නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

Published May 19, 2025

මොකදද මේ දැන් හැමෝම කතාව වෙන Open පැන්ට්‍රි කියන්නෙ. තට්ටු නිවාස සංකීර්ණවල තියෙන නිවාසවල බහුලවම දකින්නට ලැබෙන්නේ මේ ආකාරයේ Open පැන්ට්‍රි. ඒ වගේම දැන් ඉදිවෙන නව නිවාසවලත් මේ සංකල්පය දැකගන්න පුළුවන්.

Open පැන්ට්‍රික් තිකිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු…

අතීතයේ මුළුතැන් ගෙදර නිවසින් වෙනම කොටසක් ලෙස පැවතියද, මෑත කාලයේදී නිවසේ පිටුපසට වන්නට නිවසේ කොටසක් ලෙස භාවිත වුණ මුළුතැන්ගෙය අද වන විට නිවසේ සාලයේ කොටසක් බවට පත්වෙලා තියෙනවා.

කාර්යබහුල ජීවන චර්යාව හා නිවාස තැනීමේදී ඇති ඉඩකඩ සීමා වීමත් එක්කම මෙවැනි Open පැන්ට්‍රි සංකල්පයට මුළුතැන් ගෙදර නිර්මාණය කර ගැනීම ඉතාම කාලෝචිත ක්‍රියාවකි. නිවසක් මුලින්ම සැලසුම් කිරීමේදීම, Open පැන්ට්‍රි ලෙස නිර්මාණය කර ගැනීම වඩාත් උචිත වේ. එමෙන්ම මේ වනවිට පැරණි නිවාස අලුත්වැඩියා කිරීමේදී ද Open පැන්ට්‍රි ආකාරයෙන් මුළුතැන්ගේ අලුත්වැඩියා කර ගැනීම බහුලව දක්නට හැකි වේ.

මේ ආකාරයෙන් Open පැන්ට්‍රියක් නිර්මාණය කර ගැනීමේදී, ඔබගේ කෑම බීම රටාවද, යම් ආකාරයක සැලකිලිමත් විය යුතුයි. නිවසේ සාමාජිකයන් සංඛ්‍යාව අඩුවීම, ඉතාමත් කාර්යබහුල ජීවන රටාවක් පවත්වාගෙන යන්න නිවැසියන් සිටීමේදී හා අඩු ඉඩකඩක් භාවිත කරමින් ඉදිවෙන කුඩා නිවාස සඳහා මෙවැනි සංකල්පයකට මුළුතැන් ගෙදර නිර්මාණය කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.

■ මෙවැනි මුළුතැන් ගෙයක කටයුතු කිරීමේදී නිවැසියන් හා ගෘහණිය අතර ඇති සම්බන්ධතාවය වැඩිවේ.

■ කුඩා දරුවන් සිටින නිවසක වුවද, ගෘහණියට මුළුතැන්ගේ වැඩ කරන අතරතුර නිවසේ වැඩි ප්‍රමාණයක් ඇයට විවෘතව පෙනෙන නිසා දරුවන් රැකබලා ගැනීමට හා ඔවුන් හා කටයුතු කිරීමට පහසුවේ.

■ එමෙන්ම පැන්ට්‍රිය හා Dining Area එක අතර Breakfast Tabel ( Bar top) එකක් නිර්මාණය කර ගැනීම මගින්, හදිසි අවස්ථාවකදී වුවද ගෘහණියට පහසුවෙන් නිවැසියන්ට ආහාර සැපයීම සිදුකළ හැක. එමෙන්ම දරුවන්ගේ පාඩම් කටයුතු සඳහා එම ස්ථානය භාවිත කිරීමට ඇය මුළුතැන්ගේ සිටින අවස්ථාවකදි යෙදගන්න පුළුවන්.

පිළිවෙලකට හා මුළුතැන්ගේ අපිලිවෙල නොකර කටයුතු කිරීමට ඔබට අවශ්‍ය වන නවීන උපකරණ භාවිත කිරීමට ඔබට පුළුවන්. එමෙන්ම එම උපකරණ, නිවැරදිව හා පහසුවෙන් භාවිත කිරිමට හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට හැකිවන පරිදි නිවැරදිව ගබඩා හා කිරීමට ස්ථානගත කිරීමද ඉතා වැදගත්.

පිඟන්, කෝප්ප හා පිසීම සඳහා යොදාගන්නා භාජන ගබඩා කර ගැනීම සඳහාද පැන්ට්‍රි කබඩ් යොදාගන්න ඔබට පුළුවන්. කුඩා ඉඩක් පවතින නිසා වැඩ කිරීමට අවශ්‍ය වර්ක් ටොප් එක ඉතුරු කර ගැනීමෙන් අනෙක් සියලු ද්‍රව්‍ය නිසියාකාරයෙන් ස්ථානගත කර ගැනීම ඉතා වැදගත් වේ.

පැන්ටි කබට් සඳහා Pantry Bottom Cupboard මෙන්ම Top Cupboard එක හා ඊට උඩ සිවිලිම අතර ඇති ප්‍රමාණයට නිතර භාවිත නොවන උපකරණ හා භාණ්ඩ ගබඩා කර ගැනිම සඳහා Cupboard එකක් නිර්මාණය කර ගන්නත් ඔබට පුළුවන්. එමෙන්ම නවීන  ආකාරයට භාණ්ඩ තැබීම සඳහා යොදා ගන්නා වෙළඳපොලේ ඇති Rack යොදා ගනිමින් වඩාත් ක්‍රමවත්ව ඔබේ Open පැන්ට්‍රිය නිර්මාණය කරගන්න.

වඩාත් අලංකාරව නිර්මාණය කර ගැනීම සඳහා ලී පැන්ට්‍රි කබර්ඩ් මෙන්ම, මේ වනවිට වෙළඳපොලෙහි විවිධ විචිත්‍රවත් නිමාවන් සහිත ද්‍රව්‍ය විශාල වශයෙන් පවතින නිසා එවැනි ද්‍රව්‍ය භාවිත කරමින් නවීන ආකාරයට වුවද ඔබේ Open පැන්ට්‍රිය නිර්මාණය කරගන්න ඔබට අවස්ථාව
තිබෙනවා.

Open පැන්ට්‍රියක් ඉදිකිරීමේ ඇති වාසි…

  • කුඩා ඉඩකඩක නිර්මාණය කර ගැනීමට හැකිවීම
  • ලිප, සින්ක් එක හා ශීතකරණය අතර ඇති දුර අඩුවීම නිසා ගෘහණියට ඇති කාර්යක්ෂමතාවය වැඩි වේ.
  • නිවස ඇතුළත එකිනෙකා හා ඇති සම්බන්ධතාවය දුරස්නොවීම. ගෘහණිය මුල් තැන් ගේ තනි නොවීම.
  • නිවසට අමුත්තන පැමිණි අවස්ථාවක වුවද, ඔවුන් හා කතාබහ කරමින්, සංග්‍රහයන් ලෑස්ති කිරීමට හැකිවීම.

අවාසි…

  • විශේෂ අවශ්‍යතාවයක් සඳහා කටයුතු ඉඩකඩ සීමා වීම
  • විවෘත අවකාශයක් පවතින නිසා, ඉතාමත් පිරිසිදුවන සැම විටම, පිළිගලකටට කටයුතු කිරීමටසිදුවේ.
  • සුවඳ සහිත ආහාර හා සැර ආහාර පිසීමේදී එම සුවඳ නිවස පුරාම පැතිරිම.
  • අඩු ඉඩකඩක වැඩ කරන නිසා නිවැරදි ගබඩා කිරීම විවිධ මාදිලියේ Rack භාවිත කිරීමට සිදුවීම හා අලංකාර අයුරින් පැන්ට්‍රි කබඩ් නිර්මාණය කර ගැනීමට වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම
  • කෑම පිසගැනීමේදී ඇතිවන දුම හා සුවඳ නිවස පුරා පැතිරීම වළක්වා ගැනීම සඳහා නවීන තාක්ෂණික විදුලි උපකරණ අත්‍යවශ්‍ය වීම. (Cooker Hood, Exhaust Fan )
  • කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම සඳහා අලංකාරයෙන් යුක්ත ක්‍දදනැර, ධඪැබ, ශීතකරණ වැනි මිල අධික විදුලි උපකරණ භාවිත කිරීමට සිදුවේ.

ඒ අනුව ඔබගේ නිවස සඳහා Open පැන්ට්‍රියක ඇති අවශ්‍යතාවය හඳුනාගෙන, අලංකාර Open  පැන්ට්‍රියක් නිවැරැදිව නිර්මාණය කරගැනීමට දැන් ඔබට පුළුවනි.

ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිලපිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign

අර්චිත ඉඳුවර ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025

නිවන් දක්නා ජාති දක්වා බොහෝ භවබෝග සම්පත් දෙන කංචුක පූජාව

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?