නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

Published May 19, 2025

කෙනෙක්ට නිකන් දෙන්නත් පිං සිතක් පහළ වෙන්න ඕන. සමහරුන්ට කොච්චර තිබුණත් කාටවත් නිකන් දෙන්න හිතෙන්නෙ නෑ. ඒ අතරේ තවත් සමහරු ඉන්නවා තමන්ට තියෙන හැටියට අනිත් අයටත් උදව් කරගෙන ඉන්න. මේ ගෙවෙන්නේ වෙසක් කාලේ. වෙසක් කිව්වම අපිට වැඩිපුරම මතක් වෙන්නෙ දන්සල්. මේ වෙසක් කාලේ අපිට මුණගැහුණා අපූරු පුද්ගලයෙක්. ඔහු නමින් නිශාන්ත හෙට්ටිආරච්චි. නිශාන්ත කියන්නෙ පුංචි හෝටලයක හිමිකරුවෙක්. මාතර, මුලටියන පාරේ තියෙන ‘කැලේ කඩේ’ කියන්නෙ මිනිස්සුන්ට කරදරයක් වුණාම විවිධාකාරයෙන් පිහිට වෙන කඩයක්. හරියටම කිව්වොත් නියමිත කාලවකවානුවක් නැති දන්සලක් වගේම තමයි…

කඩේට ගොඩ වෙද්දිම අපිට පේන්න තියෙන්නෙ පූජ්‍ය පක්ෂයට සහ ගර්භණී මාතාවන්ට සියලුම සේවාවන් නොමිලේ කියලා ගහපු පෝස්ටරයක්. ඒත් එක්කම එක පේළියට තවත් පසෙකින් ප්‍රදර්ශනය කෙරෙන්නෙ නිශාන්තගේ කැලේ කඩෙන් නොමිලේ සැපයෙන සේවාවන්. ෆිල්ටර් කළ වතුර නොමිලේ, අවශ්‍ය වූ විට පැනඩෝල් පෙත්තක් නොමිලේ, වාහනය නැවතුණොත් තෙල් කාලක් නොමිලේ, ටයර් එකේ හුළං ගියොත් හුළං ගැසීම නොමිලේ. මේ සේරටම වඩා හිත ඇදිලා යන අනිත් කාරණේ තමයි ගෙදරින් කෑම එකක් ගෙනාවොත් වෑංජන නොමිලේ. මෙච්චර දේවල් නොමිලේ කරන්න නිශාන්තට හිතක් පහළ වුණේ කොහොමද? ඇත්තටම පුංචි හෝටලයක් කරන ගමන් මේ වගේ දේවල් නොමිලේ කරන එකෙන් පාඩුවක් එහෙම සිද්ධ වෙන්නෙ නැද්ද? අපි කතා කළා නිශාන්ත එක්ක.

නිශාන්ත මහත්මයා මුලින්ම අපිට කියන්නකො මේ කැලේ කඩේ පිහිටලා තියෙන ප්‍රදේශය

මේක තියෙන්නෙ මාතර පාරේ, මුලටියන රක්ෂිතය ගාව.

දැන් කොච්චර කාලයක් වෙනවද මේ ව්‍යාපාරය ආරම්භ කරලා?

දැන් අවුරුදු දහයක් විතර වෙනවා. මුලින්ම මම මොනරාගල කච්චේරිය හන්දියේ කඩයක කැෂියර් විදිහට තමයි වැඩ කළේ. ඒ වගේ කඩ කීපයක මම වැඩ කළා. පස්සෙ හිතුණා මගේම කියලා කෑම කඩයක් පටන්ගන්න. මගේ පළවෙනි කඩේ මාවරලේ මම දැම්මා. නමුත් කාලයක් යද්දි එතන කඩ කුලිය වැඩි කළා. ඒ නිසා මම මුලටියන රක්ෂිතය ගාව මේ දැන් තියෙන කඩේ දැම්මා. ඒ වෙද්දි මේ ප්‍රදේශයෙම අපේ ගෙදරත් හදන ගමන් තිබුණේ. දැන් දිගටම මේ කඩේ කරගෙන යනවා.

එතකොට අවුරුදු දහයක විතර ඉඳන් පූජ්‍ය පක්ෂයට, ගැබිණි මවුවරුන්ට නොමිලේ සේවා සැපයුවද?

ඔව්. කඩේ පටන්ගත්ත කාලෙ ඉඳන්ම පූජ්‍ය පක්ෂයටයි ගැබිණි මවුවරුන්ටයි නොමිලේ සේවා සැපයුවේ. නමුත් සල්ලි නොගත්තම බලෙන් සල්ලි දීලා යන අය ඉන්නවා. ඒ නිසා තමයි මම පෝස්ටරයක් ගැහුවේ මේ පක්ෂ දෙකට අපේ හෝටලයේ සියලු සේවාවන් නොමිලේ කියලා.

වාහන මග නැවතුණොත් තෙල් නොමිලේ දෙන අදහස ආවෙ කොහොමද?

මම නිතරම දකිනවා මේ පාරෙ වාහන මග නැවතිලා තල්ලු කරගෙන යනවා.ඉතින් එහෙම කවුරුහරි දැක්කොත් මම මගේ ත්‍රීවිල් එකෙන් තෙල් ටිකක් ඇදලා දීපු අවස්ථා තිබුණා. ඉතින් මම තෙල් ටිකක් වැඩිපුර ගෙනල්ලා තියාගන්නවා ඒ වගේ කාටහරි අවශ්‍යතාවයක් වුණොත් දෙන්න. සමහරු ඉන්නවා නොමිලේ තෙල් ටික දුන්නම ආයෙත් මේ පාරෙන් යන එන වෙලාවක තෙල් ටික ගෙනල්ලා දෙන. මං ඒත් එපා කියනවා. නමුත් ඔවුන් ගෙනත් දෙනවා ආයෙත් ඔවුන්ට වගේම කෙනෙක්ට ඒ තෙල් ටික ප්‍රයොජනවත් වෙයි කියලා.

අපි ඔබේ ව්‍යාපාරය ගැන කතා කළොත්

මෙතන ප්‍රධාන වශයෙන් කෙටි ආහාර වර්ග තමයි මම විකුණන්නේ. ඊට අමතරව බුෆේ එකක් තියනවා. කෙටි කෑම වර්ග වුණත් එදිනෙදා හදන කෑම. කිසිම රසකාරකයක් අපි අඩංගු කරන්නෙ නෑ. ඒ වගේම පරණ කෑම ෆ්‍රිජ් එකේ දාන් තියලා පහුවදාට ආපහු විකුණන්නෙත් නෑ. සාමාන්‍යයෙන් වෙන කඩවල් කැමති නෑනෙ පිටින් කෑම ගෙනත් ඒ හෝටලේ තියන් කනවට. මගේ එහෙම කිසි විරුද්ධත්වයක් නෑ. ඕන තැනකින් කෑම ගෙනත් මෙතන තියන් කන්න පුළුවන්. අපේ හෝටලයෙන් වෑංජන ටික පවා නොමිලේ ලැබෙනවා.

මේ තරම් දේවල් නොමිලේ කරනකොට ව්‍යාපාරයට පාඩුවක් නැද්ද?

කිසිම පාඩුවක් නෑ.

ඔබ මුලින් සඳහන් කළා පූජ්‍ය පක්ෂයට සහ ගැබිණි මව්වරුන්ට නොමිලේ සේවාවන් සැපයුවත් බලෙන් මුදල් දෙන අය ඉන්නවා කියලා?

ඔව්. එහෙම අය ඉන්නවා. නොමිලේ සේවා සපයන කෙනෙක් බලෙන් සල්ලි දුන්නොත් මම ඒකට හරියන්න තව මොනවහරි කෑම නොමිලේ දෙනවා.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

නිවන් දක්නා ජාති දක්වා බොහෝ භවබෝග සම්පත් දෙන කංචුක පූජාව

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?