නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අගහරු මත ජීවය සොයන Exomars රෝවරයේ තාක්ෂණික ප්‍රධානියා ශ්‍රී ලාංකිකයෙක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අගහරු මත ජීවය සොයන Exomars රෝවරයේ තාක්ෂණික ප්‍රධානියා ශ්‍රී ලාංකිකයෙක්

Published August 21, 2023

ශ්‍රී ලංකාව කියන්නෙ කුඩා රටක් වුවත් ලෝකය හමුවේ ගෞරවයට පාත්‍ර වූ දැවැන්තයින් බිහි කළ රටක්. ඒය නැවත වරක් සනාථ කිරීමට ඉන්ද්‍රජිත් මිහිලාල් ද සිල්වාට හැකිවිය. ඔහු අඟහරු ග්‍රහයා මත ජීවය සොයන දැවැන්ත ව්‍යාපෘතියක තාක්ෂණික ප්‍රධානියෙකු ලෙස ක්‍රියා කරන නිලධාරියෙකි.

අඟහරු ග්‍රහයාගේ ජීවය පිළිබඳව පර්යේෂණ සඳහා ක්‍රියාත්මක කෙරෙන රොබෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන Exomars නමැති රෝවරයේ තාක්ෂණික අංශයේ ප්‍රධානියා ලෙස ඔහු ක්‍රියා කරයි. ඔහුට මේ ව්‍යාපෘතියේ AIT (Assembly, Integration & Test) ප්‍රධාන කාර්මික ඉන්ජිනේරු ශිල්පියා විදිහට කටයුතු කරන අතර එක්සොමාර්ස් රෝවරය එකලස් කිරීම, ඒකාබද්ධ කිරීම සහ පරීක්ෂා කිරීම ඔහුට පැවරි ඇති රාජකාරි වේ.

පැමිණි ගමනේ මුල් පියවර…

1976 වසරේ උපත ලැබූ මහිලාල් පාසල් තුනකදී සිය ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය හැදෑරීය. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු එක්සත් රාජධානිය වෙත 1999 දී පිටත් වෙන්නෙ කුඩා කාලයේ සිට අභ්‍යවකාශයට, අභ්‍යවකාශ වස්තූන්වලට වගේම ඉන්ජිනේරු ශිල්පයටත් ආසා කළ නිසා මම ගුවන් යානාවල මූලිකාංග, නිෂ්පාදන ක්‍රියාවලිය වැනි කරුණු ගැන ලියැවුණු පොත් කියවා මල ග්‍රහ ලෝක, ජීවය ආදී දේවල් ගැන කරුණු සෙවු මිහිලාල් පසුව ලන්ඩන්හි කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු කාර්මික ඉන්ජිනේරු ශිල්පය සම්බන්ධයෙන් උපාධියක් ලබා ගත්තේය.

උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ගුවන් යානා සැලසුම් ඉන්ජිනේරුවරයෙකු, ගුවන් යානා නිෂ්පාදන ඉන්ජිනේරුවරයෙකු සහ ගුවන් යානා නඩත්තු ඉන්ජිනේරුවරයෙකු ලෙසයි. පසුව ඔහු චන්ද්‍රිකා නිෂ්පාදනය ගැන වැඩිදුර ඉගෙන ගත් අතර එක්සොමාර්ස් කණ්ඩායමට එකතු වෙන්න කලින් බුධ ග්‍රහයා වෙත යවනු ලැබූ Bepicolombo අභ්‍යවකාශ යානා ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්මික ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කර තිබුණි. පසුව එයාර්බස් සමාගමට එක් වුණු ඔහු වසර 15 කට අධික කාලයක් එහි සේවය කරමින් සිටි අතර එක්සොමාර්ස් කණ්ඩායමට එක්ව ඇත්තේ ඊට සමගාමීවය.

Exomars රෝවරය

2020 වසරේදී අඟහරු වෙත යැවීමට සැලසුම් කර තිබූ Exomars රෝවර් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ අඟහරු ග්‍රහයා මත ජීවය ඇත්දැයි පරීක්ෂා කිරීමයි. පසුව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා කල් ලබා ගනිමින් 2022 වසරේදී අඟහරු වෙත යැවීමට තීරණය කෙරිණි. එය යුරෝපයෙන් අඟහරු වෙත යැවීමට තිබූ පළමු රෝවරයයි. එය යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (European Space Agency) සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos සමග ඒකාබද්ධව සිදු කිරීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාව සමග පැවති එකඟතාව අහෝසි කිරීම නිසා රෝවරය යැවීමේ කටයුතු ප්‍රමාද වීය. රුසියාව වෙනුවට වෙනත් අභ්‍යවකාශ ඒජන්සියක් සමග ඒකාබද්ධ වීමට මේ වනවිට තීරණය කර ඇති අතර ඒ අනුව එය ඉදිරියේදී අඟහරු වෙත යැවීමට සැලසුම් කෙරෙනු ඇත.

දරුවන්ට පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ දරුවන් තුළ කුඩා කාලයේ සිටම අභ්‍යවකාශය පිළිබඳ කුතුහලයක් ඇති කළ යුතුය යන්න මිහිලාල්ගේ අදහසයි. ශ්‍රී ලංකාවේ දරුවන් තුළ එවන් කුතුහලයක් නිර්මාණය කිරීම සඳහා ඉදිරියේදී ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඔහු පවසයි.

“දරුවන් තමන්ගේ හැකියාවන් තේරුම් ගන්නා අතරම ජීවිතය සැලසුම් කිරීමට නිසි අධ්‍යාපනයක් ලැබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමන් කරන දේ ගැන සතුටු වෙනවා වගේම තමන්ගේ හැකියාවන් දියුණු කර ගත යුතුයි. මගේ අත්දැකීම අනුව අවුරුදු 16 ඉඳන් 20 දක්වා කාලය අතිශයින් වැදගත්. ඒ අවුරුදු කිහිපය තුළ නාස්ති කරන්න කාලයක් නැති තරම්. දරුවන් යම් යම් දේවල් ගැන දැන ගන්නවාට වඩා නිර්මාණශීලීත්වය ගැන අවධානය යොමු කළ යුතුයි.” මිහිලාල් මාධ්‍ය වෙත පවසා තිබුණි.

(බී.බී.සී ඇසුරෙන්)

අර්චිත ඉඳුවර





 

TAGGED: AIT, Bepicolombo, Exomars, ඉන්ද්‍රජිත් මිහිලාල් ද සිල්වා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?