නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අෂ්ඨ දස වේධ දෝෂ ගැන දැනගන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අෂ්ඨ දස වේධ දෝෂ ගැන දැනගන්න.

Published May 26, 2025

නිවසක් ඉදිකිරීම පිළිබඳව බොහෝ වාස්තු සිද්දාන්ත කරුණු අත්තිවාරම, බිත්ති, දොර, ජනෙල්, වහලය වැනි නිවසක ප්‍රධාන අංගයන්ගෙන් මෙන්ම නිවස පිටතින් ඇති යම් යම් සාධක හා වාස්තුන්ගෙන් තම නිවසට බලපෑම් ඇති වේ.එම නිසා තම නිවසේ පමණක් ඇති වාස්තු සිද්දාන්ත හා සංකල්පයන් ගැනම පමණක් සිතා කටයුතු කිරීම එතරම් සුබාදායක නොවේ. මන්දයත් පෙර සඳහන් කළ පරිදි නිවසින් පිටත ඇති වස්තූන්ගෙන් ද ඇති වන බලපෑම මඟිනි. මෙහිදී මෙම කරුණ අෂ්ඨ දස වේධ දෝෂ ලෙස කරුණු 18 ක් පවති. එනම්,

01. බ්‍රහ්ම වේධ දෝෂය

නිවසේ හරි මැද එනම් බ්‍රහ්ම නාභියට ඉදිරියෙන් ප්‍රධාන දොර පිහිටීම බ්‍රහ්ම වේධ දෝෂය ලෙස හඳුන්වයි. මෙම දෝෂය නිවසක ඇති වන ප්‍රධාන දෝෂයක් ලෙස හැඳින්විය හැකි අතර නිවැසියන් නුරුස්සන ගති ඇති කරවන සොර සතුරු බිය ඇති කරවන වේධ දෝෂයකි.නමුත් මෙම කාරණව පූජා ස්ථාන සහ පොදු ගොඩනැගිලි සඳහා බලපෑමක් ඇති නොකරයි.

02. ද්වාර වේධ දෝෂය

මෙහිදී තමාගේ නිවසේ ඇති ප්‍රධාන දොරත් ඉදිරියෙන් ඇති නිවසේ ප්‍රධාන දොරත් එක කෙලින් පිහිටීම ද්වාර වේධ දෝෂය වේ. මෙහිදී ඉදිරියේ ඇති නිවසේ වෙනත් පිටවීමේ දොරටුවකට එල්ලවේ නම් එයද නුසුදුසු පිහිටීමකි. අනපේක්ෂිත කරදර ඇති කරවන අශුභ පිහිටීමකි. තවද මෙම නිවාසවල සිටින අයගේ පෞද්ගලිකත්වයටද මෙම දෝෂය බාධාවකි.

03. වෘක්ෂ වේධ දෝෂය

මෙහිදී නිවසේ ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් ඉතා විශාල ප්‍රමාණයේ වෘක්ෂයක් පිහිටීම වෘක්ෂ වේධ දෝෂය වේ. මෙහිදී නිවසට ප්‍රධාන දොර හරහා ලැබෙන ආලෝකයට වාතාශ්‍රයට බාධාවකි. දූ දරුවන්ට කරදර ඇති කරවන නුසුදුසු පිහිටීමකි.

04. කූප වේධ දෝෂය

මෙහිදී නිවසේ ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් ළිඳ පිහිටීම කූප වේධ දෝෂය වශයෙන් හැඳින්විය හැකිය. ළිඳ හෙවත් කූපය සහ නිවස අතර ඉතාම සුභදායක පිහිටීමක් තිබිය යුතුමය. මන්දයත් නිවසකට ඉතාම වැදගත් සම්පතක් වන ළිඳ වාස්තු සිද්දාන්ත මත ඉදිකළ යුතුය. මෙහිදී විශාල ප්‍රමාණයේ ටැංකි පොකුණු ආදියද ඇතුළත් වේ. නිවසේ කොණ ළිඳට එල්ල නොවිය යුතුය. මානසික පිඩනයන් ඇති කරවන නුසුදුසු පිහිටීමකි.

05. දේවතා වේධ දෝෂය

මෙහිදී නිවසේ ප්‍රධාන දොරට ඉදිරියෙන් ආගමික පුද පූජා කරන ස්ථාන පිහිටීම හැඳින්විය හැකිය. නමුත් මෙය පුද්ගලයින්ගේ ආකල්ප මත බැදී පවතී.

06. සුසාන වේධ දෝෂය

මෙහිදී නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් සුසාන භූමියක් තිබීම සුසාන වේධ දෝෂය වශයෙන් සැලකේ. නමුත් ප්‍රධාන දොරටුව පමණක් නොව ඉන් බැහැරවද සුසාන භූමියක් ඉතාම සමීපව පිහිටා තිබේ නම් එය ඉතා අසහනකාරී අත්දැකීමකි. ඒ ආශ්‍රිත නිවාසවල සිටින අයගේ දියුණුව අඩු වීම, අසහනකාරී ගති ඇති වන ඉතා අහිතකර පිහිටීමකි.

07. ස්තම්භ වේධ දෝෂය

මෙහිදී ප්‍රධාන දොරට ඉදිරියෙන් ස්තම්භයක් හෙවත් කණුවක් පිහිටීම ස්තම්භ වේධ දෝෂය ලෙස හඳුන්වයි. මෙය නිවසේ ප්‍රධාන දොර අවහිර වීමක් වශයෙන් හැඳින්විය හැකිය. මෙ දෝෂය මඟින් අදාල නිවැසියන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගා බාද ඇති කරවන නුසුදුසු පිහිටීමකි.

08. වර්චස්ථාන වේධ දෝෂය

මෙහිදී ප්‍රධාන දොරටුව ඉදිරියෙන් පොදු වැසිකිලි අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කරවන කුණු කසල ඇති ස්ථාන ඇත්නම් එය වර්චස්ථාන වේධ දෝෂය ලෙස හඳුන්වයි. මෙහිදී නිවැසියන් නිතර රෝගී තත්ත්වයන්ට භාජනය වන නුසුදුසු පිහිටීමකි.

09. තිරශ්චීන වේධ දෝෂය

මෙහිදී ප්‍රධාන දොරටුව ඉදිරියෙන් ගව මඩු, සුනඛ කූඩු තිබීම තිරශ්චීන වේධ දෝෂය වේ. මානසික ගැටළු ඇති කරවන රෝගාබාධ ඇති කරවන නුසුදුසු පිහිටීමකි.

10. රජක වේධ දෝෂය

මෙය අතීතයේ ප්‍රධාන දොරට ඉදිරියෙන් රෙදි සෝදන ස්ථානයක් තිබීම වශයෙන් හඳුන්වනු ලැබීය. නමුත් වර්තමානයේ මෙවැනි ස්ථාන නොමැති වුවත් කාලානුරූපී ලෙස මෙය විග්‍රහ කිරීමේදී පොදු නාන ළිඳක්, පොදු ජල කරාමයක් වැනි ස්ථාන හඳුන්වා දිය හැකිය.

මෙය අදාල නිවසේ ජීවත් වන අයටය පෞද්ගලිකත්වයට හානි වන නිවැසියන්ගේ කීර්තියට හා ගෞරවයට හානි කරවන අසුබ පිහිටීමකි. මෙ මඟින් සෞඛ්‍ය හානි සොර සතුරු කරදර ඇති කරවන නුසුදුසු පිහිටීමකි.

11. රාජ වේධ දෝෂය

මෙහිදී නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් රාජ රාජ, මහා මත්‍යාදින්ගේ නිවාස රජයට සම්බන්ධ මධ්‍යස්ථාන හෝ රාජ්‍ය ගොඩනැගිලි පැවතීම රාජ වේධ දෝෂය ලෙස හඳුන්වයි.මෙයින් රාජ බිය, සාමය බිද වැටිම සතුරු කරදර ඇති කරවන නුසුදුසු පිහිටීමකි

12. කර්දම (පංක) වේධ දෝෂය

මෙහිදී නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් මඩ සහිත වළක් වියළී ගිය ඉඩමක් තිබීම කර්දම වේධ දෝෂය වේ. මෙයද නුසුදුසු පිහිටීමකි.

13. කෝණ වේධ දෝෂය

මෙහිදී නිවසක ප්‍රධාන දොර ඉදිරියෙන් වෙනත් ගොඩනැගිල්ලක මුල්ලක් හෙවත් කොණක් ඇත්නම් එය කෝණ වේධ දෝෂය ලෙස හඳුන්වයි. නිවැසියන්ට බාධා ඇති කරවන නුසුදුසු පිහිටීමකි.

14. ගණිකා වේධ දෝෂය

මෙහිදී නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් මෙවැනි ස්ථාන පිහිටීම ගණිකා වේධ දෝෂය වේ. අදාල නිවැසියන්ගේ සාමය බිඳ වැටීම පෞද්ගලිකත්වයට බාධා ඇති කරවන නුසුදුසු පිහිටීමකි.

15. මාර්ග වේධ දෝෂය

මෙහිදී නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් තුන් මංසන්ධියක් පිහිටීම මාර්ග වේධ දෝෂයයි. එම නිවැසියන්ට කරදර ඇතිවන නිදහස අඩු කරවන නුසුදුසු පිහිටීමකි.

16. මිලේච්ඡ වේධ දෝෂය

මෙහිදී නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් මස් මාංශ වෙළදාම් කරන ස්ථානයක් ඇත්නම් එය මිලේච්ඡ වේධ දෝෂය ලෙස හඳුන්වයි. නිවැසියන්ට කේන්ති සහගත හැඟීම් ඇතිවන නුසුදුසු පිහිටීමකි.

17. කුම්භකර වේද දෝෂය

මෙහිදී නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් උළු, ගඩොල්, වළං පෝරණු ආදිය පවතින ස්ථාන පවතී නම් එය කුම්භකාර වේධ දෝෂය ලෙස හඳුන්වයි. මෙහිදී මෙම පොරණුවලින් නැගෙන අධික දුම හේතුවෙන් මිනිසුන්ට ලෙඩ රෝග ඇති කරවන නුසුදුසු පිහිටීමකි.

18. ජල නිර්ගමන වේධ දෝෂය

මෙහිදී නිවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් ජල පාරක් එනම් ජලය ගලා බස්නා ස්ථානයක් ඇත්නම් (ඇළ, දොළ, විශාල කාණු) එය ජල නිර්ගමන වේධ දෝෂය ලෙස හඳුන්වයි. නිවැසියන්ට සිසිලස නිසා රෝගා බාධ ඇති කරන නුසුදුසු පිහිටීමකි.

මෙම දෝෂයන් නිවසක ප්‍රධාන දොරටුව සහ එම වස්තුන්ගේ ඇති දුර ප්‍රමාණය මත එම දේෂයන්ගේ බලපෑම තිරණය වන අතර කෙටි තාප්පයක් ඉදිකිරීම මඟින් මෙම දෝෂයන් යම්තාක් පාලනය කරගත හැකිය. තවද නිවසක ඇතුළත මෙන්ම නිවස පිටද ඇති වස්තුන්ගේ බලපෑම අවම වන පරිදි තම ඉඩම මත නිවසක් සැලසුම් කර සුවසේ ජීවත් විය හැකිය.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
සමස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු
වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම්
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
Aloka Homes vasthu FB Page

අර්චිත ඉඳුවර ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නොනවත්වා පැතිරෙන ජපන්ජබර වලට තිත තියන්න ක්‍රමයක්

May 26, 2025

දාලා ගිය අය ගැන ආයේ හිතලා මොකටද?

May 26, 2025

විනාශකාරී රහස් මනසින් තුරන් කරමු

May 26, 2025

ඔයත් Overthinker කෙනෙක්ද

May 26, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?