නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇම්බර්ට නිවුන් දරු ප්‍රසූතියක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඇම්බර්ට නිවුන් දරු ප්‍රසූතියක්

Published May 26, 2025

2025 වසරේ මව්වරුන්ගේ දිනයේදී ඇමරිකානු රංගන ශිල්පිනි ඇම්බර් හර්ඩ් නිවුන් දරු ප්‍රසූතියක් සිදු කළ බැව් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනෙහි දක්වා තිබෙනවා. ඒ ඇගේ දෙවැනි දරු ප්‍රසූතියයි.

39 හැවිරිදි ඇය 2021 වසරේදී සිය කුළුඳුල් දියණිය වන ඌනා ප්‍රසුත කළාය. “ මගේ සරු බව අභියෝග මැද සනාථ කළා. අම්මා කෙනෙකු වීම මගේ ජීවිතයේ ලත් වඩාත්ම නිහතමානී අත්දැකීම බැව් ඇය සඳහන් කරනවා. ඒ කෙසේ වුණත් ඇගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවීය.

හොලිවුඩ් නළු ජොනී ඩෙප් සමග විවාහ වී සිටි ඇම්බර් හර්ඩ් The Rum Diary, Drive Angry,Zombieland සහ Aquaman චිත්‍රපට හරහා ප්‍රසිද්ධියට පත් ඇම්බර් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා දික්කසාදය ඉල්ලා සිටියාය. 2020 වසරේ පැවැති News Group Newspapers (NGN) නඩු විභාගයේදී ජොනි බිරිඳට පහර දෙන්නෙකු බව ඔප්පු විය. 2022 වසරේදී සති හයක් පුරා මෙම නඩුව එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ උසාවිය තුළ විභාග විය. ඒ අනුව ඇම්බර් හර්ඩ් ඇගේ සැමියා දැඩි සේ දෝෂ දර්ශනයට පත් කළ බවට වූ ආන්දෝලනය පැතිරී ගියේය.

ඒ වගේම දරුවෙක් ලැබීමට විවාහයක් අවශ්‍ය නැහැ… ඒක සාමාන්‍ය තත්ත්වයක් යන්න ඇගේ මතය විය. 2025 වසරේ අම්මාවරුන්ගේ දිනයේදී ඇය නැවත නිවුන් දරුවන් ප්‍රසුත කළාය. මාතෘත්වය කියන්නේ වගකීමෙන් සහ කල්පනාකාරීව තෝරා ගත යුතු තත්ත්වයක්. දැන් මගේ පවුල සම්පූර්ණයි… මේ වසර ගණනාවක් පුරා මම ගොඩ නගා ගැනීමට උත්සාහ කළ තත්ත්වයක්… යැයි ඇය සඳහන් කළාය. ඇත්තටම කාන්තාවක් වෙනුවෙන් ලෝකයේ ඇති දැඩි ආකල්ප ගැන සැබැවින්ම මම කණගාටු වෙනවා. මාතෘත්වය විවාහයට සිරගත කළ යුතු නැහැ… ඒ ඇගේ ස්ථාවරයයි.

බී.බී.සී පුවත් ඇසුරින්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නොනවත්වා පැතිරෙන ජපන්ජබර වලට තිත තියන්න ක්‍රමයක්

May 26, 2025

දාලා ගිය අය ගැන ආයේ හිතලා මොකටද?

May 26, 2025

විනාශකාරී රහස් මනසින් තුරන් කරමු

May 26, 2025

අෂ්ඨ දස වේධ දෝෂ ගැන දැනගන්න.

May 26, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?