නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉන්දියාවේ ලාබාලතම ධනවත් කාන්තාව ගුවන් සමාගමක අයිතිකාරියක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඉන්දියාවේ ලාබාලතම ධනවත් කාන්තාව ගුවන් සමාගමක අයිතිකාරියක්

Published July 10, 2023

ගැහැනු දරුවන් බාල කාලයේදී බෝනික්කන් මුල් කරගෙන සිහින ලෝක මැව්වත් කනිකා ටෙක්රිවාල්ගේ බාල කාලයේ හිතේ මැවුණේ ඊට වඩා ලොකු සිහිනයක්. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 4 ක්. එක් දවසක් ඇගේ නිවස ඉදිරිපිට හෙලිකොප්ටර් යානයක් නැවැත්තුවා. ඒ යානය නැවත අහසට නැගෙනු දැක ඇයට මේ යෝධ යානයක් පදවන සිහිනයක් ඇති වුණා. කනිකා මුල්ම වතාවට හෙලිකොප්ටර් යානයක් දැක්කෙත් එදා. අනේ මටත් අහසේ මේ වගේ යානයක් පදවන්න ඇත්නම් කනිකා හිතුවා. එතැන් පටන් ඇය නිතරම අහස දෙස බලාගෙන පියාසර කරන ගුවන්යානා දෙස බලා සිටියා. මටත් ප්ලේන් එකක් පදවන්න ආසයි. ඇය කිව්වා. උඹට පිස්සුද? ගෙදරින් එළියටවත් යන්න ගැහැනු දරුවෙකුට අවසර නැති අපේ රටේ ගුවන්යානයක් පදවන්න කොහොමටවත් ගැහැනු දරුවෙකුට අවසර නැහැ. ඇගේ මව්පියන් කිව්වා. නමුත් ඇය එම සිහිනයෙන් ඉවත් වුණේ නැහැ.

■ කවුද මේ කනිකා

අද වනවිට කනිකා ටෙක්රිවාල් කියන්නේ ඉන්දියානු ව්‍යවසායිකාවක්. ඇය JetsetGo සමාගමේ විධායක නිළධාරිනිය ලෙසින් කටයුතු කරනවා. Marwari පවුලේ උපත ලද කනිකා ලව්ඩේල් හි ලෝරන්ස් පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. ඇගේ පියා ඖෂධ ව්‍යාපාරිකයෙක්. කනිකා බාල කාලයේදී නේවාසිකව පාසල් අධ්‍යාපනය ලැබුවා. එයින් පසුව ඇය තම දෙමව්පියන්ගේ ගම ලෙසින් සලකන බෝපාල් ප්‍රදේශයේ පිහිටි ජවහර්ලාල් නේරු විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ලබා කොවට්රි විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලත් කනිකා වයස අවුරුදු විස්සක් පමණ වූවා පමණි. ඇය පිළිකා රෝගියෙකු බවට යම් යම් නිමිති තිබුණ අතර අවසානයේදී ඇය පිළිකා රෝගී තත්ත්වයේ පසු වන බැව් තහවුරු වුණා. දැන් ඇයගේ වයස අවුරුදු 33 ක්. ජිවිතයේ මේ කෙටි කාලය ඇයගේ කාර්යය සුළුපටු නැහැ. මේ වනවිට ඇය සතුව ජෙට් යානා 10 ක අයිතිය තිබෙනවා. ඒ වගේම ඇගේ ගමන්මග ගැන කතාව ඉතා සුන්දරයි.

■ මට ගුවන් සමාගමක් පටන් ගන්න ඕන

මට ගුවන් නියමුවරියක් වෙන්න බැරි නිසා මං ආසයි ගුවන් සමාගමක් පටන් ගන්න. කනිකා කිව්වා. ඔයාට කරන්න පුළුවන් දෙයක් ගැන හිතන්න. හීන මාලිගා හදන්න එපා. බිස්නස් එකක් කරන්න ඕන නම් කප් කේක් කඩයක් දාන්න. නැවතත් ඇගේ බලාපොරොත්තුව බිඳ වැටීමට මව්පියන් පසුබිම හැදුවා. නමුත් කනිකා මේ විදිහට හිතුවා. මම පටන් ගත්ත පියවර ආපස්සට ගන්නේ නැහැ. කනිකා තීරණයක් ගත්තා.

■ 2012 වසරේ ගුවන් සමාගමක් ආරම්භ කළා

2012 වසරේ කනිකා ඇගේ ගුවන් සමාගම ආරම්භ කළා. JetsetGo ගුවන් සමාගමේ නිර්මාතෘවරිය ලෙස අද වන විට ඇය ඉතිහාසගතව සිටිනවා. තමන්ගේ පුද්ගලික ධනයෙන් ගුවන් සමාගමක් ආරම්භ කළ පළමු පුද්ගලයා ලෙසින්ද කනිකා වාර්තාවක් තබා අවසානයි. බොහෝ දෙනෙකුට ව්‍යාපාරික හීන තිබුණත් අහස ජයගන්න තිබෙන සිහිනයක් ඇත්නම් ඒ ඉතා සීමිත පරිසරකට පමණයි. පොළවේ සිටගෙන හිතුවත් අහස ජය ගැනීම එතරම් සුන්දර සිහිනයක් නොවේ. ඉන්දියාවේ සිටින ලාබාලතම ධනවත් කාන්තාව ලෙසින් ඇය වාර්තාවක් තබා තිබෙනවා.

■ ඇය ලබා ගත් සම්මාන

● BBC පුවත් සේවාව මගින් ලෝකයේ බලවත් කාන්තාවන් සිය දෙනා අතරට කනිකාගේ නම ඇතුළත්ව ඇත.

● 2016 වසරේ 30 Under 30 – Asia – Retail & Ecommerce  සම්මානය

● Forbes  සඟරාවේ වයස අවුරුදු 30 ට අඩු කාන්තා ව්‍යවසායිකාවන් අතර සාර්ථක ව්‍යවසායිකාවන් අතරට 2017 වසරේදී (30 Under 30 – asia – all Star Alumni) ඇගේ නමත් ලැයිස්තුගත වී තිබෙනවා.

● ඉන්දියාවේ කාන්තා ප්‍රතිරූපය තුළ වෙනසක් සිදු කළ කාන්තාවක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වසින් ඇගේ නම යෝජනා කර තිබීම

● ඉන්දියානු රජය විසින් ප්‍රදානය කරන ජාතික ව්‍යවසායිකත්වය වෙනුවෙන් වූ ප්‍රදානය

● ලෝක ආර්ථික සම්මේලනය විසින් ගෝලීය තරුණ නායකයන් වෙනුවෙන් ප්‍රදානය රන සම්මානය

● ඉන්දීය ව්‍යවසායිකාවන් අතර කනිකා “The Sky Queen” යන විරුදාවලියෙන් නම් කිරීම එදා ඇය කප් කේක් අලෙවිසලක් ආරම්භ කළා නම් අද කනිකා “The Sky Queen” විරුදාවලියටට හිමිකම් කියන්නේ නැත. ඒ නිසා කනිකා අපට ලබා දෙන පණිවිඩය මෙයයි. කිසිම දිනක බැහැ කියන්න එපා. ඔබට අරමුණක් ඇත්නම් එය ජයගත හැකි බවට වූ ආත්ම විශ්වාසයක් තිබෙනවා නම් ඒ ගැන තීරණය ඔබ ගන්න.

(විකිපීඩියා ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: JetsetGo Companies, Kanika Tekrival, කනිකා ටෙක්රිවාල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?