නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තමන්ටම අනන්‍ය පර්ෆියුම් සුවද හොයන කලාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තමන්ටම අනන්‍ය පර්ෆියුම් සුවද හොයන කලාව

Published August 21, 2023

ලෝකෙ සුවඳ විලවුන්වලට ප්‍රසිද්ධම රට තමයි ප්‍රංශය කියන්නෙ. අවුරුදු 4000 කට විතර උඩදි මෙසපොතේමියානුවන් විසින් හොයාගත්තු සුවඳ විලවුන් ප්‍රංශයෙන් ජනප්‍රියත්වයට පත්වෙලා පසුකාලීනව ලෝකෙම වැළදගත්තා. සුවඳ විලවුන් කිව්වම අපිට ගැළපෙන, අපි ආසම සුවඳක් හොයාගන්න එක හරිම අමාරු වැඩක්. මොකද ඒ තරමටම සුවඳ විලවුන් වර්ග මේ ලෝකෙ තියෙනවා. ඔබේ පෞරුෂයට වගේම අතේ ඇති ගානට ගැළපෙනම සිග්නේචර් පර්ෆියුම් එක හොයාගන්නෙ කොහොමද කියල අපි අද බලමු.

සිග්නේචර් පර්ෆියුම්

මුලින්ම මම කියන්නම් සිග්නේචර් පර්ෆියුම් කියන්නෙ මොකේටද කියල. තමන්ව එක පර්ෆියුම් වර්ගයක සුවඳකින් කාටහරි කෙනෙක්ට අඳුරගන්න පුළුවන්නම් අන්න ඔයාට තියෙන්නේ සිග්නේචර් පර්ෆියුම් එකක්. මම කිව්වනෙ මේ ලෝකෙ තියෙන පර්ෆියුම්ස් වර්ග ලක්ෂ ගාණකටත් වඩා වැඩියි කියල. ඉතින් ඒ අතරින් ඔයා ගානම පර්ෆියුම් එක තව කෙනෙක් ගාන එකේ සම්භාවිතාවට හරිම අඩුයි.

හොයාගන්නෙ කොහොමද?

විලවුන් ආලේපනය ඔයාගෙ දෛනික චර්යාවට සුඛෝපභෝගී බවක් එකතු කරගන්න හොඳ ක්‍රමයක්. ඒත් වෙළඳපොලේ තියෙන විවිධ සුවඳ වර්ග එක්ක ඔයාගෙ සිග්නේචර් සුවඳ හොයාගන්න එක ටිකක් අපහසුයි. මුලින්ම ඔයා කැමති සුවඳ වර්ගය ගැන හිතන්න. සැහැල්ලු සහ මල් සුවඳ, මස්කි වගේ ඕනම දෙයක්. පර්ෆියුම්ස් අතර මල් සුවඳ විලවුන් වඩාත් ජනප්‍රියයි. ඊට අමතරව පලතුරු සුවඳ, පැඟිරි සිට බෙරි දක්වාත් විලවුන් තියෙනවා. වඩාත් සංකීර්ණ සුවඳක් ඕනෙනම් කිහිරි හෝ සඳුන් සුවඳ විලවුන් උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම එනසාල්, කරාබුනැටි වගේ දේශීය කුළුබඩු සහිත පෙරදිග සුවඳ විලවුන් වර්ගයක් වුණත් උත්සාහ කරන්න ඔබට පුළුවන්. ඔබ කුමන ආකාරයේ සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගත්තත් එය ඔබ ප්‍රිය කරන, රසවිඳින සහ ආලේපනයට පහසුවක් දැනෙන සුවඳක් බවට ඔබම සහතික විය යුතුයි.

අමුද්‍රව්‍ය පරීක්ෂා කරන්න

පර්ෆියුම් එකක් ගන්නකොට අමුද්‍රව්‍ය ලැයිස්තුවට අවධානය යොමු කිරීම වැදගත්. සමහර අයට ඇතැම් සුවඳ ද්‍රව්‍ය අසාත්මිකයි. ඒ නිසා ඔබ තෝරා ගන්නා සුවඳ විලවුන් ප්‍රතික්‍රියාවක් ඇති කළ හැකි කිසිවක් අඩංගු නොවන බවට වගබලා ගත යුතුයි. ඔබට තියෙන්නෙ සංවේදී සමක් නම් ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිත කරන සුවඳ විලවුන් මිලට ගන්න.

විවිධ වෙළඳ නාම සහ සුවඳ ගවේෂණය කරන්න

සිග්නේචර් පර්ෆියුම් කියල බොහෝ කාලයක් එකම වර්ගයක පර්ෆියුම් එකකට හිර වෙලා ඉන්න ඕනෙ නෑ. සුවඳ සහ වෙළෙඳනාම ගවේෂණය කරන්න. සමහරවිට ඔබ මෙතෙක් භාවිත කළ සුවඳ විලවුන් වර්ගයට වඩා බෙහෙවින්ම සුවඳ, සුවඳ විලවුන් වර්ගයක් ඔබට හමුවේවි. සුවඳ විලවුන් මිලදී ගන්නකොට සාම්පල් විදිහට තියෙන සුවඳ විලවුන් කිහිපයක් උත්සාහ කරල බලන්න. එතකොට ඔබට විවිධ සුවඳ විලවුන් ඔබේ සිරුරේ, ඇඳුම්වල පවතින කාලය සහ ගැල්විය යුතු ප්‍රමාණය පරීක්ෂා කරන්න පුළුවන්.

Long Lasting විලවුන් වර්ගයක් තෝරගන්නේ කොහොමද?

බොහෝ දෙනා සුවඳ විලවුන් දෛනිකව පාවිච්චි කළත් බොහොමයක් සුවඳ විලවුන් වල සුවඳ දවස පුරා තියෙන්නේ නැහැ. බොහෝ වෙලාවක් මේ සුවඳ ඔබ ළඟ රැදෙන්නනම් හොඳ විලවුන් වර්ගයක් මිලට ගන්න සිද්ධ වෙනවා. සුවඳ විලවුන් බෝතල් වල එහි වර්ගය සටහන් කරල තියෙනවා. මේ දේ දැනගෙන හිටියොත් ඔබට ඉතා හොඳ විලවුන් වර්ගයක් තෝරාගැනීම අපහසු වෙන එකක් නැහැ.

Eau Fraiche 1-3%

තෙල්, ඇල්කොහොල් සහ ජලය අඩංගු මේ වර්ගයේ විලවුන් වල සුවඳ තියෙන්නේ පැයකටත් අඩු කාලයක්.

Eau de Cologne 1-3%

තෙල්, ඇල්කොහොල් සහ ජලය සමග ශාක සාර, මල් හෝ පලතුරු සාර මෙහි අඩංගුයි. සුවඳ පැය දෙකක් වගේ කාලයක් රැඳිලා තියෙනවා.

Eau de toilette 5-15%

එසන්ස් සහ මධ්‍යසාර අඩංගු තරමක් හොඳ වර්ගයේ විලවුන් ලෙස හඳුන්වන මෙහි සාමාන්‍යයෙන් පැය 03 ක වගේ කාලයක් සුවඳ රැඳිලා තියෙනවා.

Eue de parfum 15-20 %

එසන්ස් අඩංගු මේ තත්ත්වයේ විලවුන් වල සුවඳ සාමාන්‍යයයෙන් පැය 5 – 8 ත් අතර කාලයක් පවතිනවා. මේ හොඳම විලවුන් වර්ග විදිහට හඳුන්වන්න පුළුවන්.

Perfume 20-30%

එසන්ස් සහිත මේ වර්ගයේ විලවුන් වල සුවඳ දවස පුරාම තියෙනවා. හැබැයි තරමක් මිල අධිකයි.

හොඳම ප්‍රතිඵල සඳහා සුවඳ විලවුන් භාවිත කරන්නෙ මෙහෙමයි

ගිම්හානයේදි භාවිතය සඳහා නිර්දේශ කරන්න පුළුවන් සුවඳ විලවුන් තමයි සැහැල්ලු මල් සුවඳක් සහිත විලවුන්. ඒ වගේම කස්තුරි සුවඳ විලවුන් රාත්‍රි කාලයේ ගමනක් යනකොට ගැල්වීම සඳහා සුදුසුයි.

සුවඳ විලවුන් සුවඳ දිගු කාලයක් තියාගන්න ඕනෙනම් ඇඳුම් අඳින්න කලින් මැණික් කටුව, කන් පිටුපස, වැලමිට සහ වළලුකර වගේ තැන්වල ගල්වන්න මතක තියාගන්න. සුවඳ විලවුන් ගල්වන ස්ථානයේ සිට සෙන්ටිමීටර් 10 ක පමණ දුරක සිටයි සුවඳ විලවුන් ස්ප්‍රේ කරන්න ඕනෙ.

ගබඩා කරන ස්ථානය ඉතා වැදගත්

ඔබ ඔබේ සුවඳ විලවුන් ගබඩා කරන ස්ථානයත් මේ කාරණයේදී වැදගත්. අඳුරු වියළි ස්ථාන සුවඳ විලවුන් ගබඩා කිරීම සඳහා හොඳින්ම ගැළපෙනවා. අළුත් සුවඳ විලවුන් බෝතලයක් ගබඩා කිරීම සඳහා නාන කාමරයේ සවි කර ඇති කැබිනට්ටුවක් හෝ අඳුරු පෙට්ටියක් වඩාත් සුදුසුයි. සුවඳ විලවුන් කාලයාගේ ඇවෑමෙන් තනුක කර ඒවායේ රසකාරක ආකර්ෂණය නැති කරනවා. ඒ වගේම දුර්වර්ණ වෙලා නරක් වීමෙන් දුඟදක් හමනවා. නිවැරදි ලෙස ගබඩා කරනවනම් සුවඳ විලවුන් කල් ඉකුත් වීමේ දිනය තෙක්ම තියාගන්න පුළුවන්.

(Shine Sheets ඇසුරෙන් )

එරංදි කෞශල්‍යා



 

TAGGED: Fashion, perfume, sm, smart
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?