නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තැන තැන ඉදිවන ස්වයංක්‍රීය කිළුටු සෝදන මැෂින්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තැන තැන ඉදිවන ස්වයංක්‍රීය කිළුටු සෝදන මැෂින්

Published September 11, 2023

ගෙදර දොරේ රෙදි කන්දක් ගොඩ ගැහිලා තිබෙනු දැකීම ඇත්තටම මනසට එක්තරා ආකාරයක වෙහෙසක්. එක් පැත්තකින් නිවස අපිරිසිදුයි. ඒ වගේම අපිළිවෙලයි. ගෙදර හැම දෙනාම උදේ පාන්දරින් නිවසෙන් පිටවෙලා ගොස් හවසට නැවත පැමිණෙන නිසාම කාලය පිළිබඳ ප්‍රශ්නත් තියෙනවා. නමුත් දවසින් දවසම කිලිටි ගොඩට එකතු වෙන ඇඳුම්වල අඩුවකුත් නැහැ.

නමුත් කඩවත කොකිස් කඩේ හන්දියේ පිහිටි “Wash N go” ස්වයංක්‍රිය රෙදි සෝදන මධ්‍යස්ථානයට ගියොත් ඔබට රෙදි ටික සෝදාගෙන අවශ්‍ය කළමනා සියල්ලත් රැගෙන නිවසට එන්නත් පුළුවන්. මේ ගැන කඩවත නුවර පාරේ කොකිස් කඩේ හන්දියේ සණස මෙට්රෝ වෙළඳ සංකීර්ණයේ පිහිටි “Wash N go” ස්වයංක්‍රිය රෙදි සෝදන මධ්‍යස්ථානයේ හවුල්කාර අනුර රණවීර අපට කතා කළා.

මගේ සහෝදරයෙක් විදේශගත වුණා. සාමාන්‍යයෙන් හෝටලයක නවාතැන් ගත්තාම රෙදි සෝදා ගැනීමේ පහසුකම් ඒ හෝටලයෙන් සපයනවා. නමුත් මේ හෝටලයේ ඒ වෙනුවෙන් පහසුකම් තිබිලා නැහැ. මේ ගැන විමසා සිටියාම ඔහුගේ රෙදි සෝදා ගැනීමට ස්වයංක්‍රිය ලෙසින් ක්‍රියාත්මක වෙන රෙදි සෝදන යන්ත්‍ර තිබෙන ස්ථාන ගැන ඔවුන් මගේ සහෝදරයාට කියා තිබුණා.

මගේ සහෝදරයා මේ ක්‍රමවේදය ගැන බොහොම සතුටට පත් වෙලා ලංකාවට ඇවිත් අපිත් මේ වගේ මධ්‍යස්ථානයක් පටන් ගනිමු කිව්වා. අපේ රටට නම් මෙම ස්වයංක්‍රිය රෙදි සේදීම අලුත් ක්‍රමවේදයක් වුණත් චීනය, සිංගප්පූරුව වැනි රටවල්වල මේ ක්‍රමය ඉතාම ජනප්‍රියයි. ඉතින් මමත් මේ අදහසට කැමැති වුණා. අපි ස්වයංක්‍රිය රෙදි සෝදා ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කළා.

මේ යන්ත්‍ර ගැන කතා කළොත්

මේ යන්ත්‍රය කොටස් දෙකකින් යුක්තයි. යන්ත්‍රයේ රෙදි සෝදන කොටස, රෙදි සේදීමට අවශ්‍ය උපදෙස් හා සේදීමට ටෝකන් ලබා දෙනවා. මේ කුටීරය නිල් පාටින් යුක්තයි. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී වුණත් ජලය සමාන කරන්නේ නිල් පාටට. ඒ නිසා රෙදි සෝදන යන්ත්‍රයේ සෝදන කොටස නිල් පාටින් යුක්තයි.

යන්ත්‍රයෙන්ම රෙදි වියලීමත් (Dryer)

රෙදි වියලා ගැනීමට අවශ්‍ය උපදෙස් හා වියලීමට ටෝකන් ලබා දෙන කුටිරය රතු කිව්වාම අපේ හිතට නැගෙන්නේ රස්නය ගැන හැඟීමක්. ඒ නිසා ඇඳුම් වියලන කොටස රතු පාටින් යුක්තයි.

කාගේවත් උදව් නැතිව මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

මුලින්ම පාරිභෝගිකයා විසින් තමන් රැගෙන එන ඇඳුම් යන්ත්‍රය ඇතුළට දාලා හොඳින් දොර වහනවා. රෙදි සෝදන ක්‍රමවේදය ගැන මාර්ගෝපදේශ සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් රූප සටහන් සහිතව 1, 2, 3 ආදි වශයෙන් දක්වා තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීම ඉතාම පහසුයි. සාමාන්‍යයෙන් වරකට ඇතුළත් කළ යුතු උපරිම බර කිලෝ 12 ක් වුණත් අපි කිලෝ දහයක් බර ප්‍රමාණය නිර්දේශ කර තිබෙනවා. මේ වෙනුවෙන් අවශ්‍ය සේදුම් දියර වගේම සේදුම් යන්ත්‍රයේ P1 සිට අනුපිළිවෙළින් P6 දක්වා වූ බොත්තම් 5 ක් තිබෙනවා.

රෙදි වර්ග කිරීම

අපි නිවසේ රෙදි සෝදන යන්ත්‍රයට වුණත් රෙදි ඇතුළත් කරන්නේ වර්ග කිරීමක් අනුවයි. අපි අඳින ඇඳුම්වලත් විවිධ ප්‍රභේද තිබෙනවා. ඉතා මෘදු ඇඳුම් වගේම ඩෙනිම් වැනි ගොරෝසු කලිසම් වර්ග තිබෙනවා. මේවා වෙනුවෙන් අවශ්‍ය වන සේදුම් කුඩු වගේම ජලය ප්‍රමාණය වෙනස්. ඒ නිසා අපි රෙදි සෝදන විට අදාළ තේරීම කිරීමට P බොත්තම් භාවිත කරනවා.

මෙම යන්ත්‍රයේ බොත්ම් P 1, P 2 සහ P3 විදිහට P 6 දක්වා බොත්තම් හයක් තිබෙනවා. මෙහි සේදුම් කාලය විනාඩි 27 සිට විනාඩි 45 ක් දක්වා තේරීමක් කරන්න පුළුවන්. අපේ වර්ග කිරීම අනුව කාලය රෙදිවල බර අනුව තීරණය කරනවා. ඒ අනුව ගෙවිය යුතු මුදල වෙනස් වෙනවා.

P 1 විනාඩි 27 (සිසිල් ජලයේ මෘදු සේදුම)
P 2 – විනාඩි 36
P3 – විනාඩි 45

දැන් රෙදිවල බර අනුව අදාළ මුදල යන්ත්‍රය විසින්ම තීරණය කරනවා. සේදුම් යන්ත්‍රයට විශේෂිත ටෝකන් වර්ගයක් තිබෙනවා. ලංකාවේ ව්‍යවහාර මුදල් බාර ගන්නේ නැහැ. මෙම ටෝකන් ලබා ගැනීමට වෙනම යන්ත්‍රයක් තිබෙනවා. අදාළ සේදුම් ක්‍රමය තෝරා ගත්තාට පසුව අවශ්‍ය ටෝකන් සටහනින් තීරණය කරල එම ටෝකන් ප්‍රමාණය ඩිස්පෙන්සර් යන්ත්‍රයෙන් ලබා ගන්න ඕන. මේ ටෝකන් ප්‍රමාණය සේදුම් යන්ත්‍රය වෙත ඇතුළු කළ පසුව සේදුම් යන්ත්‍රය ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා.

එක් එක් යන්ත්‍රයේ මුදල් අගය වෙනස්

අපි රෙදි ඇතුළු කරන විට රෙදි වර්ග කරනවා. ගත වෙන කාලය අනුව විදුලිය, යොදන ජලය, සේදුම් දියර සහ සුවඳ ද්‍රව්‍ය වෙනස් වෙනවා. ඔබ තෝරා ගත් රෙදි වර්ගය අනුව වේලාව අවරෝහණ විදිහට යන්ත්‍රයේ ප්‍රදර්ශනය වෙනවා. ඒ අනුව ඔබට කාලය තීරණය කරගෙන වෙනත් කාර්යක් කරගෙන නැවත මෙතැනට එන්න පුළුවන්. රෙදි සෝදන කාලය තුළ හෝ ඊට පෙරාතුව මෙම මධ්‍යස්ථානයට පැමිණීම වැදගත් එවිට ඊළඟට සිටින පාරිභෝගිකයාගේ කාලය අපතේ යන්නේ නැහැ.

රෙදි සෝදා ඉවර වුණාම

අදාළ කාලයේදී රෙදි සේදී අවසාන වුණාම ඔබට රෙදි වියලා ගන්න අවශ්‍ය නම් රතුපාට (Dryer) වියලනය තුළට රෙදි ඇතුළු කරන්න සහ 3 වියලන යන්ත්‍රය දක්වා ඇති සටහනේ පරිදි 1, 2, 3 අනුගමනය කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය ටෝකන් ප්‍රමාණය පෙර පරිදි ලබා ගෙන වියලනය තුළට ඇතුළු කරන්න පුළුවන්.

රෙදි සෝදා ගන්න පාරිභෝගිකයෙක් අනිවාර්යෙන්ම වියලා ගත යුතුද?

නැහැ, පාරිභෝගිකයාට රෙදි වියලා ගැනීමේ පහසුකම් තිබෙනවා නම් කිසිම බාධාවක් නැහැ. ඒ වගේම වැසි කාලයේදී සෝදන රෙදි අපේ ස්වයංක්‍රීය යන්ත්‍රයෙන් වියලා ගැනීමටත් පුළුවන්. රෙදි සෝදන යන්ත්‍රයෙන් පිටතට එන රෙදි යම් ප්‍රමාණයකින් වේලිලා තිබෙන නිසා වතුර බේරෙන්නේ නැහැ. ඒ නිසා පාරිභෝගිකයාගේ වාහනය අපිරිසිදු වෙන්නෙත් නැහැ. ස්වයංක්‍රිය රෙදි සෝදන යන්ත්‍රය තිබෙන තැන අපිරිසිදු වෙන්නෙත් නැහැ.

හදිසියේ වතුර නැති වුණොත්

ජල කප්පාදුවක් කළත් අපේ ගබඩා ටැංකි වලින් වතුර රැස් කර තිබෙනවා. ඒ නිසා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. විදුලිය විසන්ධි වුණත් නැවත විදුලිය ලැබුණ විට Start බොත්තම ක්‍රියාත්මක කිරීමෙන් යන්ත්‍රය තමන්ගේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. වැඩසටහනකට අනුව සිදුවන නිසා යන්ත්‍රය විසින්ම මුලින් නැවතුන තැන ඉඳලා සේදීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. විදුලිය විසන්ධි වුණා කියලා නැවත මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ.

සේදුම් දියර අවසාන වුණොත්

අපි මේ ස්ථානයේ සඳහන් කර තිබෙන දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. හදිසි අවස්ථාවකදී කතා කරලා ඔබේ ගැටලුව විසඳා ගන්න පුළුවන්. CCTV කැමරා පද්ධතිය ආශ්‍රයෙන් නිවසේ ඉඳන්ම නිරීක්ෂණය කරනවා.

එවිට සේදුම් දියර අවසාන වෙනවා නම් හෝ වෙනත් ගැටලුවක් තිබෙනවා නම් ඊට විසඳුම් ලබා දෙනවා. ඒ නිසා පාරිභෝගිකාට කිසිම ගැටලුවක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ස්වයංක්‍රිය රෙදි සෝදන යන්ත්‍රයෙන් සේවාව ලබා ගැනීමේ කාලය

අපි දවසේ පැය 24 ම විවෘතයි. මේ අන්දමේ ඒකක තුනක් තිබෙනවා. කඩවත නුවර පාරේ කොකිස් කඩේ හන්දියේ, කැලනිය නුවර පාරේ 6 කණුව කීල්ස් වෙළඳසැල ඉදිරිපිට සහ මාලඹේ කොතලාවල නව නුවර පාරේ කොතලාවල නර්සිංහෝම් ගොඩනැගිල්ලේ මෙම මධ්‍යස්ථාන පිහිටා තිබෙනවා.

විශේෂයෙන් උත්සව කාලවලදී වඩාත් පහසුවක් තිබෙනවා. අපේ නිවෙස්වල දොර, ජනේල තිර රෙදි සේදීම පහසු නැහැ. ඒ වගේම ආයතනවලදී වුණත් දින ගණන් ගතවෙන ක්‍රියාවලියට හොඳම විසඳුමක් තිර රෙදි, මේස රෙදි වගේ දේවල් කට්ටල දෙක තුන නැති නිසා ආයතනයේ රාජකාරී අවසාන වීමත් සමග මේ මධ්‍යස්ථානයට ඇවිත් සේවකයෙකුට වුණත් රෙදි සියල්ල සෝදාගෙන යන්න පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Automatic washing machine, Wash N go
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?