නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජීවමාන බවට සමාන මුතුරාජා යළි දුටුවෙමි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ජීවමාන බවට සමාන මුතුරාජා යළි දුටුවෙමි

Published September 4, 2023

පෙරහැර මංගල්‍යය කළ එළි කරන ලද අලි ඇතුන් අතර මහනුවර රාජා, නැදුන්ගමුවේ රාජා වගේම මුතු රාජා අපේ මතකයෙන් ඈත් වෙන්නේ නැහැ. මහනුවර දළදා මාළිගාවේ රාජා හස්තියා මිය යෑමත් සමග සම යොදාගෙන ඇතාගේ විශාලත්වයටම සමාන අනුරුවක් මහනුවර දළදා මාළිගාවේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ පෙරහැර මංගල්‍යයට රාජා ඇතා ලබා දුන් දායකත්වය වෙනුවෙන්. නැදුන්ගමුවේ රාජා ඇතාගේත් පිළිරුවක්ද ඉදි වෙමින් පවතිනවා.

නමුත් මුතුරාජා තවම ජීවතුන් අතර සිටිනවා. ඒ වගේම අලුත්ගම කන්දෙ විහාරයේ හැදුණ වැඩුණ මුතු රාජා තායිලන්ත රජයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ ත්‍යාගයක් වගේම මෙරට බලධාරීන් නිසි අවධානයක් මුතු රාජාට නොදුන් නිසා නැවතත් මුතුරාජාව උපන් රටටම ගෙන්නගන්න තායිලන්ත රජය කටයුතු කළා. නමුත් තවත් මුතුරාජා ඇතෙක් ලංකාවේ තවමත් ඉන්නවා.

මේ කතාව ලංකාවේ ඉන්න මුතුරාජා ගැන අලුත්ගම කළුවාමෝදර පදිංචි අජිත් කුමාරට මුතු රාජාගේ පිළිරුවක් නිර්මාණය කරන්න හිතුණා. ඒ වනවිට මුතු රාජාගේ පදිංචිය මේ විදිහට වෙනස් වෙයි කියන ආරංචියක් තිබුණේ නැහැ. අජිත් කුමාරගේ හිතට මේ අදහස ඇති වුණේ වසර 11 කට පෙර එනම් 2012 වසරේදී. ඉතින් අද වනවිට කන්දේ විහාර භුමියේ මුතු රාජා නොමැති වුවත් මුතු රාජා යැයි බැතිමතුන් රැවටෙන ඇත් පිළිරුවක් තිබෙනවා. එහි නිර්මාණ අයිතිය තිබෙන අජිත් කුමාර ගෙන් අපි මේ ගැන දැන ගනිමු.

ඔබට මුතුරාජාගේ පිළිරුවක් නිර්මාණය කරන්න හිතුණේ ඇයි?

මම මේ විදිහේ නිර්මාණ කරනවා. ඉතින් මම මේ පැත්තෙන් යන එනවිට නිතරම මුතු රාජාව දකිනවා. මට හිතණා මේ ඇතාගේ පිළිරුවක් නිර්මාණය කරන්න ඕන කියලා.

ඇත් පිළිරුව හැර වෙනත් ඇත් ප්‍රතිමා නිර්මාණය කරලා තිබෙනවද?

ඔව්, මම දැනට මේ වගේ පිළිම හතරක් නිර්මාණය කර තිබෙනවා. පිළිරුවක් කිව්වාම අපි දකින්නේ සහ හිතන්නේ සාමාන්‍ය ගලින් හෝ වෙනත් අමුද්‍රව්‍යක් යොදාගෙන සිදුකරන නිර්මාණයක්. නමුත් මුතු රාජාගේ පිළිරුව දුටුවාම අපේ හුස්ම නවතිනවා.

කොටින්ම වෙනසකට තිබෙන්නේ මේ පිළිරුව හුස්ම නොගැනීම පමණයි. මේ පිළිරුව ඇතාගේ ප්‍රමාණයට විශාලයි. ඒ වගේම වලිගය වනනවා. කන් සොලවනවා. ඇස් චලනය වෙනවා. කට සෙලවෙනවා. ප්‍රාණය තිබෙන ඇතෙකුට සමානයි. වෙනසක් තිබෙනවා නම් ඇවිදින්න බැරි වීම පමණයි.

මේ තරම් සජීවි අන්දමින් මේ ඇතාගේ පිළිරුව නිර්මාණය කරන්න ඔබ යොදා ගත් අමුද්‍රව්‍ය ගැන කිව්වොත්…

ඇතාගේ බඳ ප්‍රදේශය සිමෙන්තියෙන් සකස් කළා. කන් වලට රෙක්සින් රෙදි යොදා ගත්තා. හොඬවැලට ටයර් යොදා ගෙන නිර්මාණය කළා. ඒ වගේම අංග චලන සඳහා යොදා ගත් මෝටරයත් මම නිර්මාණය කළා.

පිළිමය දකින අයගේ ප්‍රතිචාර…

නොදන්නා කෙනෙක් මේ හදපු පිළිරුවක් කියල හිතන්නේ නැහැ. නොදන්නා අය මෙතැනින් විගහට ඉවත් වෙනවා. සමහර බැතිමතුන් පලතුරු වට්ටි ගෙනත් ඇතාට දෙනවා. ඒ මේ ඇතාගේ කට නිතරම ආහාර ගන්නවා වගේ සෙලවෙන නිසා කිසිම කෙනෙක් මේ හදපු ඇත් පිළිරුවක් කියල හිතන්නේ නැහැ.

අනාගතයේදී ඇවිදින ස්වභාවයේ ඇතෙක් නිර්මාණය කරන්න අදහසක් නැතිද?

රොබෝ ඇතෙක් නිර්මාණය කරන්න මම අදහස් කරනවා. නමුත් ඒ වෙනුවෙන් ලක්ෂ 70 ක් පමණ වැය වෙනවා. මේ ඇත් රූපය වෙනුවෙනුත් ලක්ෂ 6 ක් පමණ වියදම් වුණා. කවුරුන් හෝ අනුග්‍රහයක් දුන්නොත් ඇවිදින ඇතෙක් නිර්මාණය කරන්න පුළුවන්.

මේ ගැන කැමැත්තක් දක්වන අයෙකගෙන් ඉල්ලීමක් ලැබුණොත්?

මේ චලනය වන ඇතාගේ ආකෘතියෙන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට එය නිර්මාණය කර දෙනන් පුළුවන්. ලංකාවේ ඕනෑම තැනකට ඇවිත් ගමන් වියදම නොගෙන එය නිර්මාණය කර දෙන්න මම සූදානම්. වෙන වැඩකට නොයෙදී සම්පූර්ණ කාලය යොදවනවා නම් මාසයකින් පමණ කාලයකින් අවසාන කරන්න පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Muthuraja, perahara, මුතුරාජා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?