නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පොඩ්ඩන්ගේ විටමින් C
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පොඩ්ඩන්ගේ විටමින් C

Published May 12, 2025

පොඩි දරුවෝ හරියට වැඩෙන්න විටමින් වර්ග ඕනමයි. ඒ අතර විටමින් C කියන්නේ වැදගත්ම විටමින් එකක්. දරුවන්ට හැදෙන ලෙඩ රෝගවලින් මිදෙන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් C ක්‍රියා කරන්න විටමින් C අවශ්‍යමයි. ඇයි ඇත්තටම විටමින් C මේ තරම් වැදගත් වෙන්නේ?

සෙම්ප්‍රතිශ්‍යාව වළැක්වීම

ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගැනීමට විටමින් C හේතු වෙනවා. අධ්‍යයන මඟින් පෙන්වා දෙන්නේ හොඳින් විටමින් C ලබා ගන්නවා නම් සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින කාලය 21% කින් පමණ අඩු කර ගත හැකි බවයි. ඒ වගේම පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නෙත් නැහැ.

සම නිරෝගීව පවත්වාගැනීමට

විටමින් C      ගැනීම නිසා ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා සේම පරිවෘත්තීය C රියා නිසි පරිදි සිදු වෙනවා. ඒ වගේම සම වියලීමකින් තොරව පවත්වා ගැනීමටත් හරිම වැදගත්. පොඩි දරුවන්ගේ සමේ තෙතමනය රැකගන්නත් ඔන්න විටමින් C  වැදගත් වෙනවා.

තුවාල සුව වීමට

පොඩි දරුවො සෙල්ලම්. කරනවා. ඉතින් ඒ නිසාම වැටිල තුවාල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ වැටුණු, සීරුණු තුවාල පැස වන්න දෙන්නෙ නැතුව ඉක්මනින්ම සුව කිරීමේ හැකියාව විටමින් Cවලට තියෙනවා. විටමින් C මගින් සියුම් රුධිර නහර ශක්තිමත් කිරීමට සමත්. ඒ නිසා තුවාලය පැසවන්නේ නැතිව ඉක්මනින් ම සුව වෙනවා.

විදුරුමස් රෝග

පොඩි දරුවන්ට හැදෙන විදුරුමස් රෝගවලින් ඔවුන්ව ආරක්ෂා කරන්න විටමින් C හේතු වෙනවා. බොහෝ විට දත්වල විවිධ ඌණතා ඇති වීමට පෝෂණ ඌණතා බලපානවා. ඉතින් විටමින් C නිසි පරිදි ගන්නවා නම් විදුරුමස් රෝග ඇති වන්නේ නැහැ.

යකඩ අවශෝෂණය පහසු කරනවා

කුඩා දරුවන්ගේ සිරුරට යකඩ අවශෝෂණය කිරීම සඳහා විටමින් ක්‍ී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා විටමින් C තියෙන ආහාර වර්ග දරුවන්ට ලබා දීම ඉතා වැදගත්.

පිළිකා අවදානම

නිසි පරිදි විටමින් ක්‍ී ලබා ගැනීම නිසා පිළිකා අවදානම සේම කොලෙස්ටරෝල් , හදවත් රෝග ආදියෙන්ද දරුවා ආරක්ෂා වෙනවා. විටමින් Cනිතරම ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස තබා ගැනීම කෙරෙහි C ක්‍රියා කරනවා. ඒ වගේම ඔක්සිකාරකයක් ලෙස C ක්‍රියා කරමින් Free Radicals හෙවත් නිදහස් ඛණ්ඩ මගින් සිදුවන හානිය වළක්වනවා.

විටමින් C  තිබෙන ආහාර වර්ග…

  • දෙහි, නාරං, දොඩම් වැනි පැඟිරි කුලයේ පළතුරු (Citrus Fruits)
  • ස්ටෝබෙරි
  • නිවිති
  • බ්‍රොකලි
  • බේක් කල අල
  • තක්කාලි
  • පේර
  • කිවි

ඔබේ දරුවාව නිරෝගීව තියාගන්න පුළුවන් හැම වෙලාවේම මේ ආහාර වර්ග දරුවන්ට දෙන්න අමතක කරන්න එපා.විටමින් Cකියන්නේ දරුවාගේ වර්ධනය ඉක්මන් කරන්න අත්‍යවශ්‍ය විටමින් වර්ගයක්.

https://www.webmd.com ඇසුරෙන්

පවනි දිලේකා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?