නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දිය නාන දරුවන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධාන‍යෙන් ඉල්ලීමක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දිය නාන දරුවන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධාන‍යෙන් ඉල්ලීමක්

Published August 21, 2023

ලෝක දියේ ගිලෙන්නන් වැළෑක්වීමේ දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලින් ඉල්ලා සිටියේ ළමුන් දියේ ගිලීම වැළැක්වීම සඳහා ආයෝජනය කරන ලෙසයි.

ක්‍රියාකාරකම් දෙකක්

දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින පෙර පාසැල් වයසේ දරුවන් වෙනුවෙන් සහ පාසල් වියේ දරුවන්ට මූලික පිහිනුම් කුසලතා ඉගැන්වීම යන ක්‍රියාවලින් දෙක සඳහා මුදල් ආයෝජනය කිරීම තුළින් අනාගතයේ ජීවිත දසලක්ෂ ගණනින් බේරාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ සඳහා ආයෝජනය කරන සෑම ඩොලරයක්ම මුල් වටිනාකම මෙන් නව ගුණයක් ප්‍රතිලාභ අත්කරන බව එය වැඩිදුරටත් පවසයි.

අවතක්සේරුවට කරුණක් නොවේ

දියේ ගිලීම තවදුරටත් අවතක්සේරු කළ නොයුතුය. පසුගිය දශකය තුළ දියේ ගිලීමෙන් සිදුවී ඇති මුළු මරණ මිලියන 2.5 ඉක්මවයි. මෙම මරණ වලින් 90% ක්ම අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවලින් වාර්තා වේ. සෑම වයස් කාණ්ඩයක්ම සැලකීමේදී දියේ ගිලී සිදුවූ මරණ සැසඳීමේදී වයස අවුරුදු 1-4 හා 5-9 අතර වයස් කාණ්ඩවල මරණ ප්‍රතිශතය ඉහළය. මෙසේ මියයන්නේ අනාගත පරපුරයි.

නව ආයෝජනය පියවර දෙකකින්

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ පියවර දෙකකදී ආයෝජන වැඩිකිරීම තුළින් 2050 වනවිට ආසන්න වශයෙන් ළමා මරණ 774000ක්ද, මාරාන්තික නොවන ළමා දියේ ගිලීම් මිලියන 1ක්ද, දියේ ගිලීමෙන් ඇතිවන දරුණු අනතුරු 178000ක්ද වළක්වාගත හැකි වනු බවයි. එමගින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ඇමෙරිකානු ඩොලර් බිලියන 400 ක පාඩුවක් වළක්වාගත හැකි බවට ඇස්තමේන්තු කර ඇත. ළමුන් සහ වැඩිහිටියන් දියේ ගිලීම වළක්වා ගැනීම සඳහා දැනටමත් බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් අඩුවියදම් මැදිහත්වීමේ ක්‍රම අරඹා ඇත. ඒ හා සමගාමීව පවුල්වල යහපැවැත්ම, සෞඛ්‍ය හා සංවර්ධනය වෙනුවෙන් අරමුදල් සැපයෙයි.

පළමු යෝජනාව සම්මතයි

2023 ජූලි 25 දියේ ගිලෙන්නන් වළක්වා ගැනීමේ ලෝක දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු යෝජනාව සම්මතකර ඇත. මෙතැන් සිට සෑම වසරකම ජූලි 25 දියේ ගිලෙන්නන් වළක්වාගැනීමේ දිනය ලෙස සැමරීම සඳහා පහසුකම් සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළින් ප්‍රයත්නයක් ආරම්භ කිරීමට යෝජනා කරයි. යෝජනාවට අනුව එම කටයුතු සම්බන්ධිකරණය, ශක්තිමත් කිරීම, වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීමට එක්ව කටයුතු කරන හවුල්කරුවන්ගේ ජාලයක් ඇති කෙරේ.

ගෝලීය තත්ත්ව වාර්තාවක්

දියේ ගිලීමේ බලපෑම හොඳින් අවබෝධ කරගත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රජයන්වල ක්‍රියාමාර්ග විශ්ලේෂණය කිරීම සඳහා වාර්තාවක් සකස්කරමින් සිටී. මේ සඳහා රටවල් 194 කට ආරාධනා කර ඇත. මේ වාර්තාව මගින් අඩුවියදම් ක්‍රම හඳුන්වාදීමට හා උත්ප්‍රේරණය කිරීම වෙනුවෙන් වැඩසටහන් කළමනාකරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට තොරතුරු සැපයේ.

(https://www.who.int/  ඇසුරෙන්)

සුනිල් අල්ගම
 

TAGGED: Child deaths, Day care centers, World Health Organization, ලෝක සෞඛ්‍ය සංවිධාන‍ය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?