නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කෙසෙල් පට්ටවලින් පෑඩ්ස් හදන ලංකාවේ පෑඩ් මෑන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කෙසෙල් පට්ටවලින් පෑඩ්ස් හදන ලංකාවේ පෑඩ් මෑන්

Published August 14, 2023

ග්‍රීක ගණිතඥයෙක් වුණ ආකිමිඩිස් ‘ආකිමිඩිස් නියමය‘ හොයාගත් හැටියෙම තමන් නිර්වස්ත්‍රයෙන් ඉන්න බවත් අමතක කරල ‘යුරේකා යුරේකා’ කියල කෑ ගසමින් ගම වටේ දිව්ව කතාව අපි පුංචි කාලෙ අහල තියෙනවා. ආකිමිඩිස් එහෙම විද්‍යාත්මක නියමයක් හොයාගෙන ගම වටේ දිව්ව වගේ තමිල්නාඩුව වටේම දුවපු ඉන්දියානුවෙකුත් ඉන්නවා. ඔහු අරුනාචලම් මුරුගනාදන්. අරුනාචලම් ගම වටේ දිව්වෙනම් එයත් ආකිමිඩිස් වගේ විද්‍යාත්මක නියමයක් හොයාගත්ත නිසානම් නෙවෙයි. නියමයකට වඩා මුළු ලෝකෙම කාන්තා ප්‍රජාවට වටිනා කියන නව නිපැයුමක් හොයගත්ත සතුටටයි. අරුනාචලම් එහෙම දිව්වෙ අඩු වියදමින්, ඉතා සෞඛ්‍යාරක්ෂිතව තමන් විසින්ම නිෂ්පාදනය කෙරුණු සනීපාරක්ෂක තුවාය නිසයි.

ඔහුට මේ අදහස එන්නෙ ඉන්දියාවේ බහුජාතික සමාගම් විසින් සකසන ලද සනීපාරක්ෂක තුවා මිල අධික වූ නිසා ඔහුගේ බිරිඳ ඇගේ ඔසප් චක්‍රයේදී භාවිත කිරීම සඳහා අපිරිසිදු රෙදි සහ පුවත්පත් එකතු කරන බව සොයා ගත් විටයි. මෙයින් හිත් කරදරයට පත්වුණු අරුනාචලම් පර්යේෂණාත්මකව පෑඩ් නිර්මාණය කරන්නට පටන් ගන්නවා. ඔහු තමන්ගෙ බිරිඳ සහ බිරිඳගේ සහෝදරියන් වෙනුවෙන් හැදුවෙ පුළුංවලින් සැකසූ සනීපාරක්ෂක තුවා.කොහොම වුණත් පිරිමියෙක් පෑඩ් හදන එක හරිම විකාරයක් විදිහට දැකපු මිනිස්සු නිසා පවුලෙන් වගේම මුළු ගමෙන්ම කොන් වුණ අරුනාචලම් අවසානයේ නතර වුණේ ‘Pad Man’ විදිහට ලෝකෙට අභියෝග කළ හැකි පුද්ගලයන්ගේ ලැයිස්තුවටත් ඇතුළත් වෙලා…

ඉන්දියාවේ වගේම ලංකාවෙත් පහුගිය කාලෙක ‘Pad Man’ කෙනෙක් ගැන කසුකුසුවක් ඇති වුණා. ඉතින් අපිට හිතුණා අරුනාචලම්ට වගේ තිරය පිටුපස රස කතාවක් ඔහුටත් ඇති කියල. ඔහු වස්ත්‍ර සිලෝන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනූජ චන්ද්‍රසේකර’ මේ අපේ පෑඩ් මෑන්ගේ කතාව…

කොහොමද ඔබට මේ අදහස ආවේ?

වස්ත්‍ර සිලෝන් ආයතනයේ මම මුලින්ම නව නිෂ්පාදනයක් විදිහට කළේ කෙසෙල් පට්ටා වලින් රෙදි හදපු එක. කෙසෙල් පට්ටාවලින් රෙදි හැදුවට පස්සේ මට තේරුණා ඉන් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල. ඒ අනුව කරපු රිසර්ච් එකකදි තමයි මම හොයාගත්තේ කෙසෙල් පට්ටයෙන් මුඛ ආවරණ, පෑඩ්ස් වගේ දේවල් හදන්න පුළුවන් කියල. ඒ වගේම බියර්, බ්‍රැන්ඩිත් මම හැදුවා. කෙසෙල් පට්ටාවලට වතුර උරාගැනීමේ ලොකු ශක්තියක් තියෙනවා.

මම මුලින්ම හැදුවේ ඔසප් චක්‍රයේදී ගන්නා පෑඩ්ස් නෙවෙයි. තුවාලවලට බෙහෙත් දාන පෑඩ්ස්. ඒක අතිශයින්ම සාර්ථක වුණා. ඊට පස්සෙ තමයි මම සනීපාරක්ෂක තුවා හදන වැඩේට අතගැහුවෙ. කෙසෙල් කඳේ 90% ක්ම තියෙන්නෙ වතුර. 10% ක තමයි කෙඳි අඩංගු වෙන්නෙ. මම කෙසෙල් කඳෙන් කරන්න පුළුවන් නිෂ්පාදන ගැන දැනුම වර්ධනය කරගත්තා. කෙසෙල් කඳක් හැදෙන්නේ කොටස් පහක් එකතු වෙලා. මේ කොටස් පහට තියෙන්නෙ විවිධ ගුණාංග. සමහර ඒවා තියෙන්නෙ වතුර උරාගන්න. තවත් සමහර ඒවා තියෙනවා වතුර පරිවාරකයක් විදියට. මම කරන්නේ මේ තියෙන ගුණාංග මට අවශ්‍ය ආකාරයට වෙනස් කරලා නිෂ්පාදනයන් කරන එක

මොනවද ඔබේ නිෂ්පාදනයේ තියෙන විශේෂත්වයන්?

මගේ සනීපාරක්ෂක තුවායේ තියෙන විශේෂත්වයන් තමයි දැනට මාකට් එකේ තියෙන සනීපාරක්ෂක තුවා සම්පූර්ණයෙන්ම පොලි පොප්ලින් එහෙමත් නැත්නම් මයික්‍රො ප්ලාස්ටික්වලින් හදලා තියෙන්නෙ. ඒ වගේ පෑඩ් එකක් දිරාපත් වෙන්න වසර මිලියන 800 ක කාලයක් ගත වෙනවා කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. හැබැයි මගේ පෑඩ් එක සම්පූර්ණයෙන්ම දිරාපත් වෙන්න යන්නේ සති හයක කාලයක් විතරයි.

මොකද පෑඩ් එකේ කොටස් අලවන්න යොදාගෙන තියෙන ගම් ඇරුණම අනිත් සියල්ලම කෙසෙල් පට්ටා. ඒ වගේම සාමාන්‍ය පෑඩ් එකක උරාගැනීම පැය හයකට මිලී 32 ක් කියලා තමයි අන්තර්ජාතික ප්‍රමිතිකරණයෙන් ගණන් බලලා තියෙන්නෙ. නමුත් මගේ නිෂ්පාදනයේ පැය තුනකදී මි.ලී. 58 ක ප්‍රමාණයක් උරා ගන්නවා. මෙහි මතුපිට ඉතාම මෘදුයි. ප්‍රමාණයෙනුත් විශාලයි.

මිල ගණන් කොහොමද?

රුපියල් 190/- ක් වගේ අවම මිලකට තමයි මම මේක වෙළෙඳපොළට දාන්න හිතන් ඉන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දත්තයන්ට අනුව සනීපාරක්ෂක තුවා භාවිත කළ යුතු ලංකාවේ කාන්තාවන් සංඛ්‍යාව ලක්ෂ 54 ක් විතර ඉන්නවා. නමුත් වෛද්‍යවරුන්ගේ සංගමයේ ජර්නල් එක අනුව අවාසනාවකට ලංකාවෙ පෑඩ්ස් භාවිත කරන්නේ ලක්ෂ 19 ක වගේ පිරිසක් විතරයි.

ඒකට එක හේතුවක් තමයි සනීපාරක්ෂක තුවා ගැන ඇතැම් අය තුළ පවතින නොදැනුවත් බව. මෙහි එක් ඛේදවාචකයක් ඔසප් චක්‍රය ආරම්භ වුණ දුෂ්කර පළාත්වල පාසල් ගැහැනු දරුවන්ගේ පැමිණීම 37% කින් විතර අඩු වෙනවා. ඒ සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට මුදල් නොමැතිකම හෝ ඒ පිළිබඳ නිසි දැනුමක් නොමැති වීම නිසා.

වෙළෙඳපොළට මේ නිෂ්පාදනය තවම දැම්මෙ නැද්ද?

ලංකාවේ ලියාපදිංචි වුණ සුපිරි වෙළෙඳසල් 8000 ක් තියෙනවා. මම එයාලට කතා කළා. අවාසනාවකට එයාලට ඒවා දාන්න බෑ මොකද එයාලගෙ කමිෂන් එක 35% ක්. රුපියල් 190 ට දෙන පෑඩ් එකෙන් 35% ක කමිෂන් එකක් දෙන්න වුණොත් මට ප්‍රඩක්ෂන් කොස්ට් එකෙනුත් ගාණක් දෙන්න වෙනව. එහෙම වුණොත් මට වෙන්නෙ මිල වැඩි කරන්න.

මට ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක් උදව් කරල තියෙනවා මේ ගමන එන්න. ඒ ආයතනවලට වගේම අධ්‍යාපන අමාත්‍යංශය, ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය එක්ක මේ වෙද්දි කතා කරල තියෙනවා මේ සනීපාරක්ෂක තුවාය ලංකාව පුරාම ව්‍යාප්ත කරන ක්‍රමවේදය ගැන. ඒ සාකච්ඡා වටවල සාර්ථක ප්‍රතිඵල තියෙනවා.

මෙවැනි දෙයක් නිෂ්පාදනය කරන්න ඔබ පෙළඹුණේ…

මම මුලින්ම වෛද්‍යවරියන්, නීතිඥවරියන්, ගුරුවරියන්, පාර අතුගාන කාන්තාවන්, පාසල් දැරියන් වගේ හැම ක්ෂේත්‍රයකම කිසිම තරාතිරමක් නැතිව කාන්තාවන් 9800 ක් වගේ පිරිසකගේ සහභාගීත්වයෙන් සමීක්ෂණයක් කළා. ඔවුන් භාවිත කරන සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් එයාලගෙන් බහුලව ආපු ගැටලු තමයි රුධිරය උරාගන්නා ප්‍රමාණය මදි, දිග පළල මදි සහ ඒ නිසා කැපීම්, චර්ම රෝග, බැක්ටීරියා වගේ දේවල් ඇති වෙනවා කියන ගැටලු. මම මේ ‘නාරි’ සනීපාරක්ෂක තුවාය නිෂ්පාදනය කරන්නේ ඒ සියලුම ගැටලුවලට පිළියමක් විදිහට. මට අවුරුදු හතරහමාරක් ගියා මේ සනීපාරක්ෂක තුවාය හරියටම හදන්න.

‘නාරි’ කියල නම දැම්මෙ ඇයි?

ලංකාවෙ තියෙන හැම සනීපාරක්ෂක තුවා බ්‍රෑන්ඩ් එකකම තියෙන්නේ ඉංග්‍රීසි නම්. ඉතින් ‘නාරි’ කියන සිංහල නම දැම්මම මට හිතුණා ඒක අපේ කාන්තාවන්ට සමීප වෙයි කියල. ගොඩක් ගෑනු ළමයි කඩේකට ගිහින් පෑඩ් එකක් ඉල්ලන්න ලැජ්ජයි. අම්මා තමයි යන්නෙ. මුදලාලිත් ඒක දෙන්නෙ කාටවත් පේන්නෙ නැතිවෙන්න පත්තර කොලේක ඔතලා. ඒ ගැන හිතල මම මේ ‘නාරි’ නිෂ්පාදනයට කෙසෙල් පට්ටා වලින්ම හදපු ලස්සන කවරයකුත් නිෂ්පාදනය කළා. ඒක සාමාන්‍යයෙන් මාකට් එකේ තියෙන සනීපාරක්ෂක තුවා පැකට්වලට වඩා හාත්පසින්ම වෙනස්. මම හිතනව ඒක දරුවන්ට ලැජ්ජාවකින් තොරව මිලදී ගන්න පුළුවන් වෙයි කියල.

නොමිලේ පාසල්වලට සනීපාරක්ෂක තුවා ලබාදෙන ව්‍යාපෘතියකුත් තියෙනවා නේද?

මම මේ දවස්වල දුෂ්කර පළාත්වල පාසල්වල ව්‍යාපෘතියක් කරගෙන යනවා පාසල තුළ සනීපාරක්ෂක තුවා කට්ටල සවි කරමින්. එක කට්ටලයක සනීපාරක්ෂක තුවා සීයක් අඩංගු වෙනවා. ඒවා දරුවන්ට, ගුරුවරියන්ට නොමිලේ භාවිත කරන්න පුළුවන්.

අපි කතා කරමු ‘වස්ත්‍ර සිලෝන්’ ගැන…

වස්ත්‍ර සිලෝන් එක මුලින්ම හැදෙන්නෙ ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් විදිහට. කෙසෙල් ගහේ කෙන්දෙන් හදපු රෙද්දක් තමයි මම මුලින්ම නිර්මාණය කළේ. ඊට අමතරව නෙළුම් දණ්ඩෙන් සිල්ක් එකක් සහ ජපන් ජබර, ගහල වගේ ශාකවලිනුත් මම රෙදි නව නිර්මාණ විදිහට නිර්මාණය කළා. වස්ත්‍ර කියන්නෙ මුළු ආසියාව දන්න වචනයක්. සිලෝන් කියන නමින් තමයි ලෝකයේ ගොඩක් රටවල් තවමත් අපිව හඳුන්වන්නෙ. ඒ නිසා තමයි මම ආයතනයට ඒ නම දැම්මෙ. වස්ත්‍ර සිලෝන් එකේ හදන සියලුම නිෂ්පාදන හැදෙන්නේ 100% ක්ම ස්වභාවික දේවල්වලින්. සියලුම නිෂ්පාදනවලට තත්ත්ව සහතික අරන් තියෙන්නේ. ලෝකයේ ඉහළම පෙළේ ආයතනවලට විතරක් ලබාදෙන Green Building සහතිකයත් මට ලැබුණා. ඒ වගේම ISO තත්ත්ව සහතිකත් මගේ නිෂ්පාදනවලට අරගෙන තියෙන්නේ.

ආයතනයේ වෙනත් නිෂ්පාදනයන් මොනවද?

අපි කෙසෙල් පට්ටාවලින් විවිධ විසිතුරු නිර්මාණ කරනවා. ඒ වගේම බතික් කර්මාන්තයත් පටන් අරන් තියෙන්නේ. ඒ බතික් ඇඳුම්වලට අපි එකතු කරන්නෙ ස්වභාවික වර්ණ විතරයි. කිසිම කෙමිකල් එකක් නෑ. ස්වභාවික වර්ණ 1070 ක් මේ වෙනකොට අපේ වස්ත්‍ර සිලෝන් ආයතනය හදලා තියෙනවා.

තිස්සමහාරාමෙ ඉඳගෙන කොළඹ මාකට් එක අල්ලන්න එච්චර ලේසි නෑ නේද?

යම් ආකාරයක අපහසුතාවක් තියෙනවා. ඒ නිසා තමයි මම රාජ්‍ය ආයතන කිහිපයක් එක්ක සාකච්ඡා කරමින් යන්නේ. මගේ ගම ගාල්ලෙ. නමුත් මම මගේ ආයතනය තිස්සමහාරාමෙ ආරම්භ කරන්න හේතුව තමයි මේ පැතිවල ඉන්න අඩු ආදායම්ලාභී පුද්ගලයන්ව තෝරගෙන ඔවුන්ට මේ ආශ්‍රයෙන් රැකියා අවස්ථා ලබාදෙන්න. විශේෂයෙන්ම කෙසෙල් ගොවියන්ගෙන් කැන කපාගෙන ඉවත් කරන කෙසෙල් කඳන් මිලට ගන්න. මම ඔන්ලයින් මේ බිස්නස් එක කරන්න බලාපොරොත්තු වෙනවා. User Friendly App එකකුත් හදාගෙන යන ගමන්. ඒකෙන් ඕන කෙනෙක්ට මේ නාරි සනීපාරක්ෂක තුවා ඩිලිවරි කරගන්න පුළුවන්.

කොහොමද මේ වැඩේට ලැබෙන ප්‍රතිචාර?

සනීපාරක්ෂක තුවාය ගැන පෝස්ට් එකක් දැම්මට පස්සෙ පහුවදා මම නැගිට්ටෙ ෆෝන් එක රිංග් වෙන සද්දෙට. ඒ වෙද්දි මගේ වට්ස්ඇප් ක්‍රැක් වෙලා මැසේජ්, කෝල්ස් නිසාම. මේ වෙද්දි ලංකාවෙ සෑහෙන දෙනෙක් කෙසෙල් පට්ටා සනීපාරක්ෂක තුවාය ගැන දැනුවත්. මට වැඩියෙන්ම පණිවිඩ ලැබෙන්නෙ දුෂ්කර පළාත්වලින්. මේ ලැබෙන ප්‍රතිචාර නිසාම මට හිතුණා මේක බිස්නස් එකක් නෙවේ මගේ ජාතික වගකීමක් කියල.

එරංදි කෞශල්‍යා

TAGGED: arunachalam muruganadan, ksel patta, Pad Man, වස්ත්‍ර සිලෝන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?