගත්තා. මී, කුඹුක් වැනි ශාක මුල්වලින් ඇමෝනියා අවශෝෂණය කරනවා. වතුර පෙරිලා පොකුණට ලබා දෙනවා.මුල්වල තනිකරම අපද්‍රව්‍ය තැන්පත් වෙනවා. අපද්‍රව්‍ය කොම්පෝස්ට් විදිහට භාවිත කරනවා. මේවා නැවත ෆිල්ටර් කරලා පිරිසිදු වතුර ලබා දෙනවා.

 පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: ranjith shantha, විසිතුරු මාළු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?