නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයත් Overthinker කෙනෙක්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔයත් Overthinker කෙනෙක්ද

Published May 26, 2025

ඔබ ඔබේ මනසට අයාලේ යන්න දීලා, අගක්, මුලක් සොයා ගන්න නොහැකි ලෙස පැටලිලා හෙම්බත් වෙලද? එකම සිතිවිල්ල තුළ සිර වෙලාද? ඔබට ඔබේ සිතිවිලි පාලනය කරන්න බැරි තත්ත්වයට පත්වෙලාද? ඔබේ සියළුම කටයුතු පටලවාගෙන එකම දෙය වෙනුවෙන් සිතිවිලි මලු ගණන් පුරවමින්, හිස් කරමින්, ලතැවෙනවාද? ඔබට ජීවිත අපේක්ෂාව අහිමි වෙලාද? ඔබේ ඉලක්කවලට යන්න බැරි විදිහට ඔබ ඔබටම අගුලුලා ගෙනද? සතුට ඔබේ ජීවිතයෙන් පලා ගිහින්ද? එහෙමනම් ඔබ Overthinking කලාපයේ සිරවෙලා.

Overthinking කෙනෙක් හඳුනා ගන්නේ කොහොමද?

සිත කියන්නෙම නිතරම එහෙ මෙහෙ දුවන අතින් අල්ල නවත්වන්න බැරි දෙයක්. හුස්මක් අරන් පිට කරන වේගයටත් වඩා වැඩි වේගයකින් අපේ සිතුවිලි වෙනස්වෙනවා. මේ අතර සමහර සිතිවිලි තියෙනව අපේ සිත අල්ලගෙන එයම නැවත නැවත මතකයට ඇවිදින් අපට වද දෙන. අපිව හැඟීම්බර කරවන. අධිකව සංවේදී කරනව. ඔබ ඒ එකම සිතිවිල්ලේ පැය ගණන්, දවස් ගණන්, පැටලිලා ඉන්නව නම් ඔබ Over thinking කලාපයට ඇතුල් වූ කෙනෙක්.

Overthinker කෙනෙක්ට වෙන හානි

■ ඔබ අනවශ්‍ය විදියට ඔබේ මුළු ජීවිතයම 100% කටත් වඩා වැඩියෙන් සම්බන්ධයකට දෙන්න යෑම නිසා ඔයාගේ වටිනාකම එයාල ඉදිරියේ අඩු වෙනවා. සම්බන්ධතා අවුල් වෙනවා. අහිමිවීම් වලට ලක් වෙනවා.

■ ඔයාගෙ සුවදායී නින්ද ඔයාට නැති වෙනවා.

■ වැඩකට අවධානය දෙන්න බැරි වෙනවා.

■ ඔයා ගැනම පිළිකුලට, ලැජ්ජාවට පත්වීම නිසා සමාජය ඉදිරියට යන්න, අභියෝග බාර ගන්න බය වෙනවා.

■ අධික දුක, කම්මැලිකම, තරහව, සැකය වගේ පසුගාමී දේවල් එක්ක ජීවත් වෙන්න වෙනවා.

■ මානසිකව වගේම කායිකවත් ඔබ රෝගී වෙනවා.

■ ජීවිතය පිළිබඳ විඩාවට, කලකිරීමට පත්වීම නිසා සියදිවි නසා ගැනීම දක්වා යන තත්ත්වයට පත් වෙන්න පුළුවන්.

Overthinking නැති කරගන්නෙ කොහොමද?

ඔයාට පුළුවන් දේ කරන්න, බැරි දේ අත්හරින්න Overthinking කරන කෙනෙකුගේ තියෙන ලොකුම දුර්වලතාවයකින් එකක් තමයි හැමෝම වෙනුවෙන් ඔවුන්ගේ ඕනෑ එපාකම්, ඉල්ලීම් සියල්ල කරන්න බැරි වීම පිලිබඳ සාංකාවට පත්වීම. අනෙකෙකුගේ ඉල්ලීම්වලට “බෑ” කියල එක වචනයෙන් කෙලින්ම කියන්න බය වෙන්න එපා. ඔබට ඉල්ලීම් ඉටු කරන්න බැරි නම් කෙලින්ම කියන්න. ඔබ හිතනවා නම් එහෙම කළොත් ඒ කෙනා ඔබ ගැන මොනවා හරි වැරදියට හිතයි කියල ඒ අදහසේ ඉන්න එක නවත්තන්න.

ඔබ Overthinking මට්ටමට ගෙනයන හේතු හඳුනා ගන්න

සුළුවෙන් ගන්න ඕනි ප්‍රශ්නයක් මහා ලොකුවට හිතට ගන්න එක නවත්වන්න. ඔබ විවේකයක් ගෙන ප්‍රශ්නය දිහා බලන්න. හැම වෙලාවේම ප්‍රශ්නවලට උත්තර තියෙනව කියල දිගින් දිගට හිතන එක නවත්වන්න. මනසට විවේකයක් දෙන්න. ප්‍රශ්න ජීවත් වෙනකොට එනවා යනවා. අපිට විසඳුම් තියෙන අවස්ථාත් තියෙනවා.

කාලයට ඉඩ දීල අත්හැරල ඉන්න වෙන අවස්ථාත් තියෙනවා. ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නෙ බොහොම කලාතුරකින්. ඔයාගෙ ප්‍රශ්නවලින් බොහොමයක්ම ඔයා ඔයාගෙ ඔළුවෙන් හදාගත්තු දේවල්. ඒ නිසා ප්‍රශ්න දෙස විවේකීව බලලා ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්නය කියන එක නැවත වරක් සිතල ප්‍රශ්න අල්ලගන්න එක නවත්වන්න පුරුදු වෙන්න.

වර්තමානයේ ජීවත් වෙන්න

ඔයාට වගකීමක් පවරන විට බෑ කියල හිතෙන සිතුවිල්ලට පයින් ගහන්න පුරුදු වෙන්න. ඔයාට බෑ කියන සිතිවිලි මඟ අරින්න උත්සහ කරන්න. ඔබ සාර්ථකව නිමකළ දෙයක් ගැන හිතන්න මනස පුරුදු කරන්න. වර්තමානයට එන්න. වර්තමානයේ මේ මොහොතේ සිත තබාගෙන වැඩ කරන්න.

මේ මොහොතෙ තිබෙන තත්ත්වය යටතේ ජීවත් වෙන්න. අතීත සිදුවීම් සිහිනයක් වගේ. ඔබ රාත්‍රියට දකින හීන හීනයක් කියල ඔබ දන්නවා. ඔබ ඒවාට බය වෙන්නේ නෑ. අතීත සිද්ධියත් සිහිනයක් වගේ. ඒවාට බිය විය යුතු නෑ. අගයක් දිය යුතු නෑ. ඒ වගේම තමයි ඇත්තටම ආපු නැති අනාගතයක් ගැන හිතන එක නවත්වන්න.

සාම්පුදායික ලෙස සිතන එක නවත්වන්න

අපි ඉපදුන දිනයේ සිටම නොයෙකුත් දේවල් මනසට වැටෙනවා. කොටින්ම අපි හැම දෙයක්ම කොටස් දෙකකට බෙදල බලන්න පුරුදු වෙලා ඉන්නවා. හොඳ / නරක / කළු / සුදු / අඳුර / ආලෝකය / යහපත් / අයහපත් දේවල් දිහා මේ විදියට බලන්න පුරුදු වුණොත් අපට හැමදාම බෙද බෙදා, ලතැවි ලතැවි, තීරණයක් ගන්න බැරිව ගිහින් Overthinking  මට්ටමට යනකම්ම දෙපැත්තට දෝලනව වෙවී ඉන්න සිදු වෙනවා.

කළු/සුදු වගේම අළු පාටත් ලෝකයේ පවතින බව තේරුම් ගන්න. නිර්පාක්ෂික වෙන්න. අතීතයේ මිනිසුන් කළ පලියට අපිත් කළ යුතුයි කියන මතයේ ඉන්න එක නවත්තන්න. ඔබට කළ හැකි හොඳම දෙය කරන්න. සාම්පුදායික නීතිවලට හිරවෙන එක නවත්වන්න.

ජීවිතය රේඛීය නොවේ

ඔයා හිතන දේ, ඔයාගෙ පිළිවෙලටම වෙන්නෙ නැහැ. ජීවිතේ සරල රේඛාවක් වගේ මටසිලිටු නැහැ. හැල හැප්පීම්, ගත්තු තීරණ අකුල ගන්න වෙන අවස්ථාත් එනවා. පසුබසින්න වෙන අවස්ථා එනවා.

ඒ නිසා ඕනම වෙනසක් කිරීමට, වෙනස් වීමකට සුළඟට ඔරොත්තු දෙන ගොයම් ගසක් වගේ නොබියව මුහුණ දෙන්න. වෙනස්වීම ජීවිතයේ ස්වභාවය කියන එක අවබෝධ කර ගන්න. සියල්ල අපි හිතන විදියටම සිදුනොවීම ලෝක ස්වභාවය බව වටහා ගන්න. ජීවිතය එකම රිද්මයක් ගන්නේ නෑ කියන එක තේරුම් ගන්න. ගලා යන ගඟක් වගේ වෙන්න.

Life.lk ඇසුරෙන්

පවනි දිලේකා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නොනවත්වා පැතිරෙන ජපන්ජබර වලට තිත තියන්න ක්‍රමයක්

May 26, 2025

දාලා ගිය අය ගැන ආයේ හිතලා මොකටද?

May 26, 2025

විනාශකාරී රහස් මනසින් තුරන් කරමු

May 26, 2025

අෂ්ඨ දස වේධ දෝෂ ගැන දැනගන්න.

May 26, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?