නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විනාශකාරී රහස් මනසින් තුරන් කරමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

විනාශකාරී රහස් මනසින් තුරන් කරමු

Published May 26, 2025

අපි රහස් රැකීමට පුරුදු වී සිටිමු. එතැනින් නොනැවතී මිතුරකුගේ සිතට සහනයක් ලබාදීම වෙනුවෙන් ඒ අයගේ රහසක් බෙදා ගෙන රැකීමට පොරොන්දු දීමටද සිදුවෙයි. නමුත් සමහරු අනුන්ගේ රහසක් දැනගැනීමේ කුතුහලය නිසාද කෙසේ හෝ එම රහස තම රහසක් බවට පත්කරගනිති. ඒ කෙසේ වෙතත් නූතන පර්යේෂණ හෙළිකරන අන්දමට තවදුරටත් එසේ සිදුකිරීම ඔබ ඔබටම සිදුකරගන්නා අනතුරකි. එසේ නම් රහස් හෙළිවනවාට බියෙන් ඒවා සමග සිහියෙන් කටයුතු කිරීමට වඩා එය තම මතකයෙන් තුරන් කිරීම පිළියම නොවන්නේද? මඳක් සිතා බලන්න.

රහස් රැකීම සෞඛ්‍යයට හානිකරයි

නූතන පර්යේෂණවලට අනුව රහස්  රැකගැනීමට උත්සාහ කිරීම තුළින් කාංසාව, මානසික අවපීඩනය, දුර්වල සෞඛ්‍ය තත්ත්වය, මෙන්ම රෝග තත්ත්වයන් තවත් බරපතල වීම සිදුවෙයි. ඒ අන්කිසිවක් නිසා නොව රහස්‍යභාවය පවත්වාගෙන යෑම තුළින් ඇතිවන පීඩනය නිසා සිදුවන්නකි. එම හැඟීම ගැන සුපරීක්ෂාකාරීව සිටිමින් එය මගහැරීම සහ රැවටීමට කටයුතු කිරීම නිරන්තරයෙන් විය යුත්තකි. එය සිතට බරක් බව පර්යේෂණ තහවුරු කරයි.

රහස බාධා කරන්නේ මෙහෙමයි

රහස සැඟවීම ගැන මෙනෙහි කරනවාට වඩා එම රහස මෙනෙහි කිරීම තුළින් වඩා විශාල හානියක් සිදුවෙයි. රහස සැඟවීමේදී  අවශ්‍යවන සහ තමාගේ අව්‍යාජත්වය සහ අන් අයගෙන් එය හුදෙකලා කිරීම පිළිබඳ හැඟීම් නිසා ඇතිවන මානසික බර නැවත නැවත මතුවීම යහපැවැත්මට සහ සන්සුන් භාවයට බාධා කරයි.

රහස් තබා ගැනීම සුලභයි

5,000කට අධික පිරිසක් සම්බන්ධ වූ අධ්‍යයනයන්හිදී හෙළිවී ඇත්තේ ඉන් 97% ක් පමණ ඕනෑම වේලාවක අවම වශයෙන් එක් රහසක් හෝ පවත්වාගෙන යන බවයි. බොහෝ විට එක් පුද්ගලයකු රහස් 13 ක් පමණ පවත්වාගෙන යන බව හෙළිවී ඇත.

මේවාට ආශාවන්, මනාපයන්, වංචා, සම්බන්ධතා ගැටළු සහ පාවාදීම් වැනි විවිධ මාතෘකා සම්බන්ධ වෙයි. වඩාත් බරපතල හෙළිවීම වන්නේ අන් අයගෙන් සැඟවීමේ වාරගණන නොව රහසක් ගැන සිතීමේ වාර ගණන අනුව යහපැවැත්ම පහළට මට්ටමකට ගෙන එන බවයි. මේ නිසා රහස්‍යභාවයේ හානිය අනර්ථයක් සිදුකරනුයේ සමාජයට නොව ඔබටමය.

තවකෙනෙකුට රහස පැවසීමෙන් කුමක් සිදුවේද?

විශ්වාසවන්ත අයකුට රහසක් පැවසීම නිසා එය අන් අයගෙන් සැඟවීමට දරන වෙහෙස නතර නොවේ. එහෙත් තමුන්ගේ මනස එම රහස වෙතට ඇදී යන වාර ගණන අඩුකරමින් යහපතක් සිදුකරයි. බෙදාගැනීමේ කටයුත්ත උත්ප්‍රේරකයක පමණක් නොව සහයෝගීතාව පිළිබඳ දොරක් විවෘත කරයි. රහස් තම විශ්වාසවන්තයකුට හෙළි කරන අයට බොහෝ විට උපදෙස්, තම සිතිවිලි තේරුම් ගැනීම සහ බෙදාගැනීම සහ චිත්තවේගීය ශක්තිමත් කිරීම් අනෙක් පුද්ගලයා වෙතින් ලැබේ. මේ නිසා ගැටළුව කළමනාකරණය කිරීම පහසු වෙයි.

සෞඛ්‍යසම්පන්නව රහස් රැකගන්නේ කෙසේද?

රහස්‍යතාවයේ විද්‍යාව පවසන්නේ අප රහස් කිසිවකුට හෙළි කිරීම අනවශ්‍ය බවයි. එහෙත් අවශ්‍ය නම් ඒවා සාකච්ඡා කිරීම තුළින් බර ලිහිල් කළ හැකිය. එහෙත් පර්යේෂණ හෙළි කරන්නේ රහස් සඟවා තැබීම නරක බවයි. එසේ සැඟවී තිබීම අපට දිගින් දිගටම කරදර කරන බවයි. එසේ නම් රහස මතකයෙන් ඉවත් කර දමන්න.

https://www.scientificamerican.com ඇසුරිනි

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නොනවත්වා පැතිරෙන ජපන්ජබර වලට තිත තියන්න ක්‍රමයක්

May 26, 2025

දාලා ගිය අය ගැන ආයේ හිතලා මොකටද?

May 26, 2025

අෂ්ඨ දස වේධ දෝෂ ගැන දැනගන්න.

May 26, 2025

ඔයත් Overthinker කෙනෙක්ද

May 26, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?