නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

Published May 12, 2025

බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේදී එක් දිනක් ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් මේ අන්දමින් විමසා සිටි සේක. “ ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස… ඔබවහන්සේ නොමැති කාලයකදී දුර බැහැර සිට එන භික්ෂුන්වහන්සේලාගේ සිත පහදවා ගැනීමේදී ඔබවහන්සේගේ ස්පර්ශයන් දැක ගන්නේ කෙසේද” විමසා සිටියහ. ඒ වෙනුවෙන් පිළිතුරු දෙමින් බුදුන්වහන්සේ දේශනා කර සිටියේ “ ආනන්දය, එවැනි ස්ථාන හතරක් තිබේ.තථාගතයන්වහන්සේ මෙතැන උපත ලැබු සේක… මෙතැන සම්මා සම්බුදු බුදු වූ සේක…තථාගතයන්වහන්සේ මෙතැන ප්‍රථම දහම් දෙසූ සේක… තථාගතයන්වහන්සේ මෙතැනදී පිරිනිවුන සේක…” යැයි සැදැහැවත් මිනිසුන්ට සංවේගය උපදවා ගත හැකි ස්ථාන පිලිබඳව මහාපරිනිර්වාණ සුත්‍රයේ දක්වා තිබේ. සැදැහැතියන් විසින් පහන් සංවේගය උපදවා ගන්නා මෙම පූජණීය ස්ථාන හතරම උතුරු ඉන්දියාවේ ( දඹදිව ) නේපාලයේ පිහිටා තිබේ. ජපානය, චීනය, කොරියාව ආදි බෞද්ධ රටවල විද්‍යාඥයින් විසින් මේ ස්ථානයන් නිසැකවම තහවුරු කර ගෙන තිබේ.

ලුම්බිණිය

නේපාලයේ උත්තර ප්‍රදේශයේ “ රුපෙන්ඩිලා ” දිස්ත්‍රික්කයේ පිහිටි “ ලුම්බිණිය ” පහන් සංවේගය දනවන පූජණීය පින්බිමකි. රුපෙන්ඩිලාවට යාබද දිස්ත්‍රික්කය වන්නේ කපිලවස්තු නගරයයි. දිල්ලි දුම්රියෙන් සොනාලි බෝඩරය ඔස්සේ නේපාලයට පැමිණිය හැක. ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම වන්දනාමානයන්ගෙන් පිදුම් ලද ලුම්බිණියේ අශෝක රජතුමා විසින් පිහිටුවන ලද ටැම් ලිපියක්ද තිබේ.

සියදහස් ගණනක බැතිමතුන්ගේ වන්දනාමානයන්ට පාත්‍ර වෙන ලුම්බිණිය ආසන්න ප්‍රදේශයන්හි සිදු වෙන කුඹල් කර්මාන්තයන් නිසා මෙම පූජාභූමියේ අනාගත පැවැත්මට තර්ජනයක්ව පවතී. ලුම්බිණිය ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් වන්දණීය ස්ථානයක් බවට පත්ව තිබුණ අතර අසෝක සෙල්ලිපියක්ද මෙම ස්ථානයේ පිහිටුවා තිබේ.

“ රුමින්දෙයි ” සෙල්ලිපියෙන්ද බෝසත් උපත ස්මරණය කර තිබේ. යුනෙස්කෝව විසින් “ ලුම්බිණිය” ලෝක උරුමයක් ලෙසින් නම් කර තිබේ. මායා දේවී විහාරය, පොකුණු සහ කපිලවස්තු මාළිගයේ නටබුන්ද ලුම්බිණී ප්‍රදේශයේ දක්නට ලැබේ. අශෝක රජතුමා විසින් “ ලුම්බිණී ” ග්‍රාමය බද්දෙන් නිදහස් කර ආර්ථික ලාභ ලැබෙන සේ සැලසුම් කරන ලදී. “හියුං සියැං ” හිමියන්ද ලුම්බිණීය වන්දනා කළ බැව් එම ලේඛනවල සඳහන්ය.

බුද්ධගයාව

ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ පිහිටා ඇති බුද්ධගයාව බොදු බැතිමතුන් විසින් පහන් සංවේගය උපදවා ගත යුතු පූජණීය පින් බිමකි. ඒ නිසාම ලෝකය පුරා බැතිමතුන් ගයාවේ පූජා භූමිය වෙත සිය ආගමික වතාවත් වෙනුවෙන් පැමිණෙති. ඒ නිසාම ඉන්දියාවේ ප්‍රධාන නගර සේ සැලකෙන දිල්ලි, කල්කටා, චෙන්නායි සිට දුම්රිය රැසක් ධාවනය වේ.

මෙම කලාපයේ ගයා මහා විහාරය, ශ්‍රි මහ බෝධිය, බුද්ධත්වයෙන් පසුව සත් සතිය ගත කළ ස්ථාන පිහිටා ඇත. ගල් ගරාදියෙන් පිටත කුඩා ස්ථුප පිහිටා තිබේ. අඩි 75 ක් පමණ පහතින් පිහිටි භූමිභාගයේ තැපැල් කාර්යාල, වෙළඳසැල්, හෝටල් පිහිටුවා ඇති අතර මෙම බුද්ධගයාව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් 2006 වසරේ ආරම්භ කළ අතර එය 2031 තෙක් ක්‍රියාත්මක වේ.

20 වැනි සියවස මුල් භාගය වනවිට හින්දුන් විසින් අත්පත් කර ගෙන සිටි බුද්ධගයාව නැවතත් පුදබිමක් ලෙසින් අත්පත් කර ගැනීමට අභීතව හඬ නගන ලද්දේ අනගාරික ධර්මපාලතුමා විසින්ය. සිංහලයිනි නැගිටිව්… බුද්ධගයාව බේරා ගනිව්… යන අභීත නාදය නගමින් දිවි පරදුවට තබා අනගාරික ධර්මපාලතුමා මේ සටන දියත් කළහ. පළමු සහ දෙවැනි අවස්ථාවේදී බුද්ධගයාව හින්දු පුදබිමක් බැව් අධිකරණයෙන් පවා ස්ථිර වුණත් අනගාරික ධර්මපාලතුමා මෙම තීන්දුවට එරෙහිව සටන් කරමින් කෙසේ හෝ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ නැවත ලබා ගැනීමට සමත් වූහ.

සාරානාත්

සිදුහත් බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව ප්‍රථම ධර්ම දේශනය සිදු කරනු ලැබුවේ බරණැස ඉසිපතන මිගදාය නැමැති පුණ්‍ය භූමියේදීය. අද මෙම ස්ථානය“ සාරනාත් ” යනුවෙන් හැඳින්වේ. බරණැස සිට සාරනාත් පූජාභූමියට කි. මි 11 ක දුරක් ඇති අතර මෙහි ප්‍රධාන ස්මාරකය අශෝක රාජ්‍ය සමයේ ඉදි කරන ලදැයි සැලකේ.

කුසිනාරාව

බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑවේ කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයන පිහිටි කුසිනාරාව නගරය “ කුෂිනගර්” ලෙසින් හැඳින්වේ. 19 වන සියවසේ මුල් භාගය වනවිට වල්වැදී තිබුණ මෙම පූජා භුමිය කැණීම් මගින් හඳුනාගෙන නැවතත් පුජාභූමියක් ලෙසින් ලෝකයාගේ වන්දනීයත්වයට ඉඩ ලබාදී තිබේ. ඉන්දියාවේ දීර්ඝ දුම්රිය පොලක් සේ සැලකෙන “ ගොරොක්පූර් ” සිට කි. මි 55 ක් දුරින් කුෂිනගර් පිහිටා තිබේ. මෙහි ගුප්ත යුගයේ නිර්මාණය කරන ලද මුල් කාලීන බුදු පිලිමයක් හමු වී ඇති අතර දැනට ඒ බුදුපිලිමය බරණැස කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ “දඹදිව වන්දනා ගමන් මග මාර්ගෝපදේශ සංග්‍රහය ඇසුරින්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025

පොඩ්ඩන්ගේ විටමින් C

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?