නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අසාත්මික රුධිර පරික්ෂාවක අවශ්‍යතාවය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අසාත්මික රුධිර පරික්ෂාවක අවශ්‍යතාවය

Published August 21, 2023

ජනගහණය අධික වීමත්, පරිසරය හා සෞඛ්‍ය ගැන බොහෝ දෙනා තුළ උනන්දුවක් නොමැතිකමත් නිසා පරිසර හා ආහාර දූෂණය උග්‍ර වී ඇත. මේ නිසා ලෙඩ රෝග ව්‍යප්තවීම සහ අලුතින් රෝග තත්ත්ව මතුවීමට වෙනදාට වඩා වැඩිය. එමනිසා අප නිරන්තරයෙන් යම් රෝග ලක්ෂණයක් මතුවූ විට ඒ සඳහා කළ යුතු සහ නොකළ යුතු සෞඛ්‍ය පරීක්ෂණ ගැන අවබෝධයෙන් සිටිය යුතුය.

මොකක්ද මේ ආසාත්මික රුධිර පරීක්ෂාව

සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වෛරස් හා බැක්ටීරියා වැනි රෝගකාරක වලට එරෙහිව ප්‍රතිදේහ නිපදවනු ලබයි. සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සම්බන්ධ පොදු, දිගුකාලීන අසාත්මික තත්ත්වයක් ඇති අයට ඇතැම් ආහාර නිසා ආසාත්මිකතාව වැළඳිය හැකිය. එවැනි පුද්ගලයකුගේ සිරුරට පරාග හෝ රටකජු වැනි හානිකර නොවන ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් ඇතුලු වීමක් සිරුරට වන තර්ජනයක් ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් හඳුනා ගැනීමට ඉඩ ඇත.

එවිට ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඊට එරෙහිව සටන්කිරීමට IgE ප්‍රතිදේහ නිපදවයි. එමගින් ආසාත්මිකතා රෝග ලක්ෂණ ඇතිකරයි. එවැනි අවස්ථාවල රුධිරයේ ඇති Immunoglobulin E (IgE) නම් ප්‍රතිදේහ ප්‍රමාණය මනිනු ලැබේ. ඔබට ආසාත්මිකතා රෝග ලක්ෂණ ඇති වී තිබේ නම් ඔබේ රුධිර පරීක්ෂාවේ ඇති IgE නමැති ප්‍රතිදේහ මට්ට්ම තිබිය යුතු සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වේ.

ආසාත්මිකතාකාරක

ආසාත්මිකතා ඇතිකළ හැකි හානිකර ද්‍රව්‍ය ආසාත්මිකතාකාරක ලෙස හැඳින්වේ. ඒ යටතට පරාග, දූවිලි, පුස්, දිලීර, ඇට වර්ග සහ බෙල්ලන් ඇතුලු ඇතැම් ආහාර, පෙන්සිලින් වැන ඖෂධ මේ ගණයට වැටේ.

ආසාත්මිකතා රෝග ලක්ෂණ

නාසය හිරවීම කැසීම, කඳුලු ගැලීම, කැසීම, පාචනය, වමනය, කිවිසුම් යෑම, ඇදුම හෝ අසංරක්ෂක ප්‍රහාරය වැනි ජීවිත තර්ජනක් පවා විය හැකි රෝග තත්ත්ව මෙමගින් ඇති විය හැකිය.

පරීක්ෂණයෙන් කුමක් සිදුකෙරේද?

මෙමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ආසාත්මිකතාවකට එරෙහිව නිපදවා ඇති ඔබේ රුධිරයේ ඇති මුළු IgE ප්‍රතිදේහ ප්‍රමාණය මැන බැලේ. IgE ප්‍රතිදේහ ප්‍රමාණය අධික නම් ඔබ ආසාත්මිකතාවකට අවදානම් වන සෞඛ්‍ය තත්ත්වයකට ගොදුරු වී ඇති බව වෛද්‍යවරුන්ට හඳුනාගත හැකිය. රුධිර පරීක්ෂණයට හැරුණුකොට ආසාත්මිකාරක සෘජුවම සමට දමා කෙරෙන පරීක්ෂණයක්ද වෙයි.

(https://medlineplus.gov/  ඇසුරෙන්)

සුනිල් අල්ගම
 

TAGGED: Allergens, Allergy blood test, Immunoglobulin
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?