නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පියයුරු පිළිකා අවදානම අඩු කරන ස්වාභාවික ආහාර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පියයුරු පිළිකා අවදානම අඩු කරන ස්වාභාවික ආහාර

Published July 17, 2023

කාන්තාවන් අතර බහුලව පැතිර යන රෝගයක් ලෙස පියයුරු පිළිකා හඳුනා ගන්න පුළුවන්. වැදගත්ම කරුණු වන්නෙ අවධානමට පෙර සූදානම. කලින්ම රෝග ලක්ෂණ හඳුනා ගැනීමටත් පිළිකා අවධානම අඩු කරන ස්වභාවික ආහාර වර්ග ගැනීමත් වැදගත්.

■ කහ

කහ, පියයුරු පිළිකා, පෙනහළු සහ සමේ පිළිකා වැනි විවිධ වර්ගවල පිළිකා සමඟ සටන් කරන ඖෂධයක්. ඒ වගේම පිළිකා සෛල ව්‍යාප්ත වීම මන්දගාමී කරන අතර පිළිකා සෛල වර්ධනය වීම අවම කරන්නත් සටන් කරනවා. ඔබගේ එදිනෙදා ආහාර වේල් පිළියෙළ කර ගනිද්දී කහ එකතුකර ගන්න අමතක කරන්න එපා.

■ තක්කාලි

පියයුරු පිළිකා වලින් ආරක්ෂා වීමට තක්කාලිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් ඉවහල් වන බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙන දෙයක්. තක්කාලිවල අඩංගු ලයිකෝපීන් කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. පිළිකා සෛල වර්ධනය නතර කිරීමෙන් පියයුරු පිළිකා ඇති වීම වැළැක්වීමට ප්‍රභලව මෙය උදවු වෙනවා. පියයුරු පිළිකා හැරුණම පෙනහළු හා අස්ථි පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා ඇති කරන සෛල අඩපණ කිරීම සඳහා ලයිකෝපීන් ප්‍රයෝජනවත් වෙනවා.

■ බ්‍රොකෝලි

බ්‍රොකෝලිවල පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇති සංඝටක අඩංගු වෙනවා. විශේෂයෙන් ඒ මඟින් පියයුරු පිළිකා සෛල වර්ධනය මර්දනය කරනවා. ඒ වගේම ගැබ්ගෙල සහ පුරස්ථි පිළිකා වැනි පිළිකාවලිනුත් ඔයාව ආරක්ෂා කරනවා. බ්‍රොකෝලි වගේම ඔයාගේ එදිනෙදා ආහාර වේලට ගෝවා, කොළ ගෝවා, වට්ටක්කා වැනි ආහාර එකතු කරගන්න

( smartlady.lk ඇසුරෙන් )

අර්චිත ඉඳුවර

TAGGED: Breast cancer, Cancer, Foods for Breast Cancer, පියයුරු පිළිකා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?