නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රැග් නොකළොත් කැම්පස්එකට හැඩ ගැහෙන්නේ නැද්ද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රැග් නොකළොත් කැම්පස්එකට හැඩ ගැහෙන්නේ නැද්ද?

Published May 19, 2025

හැම මනුස්සයෙක්ගෙම මූලික අවශ්‍යතා ගැන අපි කතා කරනවනේ. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් වගේ දේවල්. අපි සමාජ විද්‍යාවෙදි මනෝ විද්‍යාවෙදි මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය කියලා ධූරාවලියක් ගැන නිතරම කතා කරනවා. මේ ධූරාවලියේ පාදමේ තියෙන එක වැදගත් පොයින්ට් එකක් අපිට ගොඩක් වෙලාවට මිස් වෙනවා. ඒ පොයින්ට් එක තමයි ‘මිනිස්සු කැමතියි වේදනාවෙන් වැළකී ඉන්න’ ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා Avoidance of pain කියලා. මේ ලෝකෙ කවුරුත් කැමති නෑ වේදනාවකින් ජීවත් වෙන්න. වේදනා විඳින්න. කායික වෙන්න පුළුවන් මානසිකව වෙන්න පුළුවන්, වේදනාවන්ගෙන් වැළකිලා ඉන්නයි කවුරුත් කැමති. සමහරවිට කායික වේදනාව මානසික වේදනාව දක්වා උඩු දුවන්නත් පුළුවන්. ඒ වගේම මානසික වේදනාව කායික වේදනාවක් විදිහට එන්නත් පුළුවන්.

මෑත කාලයෙදි සමාජයේ බොහෝ කතාබහට ලක්වුණ මාතෘවක් තමයි විශ්වවිද්‍යාල තුළ සිද්ධවෙන රැග් නොහොත් නවක වද. පහුගිය දවසක ගෙල වැලලාගෙන මියගිය සිසුවගෙ සිදුවීමත් එක්ක ඔය මාතෘකාව යළිත් කරලියට ආවා. නමුත් පහුගිය අවුරුදු ගාණක වාර්තා අපි සෝදිසි කරලා බැලුවොත් පේන්න තියෙන දෙයක් තමයි, අඩුමතරමින් අවුරුද්දට එකක්වත් එවැනි සිදුවීම් අපේ රටේ වාර්තා වෙලා තියෙනවා. සමහර මේ නවක වද නිසා අංශබාග රෝග තත්ත්වයන්ට පත්වෙලා තියෙනවා. සමහරු මානසික රෝගීන් වෙනවා. මේ නවක වද සිදුවීම් නිසා සිද්ධ වෙන දේවල් ඈත අතීතයේ පටන් සිද්ධවෙන දෙයක්.

RAG කියන වචනෙ හැදෙන්නෙ Royal Admission Game කියන එකෙන්. ඉස්සර බි්‍රතාන්‍යයේ ලොකු ලොකු විශ්වවිද්‍යාලවලට ඉහළ පැලැන්තිවල ළමයි ආවම එයාලට වැරහැලි ඇඳුම් අන්දලා, ඩිනර් පාටීස් තියලා ඔය වගේ දේවල් කරනවා. මේ දේවල්වලින් තමයි රැග් කියන එක නිර්මාණය වෙන්නේ.

හැබැයි මේ රැග් අපේ රටවල්වලට ආවම ඒකත් එක්ක ළමයින්ට එන මානසික පීඩනය වැඩියි. එක් කාලයක් මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට හිටියා. මටත් ඔවැනි අත්දැකීම්වලට මුහුණ දන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර ළමයි ඉන්නවා විශ්වවිද්‍යාලයට ඉගෙනගන්න ඇවිත් නවක වදය නිසා විශ්වවිද්‍යාල ජීවිතේ අත්හැරලා ගිය. මම මේ කතාව කියන්නෙ මගේ ආත්මීය ප්‍රකාශනයක් විදිහට නෙවේ.

මේක විද්‍යාත්මකව කියන දෙයක්. මනුස්සයෙක්ගෙ සංවර්ධනයේ ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. එකක් තමයි ආර්ය. අනිත් එක තමයි පරිසරය. ආර්ය සහ පරිසරය අනුව පුද්ගල හැසිරීම් වෙනස් වෙනවා. යම් යම් පුද්ගලයන් පෞරුෂයන් වෙනස් වෙනවා.

අපි දැන් ඔය රැග් කරන්නෙ හැමෝම එකම තලයකට, එකම මට්ටමකට ගේන්න කියලනේ. ඒකට බහුතරයක් ළමයි හුරු වෙනවා ඇති හැබැයි අපිට අර සුළුතරය අමතක කරන්න බෑ. එතන ඉන්නෙ 5% ද, 2% ද ඒ මිනිසුන්ට තමන්ගේ ආර්ය සහ පරිසරය අනුව ඒ දේට අනුගත නොවෙන්න පුළුවන්.

මෙතනදි අපි හොඳින්ම බලන්න ඕන කාරණා තියෙනවා. මිනිස්සුන්ට තියෙනවනෙ විවිධ හැඟීම්. මිනිස්සුන්ට බය දැනෙනවා. බය කියන දේ පුද්ගලයගෙන්පුද්ගලයට දැනෙන විදිහ වෙනස්. ඒකට තමයි කියන්නෙ ඉමෝෂන් එකයි ෆීලින් එකයි කියලා. හැඟීම් සහ දැනීම් අතර තියෙන වෙනස ඒක. හැඟීම පුද්ගලයට දැනෙන්නෙ වෙන විදිහකට. හැබැයි ඒ හැඟීම දැනෙනකොට ඒක දැනෙන්නේ පුදගලානුබද්ධව.

ඒක මට දැනෙන විදිහට නෙවේ ඔයාට දැනෙන්නේ. මට දැනෙන විදිහ ගැන මට තව කෙනෙක්ට දනවන්න බෑ. ඒ නිසා බයක් හෝ දුකක් දැනුණොත් ඒ පීඩනය එන්නෙ පීඩනය විඳින කෙනාට මිසක් පීඩාවට පත් කරන කෙනාට නෙවේ. එක් එක්කෙනාගේ දරාගැනීමේ සීමාවන් වෙනස්. ඒ සීමාවන් වෙනස් වුණා කියලා මිනිස්සුන්ට මුකුත් කියන්න අපිට කිසිම අයිතියක් නෑ.

මේ දැනෙන විදිහ නිසා කෙනෙක් පසුකාලීනව විශාදය තත්ත්වයට පත්වෙන්න පුළුවන්. පසුව එය ක්‍රමානුකූලව සිය දිවි නසාගැනීමේ මට්ටම දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. විශාදය හැදුණ ගමන් මනුස්සයෙක් දිව තොරකරගන්න පෙළඹෙන්නෙ නෑ. ඒක එක්තරා ක්‍රියාවලියක්. පහුගියදාක මියගිය දරුවා මියගියේ තමන් ජීවිතේ නැති කරගන්න බව ලිපියකින් දැනුම් දීලා.

මේ සිය දිවි නසාගැනීමේ ක්‍රියාවලියේ විවිධ සංඥා තියෙනවා. මං මැරෙනවා බං, මට එපා වෙලා තියෙන්නෙ වගේ තමන්ගෙ ජීවිතේ ගැන තර්ජනාත්මක දේවල් තව කෙනෙක් එක්ක කියනවා.

ඊටපස්සෙ තමයි ජීවිතය නැති කරගන්න යම් උත්සාහයක් දරන්නෙ, සමහරවිට ඒ උත්සාහය සාර්ථක කරගන්නනේ.එක දිගට වේදනාවන් දැනෙනකොට ඒ සියලු වේදනාවන් එක්කොට දරාගන්න පුද්ගලයට හැකියාවක් නැති වුණාම ඔවුන්ගේ දරාගැනීමේ මානයන් වෙනස් වෙලා ඔවුන් තමන්ගෙ ජීවිත නැති කරගන්න පෙළඹෙන්න පුළුවන්.

මනෝ විද්‍යාඥ ‍,
ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන

එරංදි කෞශල්‍යා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?