නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොනව කිව්වත් Dark  චොකලට් අත්හරින්න බෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මොනව කිව්වත් Dark  චොකලට් අත්හරින්න බෑ

Published August 21, 2023

චොක්ලට් ගැන කතා ගොඩක් මැද්දේ ඩාක් චොක්ලට් කියන්නෙ ගණ කොකෝවා සහ කොකෝවා බටර්වලින් පමණක් සැකසූ චොක්ලට් විශේෂයක්. මෙහි කිරි හෝ බටර් අඩංගු වෙන්නෙ නෑ. 50%-90% ක කොකෝවා සංයුතියකින් නිපදවන ඩාක් චොක්ලට් ගැනයි මේ කතාව.

පෝෂණ ගුණයෙන් අනූනයි

80% ක පමණ කොකෝවා සංයුතියක් ඇති හොඳ තත්ත්වයේ ඩාක් චොක්ලට් ග්‍රෑම් 100 ක පහත සඳහන් පෝෂණ කොටස් අඩංගු වෙනවා.

ෆයිබර් ග්‍රෑම් 11ක්
යකඩ දිනක අවශ්‍යතාවයෙන් 67% ක්
මැග්නීසියම් දිනක අවශ්‍යතාවයෙන් 58% ක්
කොපර් දිනක අවශ්‍යතාවයෙන් 89% ක්
මැංගනීස් දිනක අවශ්‍යතාවයෙන් 98% ක්

මීට අමතරව පොටෑසියම්, පොස්පරස්, සින්ක් සහ සෙලෙනියම් ද විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. නමුත් දිනපතා ඩාක් චොක්ලට් ග්‍රෑම් 100 ක් ආහාරයට ගැනීම නුවණට හුරු නම් නෑ. මොකද කැලරි 600 ක් පමණ එහි අඩංගු වෙනවා. මධ්‍යස්ථව ආහාරයට ගැනීමටයි ඩාක් චොක්ලට් සුදුසු වන්නේ. ඩාක් චොක්ලට්වල කැෆේන් අඩංගු වුවත් කෝපිවලට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් තමයි අඩංගු වී තිබෙන්නේ.

ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක්

ඩාක් චොක්ලට්වල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. බ්ලූබෙරි වැනි බොහෝ පලතුරුවලට වඩා මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියි. රුධිර ගමනාගමනය යහපත් කර රුධිර පීඩනය අඩු කරයි

ඩාක් චොක්ලට්වල ඇති ෆ්ලේවනෝල්වලට නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමට ධමනිවල ඇති එන්ඩොතලියම් උත්තේජනය කළ හැක. එහි එක් කාර්යයක් වන්නෙ ලිහිල් කිරීම පිණිස ධමනිවලට සංඥා යැවීමයි. එය රුධිර ගමනාගමනයේ ප්‍රතිරෝධය අඩු කර රුධිර පීඩනය අඩු කරයි.

හෘද රෝග අවම කරයි

පරීක්ෂණයකදී කොකෝවා කුඩු පිරිමින් තුළ ඔක්සිකරණය වූ LDL(අහිතකර කොලෙස්ටරෝල්) සැලකිය යුතු ලෙස අඩු කරන බව සොයා ගන්නා ලදී. එය HDL වැඩි කළ අතර ඉහළ කොලෙස්ටරෝල් අගයක් ඇති අයගේ සම්පූර්ණ LDL ප්‍රමාණය අඩු කරන ලදී.

හිරු කිරණින් සමට ආරක්ෂාව

ඩාක් චොක්ලට්වල ඇති ජෛව සක්‍රීයකාරක සංයෝග සමට වඩාත් යහපත් ලෙස බලපායි. එහි ඇති ෆ්ලේවනෝල්වලට හිරු කිරණින් සම ආරක්ෂා කිරීමේ හැකියාව ඇත. සමේ ගණත්වය වැඩි කිරීමේ හැකියාව ද ඩාක් චොක්ලට්වල තිබෙනවා. එමෙන්ම සමෙහි තෙතමනය රකින්නටත් මෙය උපකාරී වෙනවා.

මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි

නිරෝගී පුද්ගලයින් දින පහක් තිස්සේ යොදාගෙන කළ පරීක්ෂණයකදී ඔවුන්ගේ මොළයට ගමන් කරන රුධිර ප්‍රවාහය වැඩි දියුණු කළ හැකි බව සොයාගෙන තිබෙනවා. සංජානන ආබාධ ඇති වැඩිහිටියන්ගේ ගැටලුවලටත් ඩාක් චොක්ලට් උපකාරී වනවා. කෙසේ වෙතත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැති බව ඔබ දන්නවා. එය ආහාරවලට පමණක් නොව ඕනෑම දේකට පොදුයි. එම නිසා අවශ්‍ය පමණට පරිභෝජනය කිරීමේ වගකීම ඔබ සතුයි.

Smartlady.lk ඇසුරෙන්

අර්චිත ඉඳුවර



 

TAGGED: chocolate, Dark  චොකලට්, nutritional
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?