නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජෝන්ස් හොප්කින්ස්හි මුල් පුටුවකට ගිය ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ජෝන්ස් හොප්කින්ස්හි මුල් පුටුවකට ගිය ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයා

Published July 31, 2023

QS Top Universities ශ්‍රේණිගතකිරීම් අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතරින් 24 වන ස්ථානයේ පසුවන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානී ධුරයට ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයෙකු, සම්මානනීය ලේඛකයෙකු මෙන්ම අධ්‍යාපනඥයෙකුද වන ආචාර්ය රේ ජයවර්ධන පත් කර තිබේ. ඔහු මේ වනවිට ඇමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා කොලීජියේ පීඨාධිපතිවරයා ලෙස සේවය කරයි.

රේ ජයවර්ධන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වන අධ්‍යාපන ප්‍රධානියා ලෙස පත්වී ඇත. ඔහු එම විශ්වවිද්‍යාලයේ සභාපති රොන් ඩැනියෙල්ස් යටතේ සේවය කරනු ලබන අතර අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහ අධ්‍යාපන මෙහෙයුම්වලට සහය වීම, විෂය නිර්දේශ සැකසීම ආදී කාර්යයන් රැසක් ඔහුට මෙහිදී පැවරෙනු ඇත. මේ වසරේ ඔක්තෝබර් 15 වන දා සිට ඔහු එම ධුරයේ කටයුතු කරන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

■ අත්දැකීම් රැසක්..

කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති සහ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසත් සේවය කර තිබිණි. ඊට අමතරව ඔහු ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ කැනඩා පර්යේෂණ අංශයේ සභාපති සහ තාරකා විද්‍යාව සහ තාරකා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය. යේල් විශ්වවිද්‍යාලයෙන් තාරකා විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳව විද්‍යාවේදී උපාධිය හිමිකර ගත්තේය. ඔහු තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙනි.

■ අවස්ථා රැසකදී ගෞරවයට පාත්‍ර වීම…

ගූගන්හයිම් සාමාජිකත්වය, කැනඩා රාජකීය සමාජයේ භෞතික විද්‍යාව පිළිබඳ රදර්ෆර්ඩ් පදක්කම, ඇමෙරිකානු තාරකා විද්‍යා සංගමය පිරිනමන කාර්ල් සේගන් පදක්කම ඒ අතරින් කිහිපයකි. Asteroid (4668) Rayjay නමැති ග්‍රහකය නම් කෙරුණේද ඔහුට ගෞරවය පිණිස වීම විශේෂත්වයකි. ග්‍රහ මණ්ඩල පද්ධතියේ විවිධත්වය, ආරම්භය සහ විකාශනය පිළිබඳව ඔහුගේ පර්යේෂණවලින් අවධානය යොමු වී ඇත. ඔහුගේ පර්යේෂණ කණ්ඩායම සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක පිළිබඳව සොයා බැලීම සඳහා පෘථිවියේ සහ අභ්‍යවකාශයේ විශාල දුරේක්ෂ භාවිත කරන අතර විශ්වයේ වෙනත් තැනක ජීවය පිළිබඳ අපේක්ෂාවන් විමර්ශනය කරමින් සිටිය.

ඔහු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ Near Infrared Imager සහ Slitless Spectrograph (NIRISS) උපකරණය සැකසූ ප්‍රධාන විද්‍යා කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා 150 කට වඩා පළ කර තිබේ.

■ විශිෂ්ට ලේඛකයෙක්…

ආචාර්ය ජයවර්ධන The Economist, The New York Times සහ The Wall Street Journal සහ තවත් ප්‍රකාශන රැසක ලිපි පළ කර ඇති සම්භාවනීය ලේඛකයෙකි. ඔහු වෙනත් ග්‍රහලෝකවල ජීවය සෙවීම පිළිබඳව ලියැවුණු Strange New Worlds ඇතුළු ග්‍රන්ථ හතරක කතුවරයාය. නියුට්‍රිනෝ සඳහා වූ හඹා යාම පිළිබඳ කතාවක් වන ඔහුගේ ‘Neutrino Hunters’ 2014 දී කැනේඩියානු විද්‍යා ලේඛකයන්ගේ සංගමයේ ග්‍රන්ථ සම්මානය දිනාගත් අතර, Child of the Universe නමින් 2020 දී ප්‍රකාශයට පත් කරන ලද ළමා ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇත්තේ කුඩා කාලයේදී ඔහුව ආස්වාදනය කළ විශ්වය කෙරෙහි දරුවන්ගේ ආකර්ෂණය ඇති කිරීම සඳහා වන කරුණුය.

■ කුඩා අවධිය…

රේ ජයවර්ධන නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.ආචාර්ය රේ ජයවර්ධනගේ පියා වූ සෝමපාල ජයවර්ධන Handbook of Pali Literature හෙළ මහිමය, හෙළ අසිරිය, Ruins of Sri Lanka, English-Sinhala School Dictionary සහ සිංහල ගුරුපොත ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කළ කතුවරයෙකි. ආචාර්ය රේ ජයවර්ධන වරක් පවසා තිබුණේ පියා නිසා ඔහු ලේඛකයෙකු වූ බවය.

(බී බී. සි ඇසුරෙන්)

අර්චිත ඉඳුවර

TAGGED: Astronomer, Ray Jayawardhana, තාරකා භෞතික විද්‍යාඥයා, රේ ජයවර්ධන
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?