නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දේශගුණික විපර්‍යාස නතර කරන්න පුණර්ජනනීය බලශක්තියට යොමුවෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දේශගුණික විපර්‍යාස නතර කරන්න පුණර්ජනනීය බලශක්තියට යොමුවෙන්න

Published July 17, 2023

සූර්ය බලය, ජලය සහ සුළං වැනි පුණර්ජනනීය බලශක්ති තිරසාර සහ විශ්වසනීය වන අතරම ඒවා පිරිසිදුය. පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඒවාට යන වියදම්ද ඉතා අඩුය. එමගින් පොසිල ඉන්ධනවල අනපේක්ෂිත මිල වෙනස්වීම් තුළින් රටවල් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ආර්ථිකයන් විවිධාංගිකරණය කිරීම තුළින් නව රැකියා ඇතිකරමින් දරිද්‍රතාවය තුරන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

■ හරිතවායු අහිතකරයි

ගල් අඟුරු, තෙල් සහ ගෑස් මගින් බල ශක්ති නිෂ්පාදනයේදී පිටවෙන හරිත වායු Greenhouse gas මගින් වායු ගෝලය තුළ එකතුවන තාපය පිටවී යෑම වළක්වනු ලබයි. එමගින් දේශගුණික විපර්යාස ඇති කරයි. ජන ජීවිතයට තර්ජනයක් වන ලෙස පරිසර උෂ්ණත්වය කෙරෙහි ඇති කෙරෙන අහිතකර බලපෑම වැළකීම සඳහා අපට විකල්ප ක්‍රම ඇත. සුළං සහ හිරු එළිය මගින් පුණර්ජනනීය බලශක්ති නිෂ්පාදනයේදී පොසිල මෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කරමින්, වායුගෝලයට හරිත වායු නිකුත් නොවේ. කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 2030 වසර වන විට අඩකින් අඩුකිරීමද, 2050 වසර වනවිට සම්පූර්ණයෙන්මද නවතා දැමීමද දේශගුණික විපාර්යාස වැළැක්වීම සඳහා කළ යුතුම වන බව විද්‍යාඥයින්ගේ මතයයි.

■ පුණර්ජනනීය බලශක්තිය ආකර්ෂණීයයි

පහසු ප්‍රවේශය සහ බහුලත්වය හැරුණුකොට නිෂ්පාදන වියදම් දිනෙන් දින අඩුවීම හේතුවෙන් පුණර්ජනනීය බලශක්ති වඩාත් ආකර්ෂණීය වෙමින් පවතී. මෙමගින් ජනතාවට පහසු මිලකට විදුලිය සැපයිය හැකිය.

■ පුණර්ජනනීය බලශක්තිය සෞඛයසම්පන්නයි

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට ලෝක ජනගහණයෙන් සියයට අනූනවයක් පමණ ශ්වසනය කරන්නේ සෞඛ්‍යයට අනාරක්ෂිත වායුයි. පොසිල දහනය නිසා වායුගෝලයට එකතුවන සියුම් අංශු කොටස් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් අහිතකර මට්ටමක පවතී. ලොව පුරා වායු දූෂණ නිසා සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 13 කට අධිකය. මේ නිසා පොසිල දහනය නිසා සිදුවන සෞඛ්‍ය වියදම්ද ඉහළ ගොස් ඇත.

■ පුණර්ජනනීය බලශක්ති නව රැකියා සපයයි

පුණර්ජනනීය බලශක්ති නිෂ්පාදනය තුළින් පොසිල කර්මාන්තයට වඩා තුන් ගුණයක රැකියා උත්පාදනය කළ හැකිය. එසේම පොසිල නිෂ්පාදනය තුළින් ලැබෙන රැකියා නිෂ්පාදනය 2030 වන විට මිලියන 5 කින් අඩුවිය හැකි බවට අනාවැකි පළ වෙයි.

■ පුණර්ජනනීය බලශක්තිය ආර්ථිකය ඉහළ නංවයි

ලොව පොසිල ඉන්ධන කර්මාන්ත සහනාධාර වශයෙන් 2020 වසරේදී වැයකර ඇත මුදල ට්‍රිලියන 5.9 කි. ඒ හැර ඒ නිසා මිල කළ නොහැකි සෞඛ්‍ය හානි සහ පාරිසරික හානිද සිදුවී ඇත. ලොව පවතින සම්පත් සීමිත නිසා වියදම් අවමකර ගැනීම වැදගත්ය. පුණර්ජනනීය බලශක්ති ආයෝජනය සඳහා යන වියදම ඉතා අඩු වීම නිසා රටවලට වෙනත් ආර්ථික කටයුතු සඳහා යෙදවීම සඳහා මුදල් ඉතිරිකරගත හැකිවන අතර එමගින් සෞඛ්‍ය හා පාරිසරික වියදම් අවම වූ ශක්තිමත් ආර්ථිකයක් ලොව සෑම රටකම ගොඩනැගෙනු ඇත.

(https://www.un.org/ ඇසුරෙන්)

සුනිල් අල්ගම

TAGGED: Energy, Renewable energy, පුණර්ජනනීය බලශක්තිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?