නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පැතලි බදුනක සිටවූ කුඩා ගසක කලාව – 01 කොටස
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පැතලි බදුනක සිටවූ කුඩා ගසක කලාව – 01 කොටස

Published August 7, 2023

අතමිට සරු කරගන්නත් කදිම මාර්ගයක්

බොන්සායි කලාවේ ඉතිහාසය කියතොත් ජපන් සංස්කෘතියේ බොහෝ දේවල් වගේම බොන්සායි කලාවේත් උපත චීනයයි. මුල්ම වරට බොන්සායි ශාක ජපන් සිතුවම් වල නිරූපණය කෙරෙන්නේ 11 වන සියවසේ දී පමණය. නමුත් මොවුන් මෙය හැඳින්වූයේ “බොන්සායි” නමින් නම් නොවෙයි. “හචි නො කි” කියලයි. “හච් නො කි” යන ජපන් යෙදුමේ තේරුම “පැතලි බඳුනක සිටවූ කුඩා ගස” යන්නයි. බොන්සායි යන්නෙහි තේරුම ද එයමයි. බොන් යනුවෙන් අදහස් කෙරෙන්නේ පැතලි බඳුනයි. සායි යනුවෙන් අදහස් කෙරෙන්නේ කුඩා ශාකයයි. බොන්සායි යනු පැතලි බඳුනක සිට වූ කුඩා ශාකයයි. මොවුන් මෙම කලාව ප්‍රගුණ කිරීමට ගත් මුල් කාලයේදී මේ සඳහා භාවිත කර ඇත්තේ තැටි ආකාරයෙන් ඇති කුඩා බඳුන්ය.

මේ වනවිටත් ජපන් බොන්සායි කලාව චීන පෙන්ජින් කලාවෙන් ඔබ්බට විශාල වෙනස්කම් සහිත මුහුණුවරක් ගෙන ඇති බව ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී අපට වටහාගත හැකියි. ජපන් බොන්සායි නිර්මාණකරුවන් චීන සම්ප්‍රදායෙන් බැහැර වී තමන්ගේ ගස් සඳහා වඩාත් ස්වාභාවිකත්වයට නැඹුරු පෙනුමක් ලබාදීමට ද උත්සාහ දරා ඇති බැව් පෙනේ. එමෙන්ම විසිතුරු ලෙස සැකසූ චීන බඳුන් වලට අමතරව චාම් බඳුන් භාවිත කරන්න ද ඔවුන් පෙළඹී ඇත. ජපන් බොන්සායි කලාවට විශාල වශයෙන් නැඹුරු වූයේ බෞද්ධ භික්ෂූන් වීම මෙයට හේතුව ලෙස සලකයි. බෞද්ධ භික්ෂූන්ගේ භාවනා ක්‍රමයක් ලෙසට ද බොන්සායි පැවතුන බව ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී හෙළිදරව් වේ.

18 වන සියවස වනවිට බොන්සායි කලාව බොන්සායි ලෝලී ජනතාව අතරට ව්‍යාප්ත වී හමාරය. වර්ෂ 1780 වනවිට ජපානයේ කියෝතෝ නගරයේදී වාර්ෂික බොන්සායි ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද ඔවුන් සමත් විය. මේ සඳහා ජපානයේ බොහෝ ප්‍රදේශ වල සිටින නිර්මාණකරුවන්ගේ නිර්මාණ ද මේ සඳහා ඉදිරිපත් කෙරිණි.

බොන්සායි ජපානයේ ඉතා ජනප්‍රිය කලාවක් වී හමාරය. බොන්සායි කලාවේදී කෙරෙන්නේ කුඩා ප්‍රමාණයේ ශාකයකට විශාල ශාකයක තිබෙන ගති ලක්ෂණ ලබාදීම මගින් විශාල ශාකයක් කුඩා ප්‍රතිරූපයක් මවා තිබෙනවා යැයි හැඟීම ඇති කරන එකය. මෙම කලාව පිළිබඳ පළමු සඳහන 1972 වර්ෂයේදී ඉතිහාසඥයින් අතට පත් වී තිබෙන බවද කරුණු සොයා බැලීමේදී දැනගැනීමට තිබේ. තම රටට පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට මෙන්ම සංස්කෘතික හා වෙළෙඳ යන කරුණු මත මොවුන් මෙය ව්‍යාප්ත කළේය. තව ද චීනය සහ ජපානය අතර වෙළඳ හා සංස්කෘතික ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් ලෙසට ද බොන්සායි කලාව පත්විය.

මේ වනවිට බොන්සායි කලාවේ ව්‍යාප්තිය රටවල් ගණනාවකට විහිදී ගොස් ඇත. චීනය හා ජපානය මෙන්ම තායිලන්තය, බුරුමය, නේපාලය, ඉන්දියාව, දකුණු කොරියාව ඇතුළු රටවල් රැසක් මෙම කලාව තවදුරටත් හදාරමින් සහ ප්‍රගුණ කරමින් සිටියි. වාසනාවකට මෙන් අප රට තුළද මේ වනවිට මෙම කලාව ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ශ්‍රී ලංකාව තුල මේ වනවිට බොන්සායි කලාවේ ඉහළින්ම සිටින නිර්මාණකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණද අපට දැක ගත හැකිය.

විශාල වෙළඳ වටිනාකමකින් යුත් මෙම බොන්සායි නිර්මාණ මුදලට අලෙවි කරන ස්ථාන බොහෝය. වර්තමානය වනවිට තම නිවෙස් තුළ උද්‍යාන අලංකරණය සඳහාද මෙම බොන්සායි නිර්මාණ මිලදී ගන්නා අයවලුන් අප්‍රමාණය. එලෙසින් ලංකාව තුළ උද්‍යාන අලංකරණයේ එක් අංගයක් බවට බොන්සායි කලාව පත්වී හමාරය.

බොන්සායි ගසක් නිර්මාණය කිරීම එතරම්ම පහසු නොවන්නා සේම අපහසුද නොවෙයි. ඒ සඳහා දැනුම සේම අපරිමිත කැපවීමක්, නොපසුබට උත්සාහයක් සහ පුදුමාකාර ඉවසීමක් ප්‍රගුණ කළ යුතුය. නිර්මාණය සඳහා ශාකය තෝරා ගත් අවස්ථාවේ සිටම නිර්මාණය අවසන් කරන තුරුම එය පිළිබඳ මනා අවධානයක් දැක්විය යුතුය. තවද මෙයට අදාළ සම්මත නීතින් සහ රූපකායන් ඇත. එයින් ඔබ්බට නොගොස් නීතින් සහ රූපකායන්ට අනුකූලව නිර්මාණය සිදු කිරීම යනු ප්‍රධානතම කාරණයකි. එය අනුගමනය කිරීම අනිවාර්ය නොවූවද සම්මත නීති අනුගමනය කිරීම තුළින් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් බිහිවනවා නොඅනුමානය.

බොන්සායි නිර්මාණයේ අවසානය ආර්ථිකමය මෙන්ම ආධ්‍යාත්මික සුවය ද සලසන දිව ඔසුවක් බඳු මහා පුදුමාකාර කලාවක් ලෙස හැඳින්විය හැක. අධි රුධිර පීඩනය, හෘද රෝග, මානසික රෝග, පීඩනය වැනි රෝග සඳහා සුවය සලසන භාවනාවක්වන් උතුම් කලාවකි. බොන්සායි නිර්මාණයන් සිදු කරලීම ආර්ථිකමය වශයෙන් ලක්ෂ ගණනින් මුදල් ඉපයීය හැකි ආයෝජන ක්‍රමයක් ලෙසද හැඳින්විය හැක. එසේනම් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට මෙන්ම කලාවක් ලෙස ප්‍රගුණ කිරීමට ද මෙම කලාව තෝතැන්නක් නොඅනුමානය. ලබන සතියේ සිට බොන්සායි පැළයක් සකසාගන්නා ආකාරය පියවරෙන් පියවර ඉගෙනගනිමු.

තායිලන්ත
බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරංදි කෞශල්‍යා
 

TAGGED: bonsai, japanese bonsai art, ජපන් බොන්සායි කලාව, පැතලි බඳුන
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?