නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇමරිකාවෙ රෙස්ලින් වළල්ලට සිංහ කොඩිය අරන් යන අපේ ප්‍රවේන්ද්‍ර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඇමරිකාවෙ රෙස්ලින් වළල්ලට සිංහ කොඩිය අරන් යන අපේ ප්‍රවේන්ද්‍ර

Published July 31, 2023

මේ ලෝකෙ මිනිස්සු විවිධාකාරයි. විවිධාකාර මිනිස්සුන්ට තියෙන්නේ විවිධාකාර ආසාවල්. සමහරු ලෝකෙ වටේම ට්‍රැවල් කරනවා. සමහරු ඇන්ටික් බඩු එකතු කරනවා. සමහරු පරණ මුදල් නෝට්ටු එකතු කරනවා. හැබැයි අද අපි කතා කරන්න යන කෙනාගෙ ආසාව හැමෝම ගාව තියෙන පොදු ආසාවක් නෙවෙයි. හරිම වෙනස් ආසාවක්. ඔහු ප්‍රවේන්ද්‍ර සදාසිවම්. පදිංචිය ඇමෙරිකාවෙ. ප්‍රවේන්ද්‍රගේ ලොකුම ආසාව තමයි ඇමෙරිකාවෙ තියෙන සියලුම රෙස්ලින් මැචස් බලන්න යන එක. නිකන්ම නෙවේ අපේ රටේ තේජස විදහාපාන සිංහ කොඩියත් අරගෙනයි ඔහු මේ ක්‍රීඩා තරග බලන්න යන්නෙ. එහෙම ගිහින් සිංහ කොඩිය ලෝක ප්‍රසිද්ධ රෙස්ලින් චරිත අතට දීලා ප්‍රවේන්ද්‍ර ශ්‍රී ලංකාව කියන නම ඔවුන්ගේ හදවත්වල රඳවනවා.

ප්‍රවේන්ද්‍ර කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්

මම මේ වෙද්දි ජීවත් වෙන්නෙ ඇමෙරිකාවේ ටෙක්සාස්වල. දෙමළ ජාතිකයෙක් වුණත් මගේ හදවත ශ්‍රී ලංකාවෙ. මම ලොකු රෙස්ලින් ෆෑන් කෙනෙක්. ඒ හා සමානව මාවල් ෆෑන් කෙනෙක් කියලත් කියන්න පුළුවන්.

කොහොමද ජීවිතේ?

ජීවිතේ ලොකු වෙනසක් නෑ. මම පාට් ටයිම් තමයි රෙස්ලින් මැචස් බලන්න යන්නෙ. ඒක මගේ හොබී එකනෙ. මට යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් අකවුන්ට්ස් තියෙනවා. ඒවායෙත් මම ප්‍රසිද්ධ ලොකු රෙස්ලින් ෆෑන් කෙනෙක් විදිහට.

ඇමෙරිකාවෙ මොනවද ප්‍රවේන්ද්‍ර කරන්නෙ?

මෙම මෙහේ මගේම බිස්නස් එකක් කරනවා.

කොහොමද රෙස්ලින් මැචස්වලට මෙච්චර ආසාවක් ඇති වුණේ?

පොඩි කාලෙ ඉඳලම මම රෙස්ලින් මැචස් බලන්න හරි කැමතියි. ඇමෙරිකාවේ මම මුලින්ම හිටියෙ හූස්ටන්වල. එහේ හිටපු කාලෙ 2019 අවුරුද්දෙ Royal Rumble මැච් එකක් තිබ්බා WWE එකේ. ඒක තමයි මම පළවෙනි වතාවට ගිය ඉවෙන්ට් එක. මම ගත්ත ටිකට් එකේ හැටියට මට හම්බුණේ කොනේම සීට් එකක්. නමුත් මට ඕනෙ වුණේ ළඟටම ගිහින් මැච් එක බලන්න.

ඊටපස්සෙ කොරෝනා ලොක්ඩවුන් එකෙන් පස්සෙ  WWE එක පබ්ලික් ඉවෙන්ට් එකක් තිබ්බා. ඒ පළවෙනි මැච් එක බලලා අවුරුදු දෙකකට පස්සෙ. ඊට කලින් තිබ්බෙ Indoor Stadium එකක. එදා තමයි පළවෙනි වතාවට මම රෙස්ලින් මැච් එකක් ළඟටම ගිහින් බැලුවේ. ඒ Ring side Package එකෙන්. එදා Triple H  සහ ස්ටෙෆනි එළියට ආවා ෆෑන්ස්ලව හම්බෙන්න. එදා මම ලංකාවෙ කොඩිය ඉවෙන්ට් එකේ කොහෙහරි තැනක තියලා ෆොටෝ එකක් ගන්නව කියල හිතාගත්තා. ඒ ගත්තු ෆොටෝ එක ෆෙස්බුක් දැම්මම නොහිතපු විදිහට ඒක වෛරල් වුණා. එදා ඉඳන් අද වෙනකල්ම මම හැම රෙස්ලින් ඉවෙන්ට් එකකටම අපේ ජාතික කොඩිය අරගෙන යනවා.



හැම ඉවෙන්ට් එකකටම ලංකාවේ කොඩිය ගෙනියන්න හේතුව?

එහෙම විශේෂ හේතුවක් නෑ. ඒත් මම ලාංකිකයෙක්නෙ. මම ලෝකෙ කොහේ හිටියත් මගේ රට ගැන ආඩම්බර විය යුතුයි. ඉතින් මට හිතුණා ලංකාවෙත් WWE ෆෑන්ස්ලා ගොඩක් ඉන්න නිසා මේ ඉවෙන්ට්ස්වල අපේ රටේ කොඩිය ප්‍රදර්ශනය කළොත් හොඳයි කියල. විශේෂම දේ මම ලංකාවෙ කොඩිය ප්‍රදර්ශනය කරපු එකෙන් ලෝක ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩකයො ගොඩක් ලංකාව ගැන කතා කළා. මුලින්ම කතා කළේ වුමන් සුපර් ස්ටාර් නටාලියා නෙඩ්හාට්. ඇය මාත් එක්ක ෆොටෝ එකක් ගන්න ගමන් මගේ රට ගැන විස්තර අහල අනිත් අයටත් කිව්වා. මගේ රටට ටුවරිසම් පැත්තෙන් හරි මට දෙයක් කරන්න පුළුවන්නම් ඒක තමයි මට තියෙන සතුට.

ඒ කියන්නෙ ප්‍රවේන්ද්‍ර දැන් ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික රෙස්ලින් ෆෑන් කෙනෙක්…

ගොඩක් දුරට. ෆෑන්ස්ලව මීට් වෙන ඉවෙන්ට්ස් තියෙනවනෙ. ඒ ඉවෙන්ට්ස් කරන කට්ටිය දැන් මාව වගේම ශ්‍රී ලංකාවේ කොඩිය හොඳට දන්නවා. එයාලා හැම ඉවෙන්ට් එකකදිම අහනවා ඊළඟ ඉවෙන්ට් එකටත් එනවද කියල.

මේ වෙද්දි මුණගැහිල තියෙන රෙස්ලින් ක්‍රීඩකයෝ කවුද?

අන්ඩර්ටේකර්, රේ මිස්ටීරියෝ, නටාලියා, අසූකා, Triple H, කොඩී රොඩ්ස් වගේ ගොඩක් අය හම්බෙලා තියෙනවා. මේ අයගෙන් ලංකාව ගැන නටාලියා සහ අසූකා හොඳටම දන්නවා.

මෑතකදි ලෝක ප්‍රකට මාවල් නළු නිළි දෙපළක් වන බ්‍රී ලාසන් සහ ඇන්ඩෘ ගාෆීල්ඩ්වත් මුණගැහුණා නේද?

ඔව්. එයාලව හම්බුණේ කොමික් කොන් ඉවෙන්ට් එකේදි. මං මුලින් කිව්වනෙ මම මාවල් ෆෑන් කෙනෙක් කියල. මේ ඉවෙන්ට් එක ගැන දාලා තියෙද්දි මම දැක්කා බ්‍රී ලාසන් සහ ඇන්ඩෘ මේකට එනවා කියල. ඒ නිසා මම මාස දෙකකට විතර කලින් ටිකට්ස් බුක් කළා. ටිකට් එකනම් සෑහෙන ගණන්. ඒ වගේම එයාලා එක්ක ෆොටෝ, ඔටෝග්‍රාෆ් එකක් ගන්නත් වෙන වෙනම ගෙවන්න ඕනෙ. ඉතින් සල්ලි ගෙවලා ෆොටෝ ගන්න එකේ මම ඒ දෙන්නා එක්කත් ලංකාවෙ කොඩිය අල්ලගෙන ෆොටෝස් ගත්තා. ඉස්සරහට තවත් මාවල් සුපර් හීරෝස්ලා ගොඩක් හම්බෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ප්‍රවේන්ද්‍ර මේ වෙද්දි රෙස්ලින් මැචස් කීයක් විතර බලලා ඇතිද?

මේ වෙද්දි WWE පහළොවක් විතර බලලා තියෙනවා. ලබන සතියෙත් ඉවෙන්ට්ස් දෙකක් තියෙනවා. මම දැන් හැම ඉවෙන්ට් එකකටම ගන්නෙ 1st Raw Tickets ඒ කියන්නෙ රෙස්ලින් වළල්ල ඉස්සරහම පේළියෙ ටිකට්ස්. ලංකාවෙ මුදලින් ලක්ෂ ගාණක් වෙනවා.

රෙස්ලින් මැචස් මෙච්චර ආසාවෙන් බලලා ප්‍රවේන්ද බලාපොරොත්තු වෙන්නෙ මොනවද?

මානසික සතුට. රෙස්ලින් කියන්නෙ මගේ කැමතිම ක්‍රීඩාව. පුංචි කාලෙ TV එකෙන් රෙස්ලින් මැච් බලද්දි මට කවදහරි දවසක Live බලන්න ආසාවක් ආවා. ඒ ආසාව තමයි මාව මෙච්චර දුර ගෙනාවෙ.

විනෝදාංශ විදිහට මොනවද කරන්නෙ?

යුටියුබ් වීඩියෝස් හදනවා. ටික්ටොක් කරනවා. ලොකුම හොබී එක රෙස්ලින් වුණත් මම කොමික් ඉවෙන්ට්ස්, බේස් බෝල්, බාස්කට් බෝල්, ඇමෙරිකන් ෆුට් බෝල් වගේ තරග බලන්නත් යනවා.

මෙච්චර කතා කරපු එකේ වැදගත්ම ප්‍රශ්නෙ අහන්නැතුව බෑ. ප්‍රවේන්ද්‍ර රෙස්ලින් ක්‍රීඩා කරල තියෙනවද?

අපෝ නෑ නෑ. මම ඩයි හාඩ් රෙස්ලින් ෆෑන් බෝයි කෙනෙක් විතරයි.

● එරංදි කෞශල්‍යා

TAGGED: Pravendra Sadasivam, Wrestling, Wrestling in America, WWE, ප්‍රවේන්ද්‍ර සදාසිවම්, රෙස්ලින්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?