නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිල් කටරොලු මලෙන් උපන් Blue tea, Night cream, Gift Wrapping  
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නිල් කටරොලු මලෙන් උපන් Blue tea, Night cream, Gift Wrapping  

Published August 21, 2023

ඔබේ වත්තේ පිටියේ පිපෙන කටරොළු මලක් ගැන ඔබ දන්නා දෙයට වඩා නොදන්නා දෙය බොහෝ විය හැක. වැලක පිපෙන මල පුජාවකට නොගතහොත් වැලේම පරවෙනවා. නිල් කටරොළු මලක් පූජා කිරීමට සහ ආගමික පුද පූජාවන්ට අමතරව අගය එකතු කළ වටිනාකමකින් ආදායම් උපයා ගත හැකි මාර්ගයක් බැව් තවමත් නොදන්නවා විය හැකියි. කටරොළු මලක ඇති පෙනුමෙන් ලස්සනට වඩා දෙයක් සමාජයට හඳුන්වා දුන් ඇය කුරුණෑගල පොතුහැර පාර පදිංචි ජීවනී දසනායක.

අද වනවිට ඇය Blooming Blue Lanka ආයතනයේ හිමිකාරිනිය ලෙස කටයුතු කරනවා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ බොල්ගොල්ල පොතුහැර වයඹ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙන්. එතැනින් පසුව උසස් පෙළ වාණිජ විද්‍යා විෂය ධාරාවෙන් ලබා ගැනීම සඳහා පොල්ගහවෙල පරාක්‍රමබාහු විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව ගිණුම්කරණ පාඨමාලාවක් හදාරා එතැනින් ගිණුම්කරණය සම්බන්ධ රැකියාවක නිරත වුණා.

ඔබ මේ කටරොළු මල් ව්‍යාපාරයට සම්බන්ධ වුණේ

මම දැන්විමක් දැක්කා. ඒ දැන්වීමේ කටරොලු මල් ඉල්ලලා තිබුණා. මට හිතුණා මේ අය කටරොළු මල් එකතු කරලා මේගොල්ලන් මොකද කරන්නේ කියලා හොයන්න. මම තොරතුරු හොයන විට කටරොළු ඉතාම ගුණදායක පානයක් බවට තොරතුරු ලැබුණා. පානයක් වගේම කටරොළු මල් ස්වභාවික සුවඳ කාරකයක් සහ වර්ණ කාරකයක් විදිහටත් යොදා ගන්නා බව මම දැන ගත්තා. වර්ණ කාරක වෙනුවෙන් යොදා ගන්නා රසායනයන් අහිතකර බව දැන දැනත් අපි ඒවා භාවිත කරනවා. ඒ වුණත් ස්වභාවික කටරොළු මලක වර්ණය ආහාර සකස් කිරීමේදී කිසිම ගැටලුවක් නැතුව යොදා ගන්නත් පුළුවන්. මගේ Facebook page එකේ කටරොලු වර්ණ කාරකයක් විදිහට යොදා ගෙන සකස් කරන ආහාර වට්ටෝරු බොහොමයක් තිබෙනවා. මගේ දරුවන් දෙදෙනාටත් කටරොළු වර්ණ යොදාගෙන ආහාර සකස් කරනවා. ඒ අය ඒවට හරිම කැමතියි.

කටරොළු මල් විජලනය යොමු වුණා

කටරොළු මල් විජලනය කිරීම පිළිබඳ තාක්ෂණය ඉගෙන ගන්න මටත් හිතුණා. වසර එකහමාරක් පමණ කාලයක් මම ඒ ගැන ඉගෙන ගත්තා. මම මුලින්ම මල් විජලනය කරලා පැකට් වෙළෙඳපොලට දැම්මා. ඒකට හොඳ ඉල්ලුමක් ආවා.

මලක් විදිහට පානයට එතරම් සතුටක් නැහැ

අපේ රටේ මලක් පානයක් විදිහට බොන්න වැඩි කැමැත්තක් නැහැ. බෙලි, රණවරා වගේ දේවල් මල් විදිහට පානය කළත් කටරොළු මලක් විදිහට පානය කරන්න බොහා් දෙනෙකුට හුරුවක් නැහැ. නමුත් චීනය වැනි රටවල්වල මල් පානය කිරීම ඉතාම ජනප්‍රියයි. කටරොළු ගුණදායක පානයක් බවට දැන් සමාජය දැනුවත්. අපේ රෝග තත්ත්වයන්ට හේතු වන්නේ වාතය, පිත සහ සෙම බව අපි දන්නවා. කටරොළු සෙමට ඉතාම ගුණදායකයි. ඒ වගේම කාන්තාවන්ගෙ ගර්භාෂගත රෝග සඳහාත් ඉතාම ගුණදායක ඖෂධයක්. ඒ නිසා බොහෝ දෙනෙක් මට කිව්වා මලක් විදිහට නැතුව තේ කුඩු වගේ නිෂ්පාදනයක් අපට ලබා දෙනවා නම් හොඳයි කියලා

කටරොළු කුඩු විදිහට

මම එතැනින් පසුව කටරොළු මල් කුඩු (Tea cut) විදිහට සකස් කළා. මේ කුඩු තේ, සහ කෝපි හදන අන්දමට සකස් කරලා පානය කරන්න හැකියාව තිබෙනවා. නමුත් මෙතැනදිත් කුඩු පෙරා ඉවත් කරන ගැටලුව තිබුණා. දැන් මම කටරොළු මල් වගේම කටරොළු කුඩුත් වෙළපොළට නිකුත් කරනවා. ඔය විදිහට කාලය ගත වනවිට මට හිතුණා කටරොළු තේ බෑග් එකක් විදිහට හඳුන්වා දුන්නොත් හොඳයි කියලා. විශේෂයෙන් රැකියාවක නිරත කෙනෙකුට කටරොළු බෑග් එකක් විදිහට තියෙනවා නම් පහසුවෙන් සකස් කරගෙන පානය කරනන් පුළුවන්. තමන්ගේ කෝප්පයට උණු වතුර ටිකක් දාගැනීම විතරයි කරන්න තියෙන්නෙ. ඒ අනුව මම කටරොළු වලින් තේ බෑගයකුත් සකස් කළා. දැන් මම කටරොළු ආශ්‍රිතව මල්, කුඩු සහ බෑග් එකක් විදිහට විවිධාංගීකරනයෙන් නිෂ්පාදන හඳුන්වා දුන්නා. විදේශිකයන් නිල් කටරොළු තේ හඳුන්වන්නේ Blue tea කියන නමින්.

තෑගි ඇසුරුම් වලට විශාල ඉල්ලුමක් ලැබුණා

මේ අතර කටරොළු මල් වලින් තෑගි ඇසුරුමක් වෙනුවෙන් ඉල්ලුමක් ලැබුණා. මම කටරොළු මල් අමුද්‍රව්‍ය විදිහට යොදා ගෙන විශේෂිත ඇසුරුමක් නිර්මාණය කළා. මේ ඇසුරුම ඩුබායි රටට යැව්වා. එමගින් මට ඉල්ලුම් ආවා. දැනට මැද පෙරදිග සහ යුරෝපා රටවල්වලට නිෂ්පාදන අපනයනය කරනවා.

මල් වගා කරන ගොවීන් ඉන්නවා

විජලනය කළ කටරොළු මල් කිලෝවක් වෙනුවෙන් අමු කටරොළු මල් කිලෝ 10 ක් අවශ්‍යයි. ඒ වගේම අපි නිෂ්පාදන වෙනුවෙන් යොදා ගන්නෙ නිල් පාට කටරොළු මල් විතරයි. සුදු සහ දම් වර්ණයෙ මල් යොදා ගන්නෙ නැහැ. අමුද්‍රව්‍ය විදිහට කටරොළු මල් ලබා ගැනීම පහසු නැහැ. ඒ වගේම මල් ප්‍රවාහනයේදී තැලෙන්න පොඩිවෙන්න තිබෙන අවස්ථාව වැඩියි. හොඳ ප්‍රමිතියකින් විජලනය කිරීම අවශ්‍යයි. මම මේ වෙනුවෙන් කුඩා කණ්ඩායම් ගොවියන් සම්බන්ධ කර ගත්තා. ඔවුන් කටරොළු මල් වගා කරනවා. මේ කණ්ඩායම තුළ විජලනය කරන ලද යන්ත්‍රයක් තිබෙන පුද්ගලයෙක් සිටිනවා.

වගා කරුවන්ට තමන්ගේ නිල් කටරොළු අස්වැන්න විජලන යන්ත්‍රය තිබෙන ගොවි මහතාට ලබා දෙන්න පුළුවන්. ඔහු මල් විජලනය කරලා අපට සපයනවා. මල් වියලීම ගැන අවශ්‍ය උපදෙස් අපි ලබා දෙනවා. දැනට පවුල් 30 ක ගොවියන් 150 ක පමණ කණ්ඩායමක් අපට සිටිනවා. එයින් බොහොමයක් අඩු ආදායම් ලාභීන් මේ නිසා වාසි දෙකක් ලැබෙනවා. මට විජලනය කරන ලද මල් ලැබෙනවා. අනිත් අතින් ඒ අයට අමතර ආදායමක් නිවසේ ඉඳන්ම උපයා ගන්නත් හැකියාවක් තිබෙනවා.

නිසි ප්‍රමිතියට විජලනය කිරීම අත්‍යවශ්‍යයි

අපි ලබා ගන්නෙ විජලනය කරන ලද නිල් කටරොළු මල් පමණයි. ඒකත් අපේ ප්‍රමිතියට තිබීම වැදගත්. අව්වේ සහ පවනේ වියළා ගත්තාට අපට අවශය ප්‍රමිතිය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් විජලන යන්ත්‍රයක් යොදා ගැනීමට සිදු වෙනවා. නිසි තාක්ෂණය යොදා ගත්තාම මලේ වර්ණය වගේම නටුවේ කොළ වර්ණය පවා ආරක්ෂා වෙනවා. එහෙම නැති වුණොත් වියැලෙන විට මලේ අවර්ණ බවක් ඇති වෙනවා

දැන් රූපලාවන්‍ය නිෂ්පාදන ගැනත්

කටරොළු මල් පානයක් වගේම රූපලාවන්‍යා වෙනුවෙනුත් භාවිත කරන්න පුළුවන් මේ වනවිට රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් වූ නිෂ්පාදන තුනක් හඳුන්වා දී තිබෙනවා. ඒ අතරට සබන්, රාත්‍රියට ආලේප කරන Night cream එකක් ඇතුළත් හිසේ ගෑමට තෙල් එකක් අවශ්‍යයි කියන ඉල්ලීම ලැබුණේ මගේ පාරිභෝගිකයෙන්ගේ පැත්තෙන් මේ තෙල් සැබෑම නිල් පාටයි. සබන් සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට නිල් කටරොළු යොදා ගන්නවා. ඊට අමතරව පැපොල් සහ කෝමාරිකා යොදා ගෙන තිබෙනවා. මේ නිෂ්පාදන සියල්ලම වසර එකහමාරක පමණ පර්යේෂණ වලින් පසුව මමත් පාවිච්චි කරලා කිසිම අවදානමක් නැති බව තහවුරු වුණාට පසුව වෙළඳපොලට හඳුන්වා දුන්නෙ.

සාමාන්‍ය වෙළඳපොළටත් අපි නිෂ්පාදන දානවා

එහෙම සීමාවක් නැහැ. ඔන්ලයින් මාර්කට් එක වගේම මම සාමාන්‍ය වෙළඳපොළටත් නිෂ්පාදන ලබා දෙනවා. ඇත්තටම සඳහන් කරනවා නම් තවමත් සන්නිවේදන තාක්ෂණය හඳුනා නොගත් පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆොන් භාවිත නොකරන වගේම කුරියර් සේවාවන් ගැන දැනුමක් විශ්වාසයක් නැති අයත් ඉන්නවා. ඒ නිසා අපේ නිෂ්පාදන වෙළඳපොළටත් නිකුත් කරනවා. ඒ වෙනුවෙන් අලෙවි නියෝජිතයන් විදිහට අවශ්‍ය අයට අපට සම්බන්ධ වෙන්නත් පුළුවන්.

තවත් මල් වර්ග

අපේ නිෂ්පාදන අතර රණවරා සහ පොකුරු වදමල් නිෂ්පාදනත් තිබෙනවා. රණවරා නම් අපි කාටත් හුරු පුරුදුයි. නමුත් අවශ්‍ය තරම් පොකුරු වදමල් සොයා ගැනීමේ අපහසුතාවයන් තිබෙන නිසා අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු තිබෙනවා.

ගමන ගැන ආපස්සට හැරී බැලුවොත්

මම මුලින්ම නිල් කටරොළු මල් අවශ්‍යයි කියලා දැන්වීමක් දැම්මා. එය දැකලා පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීනියක් මට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. මට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් ලබා දිය හැකි උදව් උපකාර ලබා දෙන්න හැකියාවක් තිබෙන බව ඇය මට කිව්වා. ඒ අනුව මගේ ව්‍යාපාර ගමන් මගට පොල්ගහවෙල ප්‍රදේශීය ලේකම් කාර්යාලය, කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය, විදාතා ආයතනය, කුඩා ව්‍යාපාර අංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාන්තා කාර්මික සේවා කාර්යාලය වැනි ආයතන උදව් උපකාර කළා.අපි නිතරම රාජ්‍ය අංශයට දොස් කියනවා මිසක් එම ආයතනවලින් ලබා ගත හැකි උදව් උපකාර ගැන අවධානයක් දක්වන්නේ නැහැ.

අනේ අපට උදව් කරන ආයතන නැහැ කියනවා හැර ඒවා සොයාගෙන යනනේ නැහැ.දැනට කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාත් සමග සමීපව සම්බන්ධයි. ඒ නිසා ව්‍යාපාරික වශයෙන් අපට ඇති අවස්ථාවන් ගැන තොරතුරු ලබා දෙනවා.කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායිකාව ලෙස තේරී පත් වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේ අවස්ථාවන් අපට ලබා ගැනීමට නම් රාජ්‍ය ආයතන සමග සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම අවශ්‍යයි.

අනාගත සැලසුම්

මගේ ගමන බොහොම සෙමින් හැබැයි නිවැරදියි ඒ අනුව නිල් කටරොළු මලක සියලුම කොටස් ආශ්‍රිතව නිෂ්පාදන හඳුන්වා දීලා “ Bloommig Blue” කියන නාමට ලෝකයේ ප්‍රභල සන්නාමයක් බවට පත් කිරීම මගේ අරමුණයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: Blooming Blue Lanka, Tea, නිල් කටරොලු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?