“සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසර ඉගෙනුම ලැබූ විසිතුන් හැවරිදි සිසුවෙක් අප්‍රේල් 29 වන දින ගම්පොළ ඉහළගම පිහිටි සිය නිවසේ පසුපස ගෙල වළලාගෙන සියදිවි නසා ගෙන ඇත” උපුටා ගැනීම අවසන්. සවිය වීමට තිබූ සරසවි පද්ධතිය තුළ නවකවදය හේතුවෙන් මේ වනවිටත් අහිමි වූ ජීවිත ගණනාවකි. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවකවදය වනාහි නිලීන අපරාධයක් වශයෙන් පවතින අතරම ජීවිත අහිමි වන සංඛ්‍යාවටත් වඩා මානසික රෝගීන් බවට පත්වන සංඛ්‍යාව ඉහළ අගයක් ගනී. එබැවින් මෙතැන් සිට නවක වදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය පිළිබඳ කතිකාවේ යෙදීමට අපේක්ෂා කෙරේ.
නවක වදය වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතියක් පවතීද?
1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියාකාරකම් තහනම් කිරීමේ පනත නවක වදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.
පනත යටතේ දඬුවම් හිමිවන වැරදි මොනවාද?
අධ්‍යාපන ආයතනයක් තුළ හෝ ඉන් පිටත දී නවක වදය සිදු කිරීම හෝ ඊට සහභාගී වීම, නවක වදයක් සිදුකරන අතරතුර බරපතළ තුවාලයක් හෝ ලිංගික අතවරයක් සිදු කිරීම, බිය ඇතිකිරීමේ චේතනාව ඇතිව ආයතනය තුළදී හෝ ඉන් පිටත දි ඔවුන්ගේ ශරීරයට, කීර්තියට, දේපළකට හෝ ඔවුනට සම්බන්ධයක් පවතින වෙනත් අයෙකුගේ ශරීරයට, කීර්තියට හෝ දේපළකට හානි කරන බවට වාචිකව හෝ ලිඛිතව තර්ජනය කිරීම, අයුතු අවහිරය, අඩස්සියට ගැනීම, අයුතු සිරකර තැබීම, ආයතන පරිශ්‍රයක් තුළ බලහත්කාරයෙන් පදිංචි වීම හා අලාභ සිදු කිරීම, ආයතන පරිශ්‍රයක පවතින දේපළ සඳහා අනර්ථයක් සිදු කිරීම.
නවක වදය යනු කුමක්ද?
අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙක්ට හෝ කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට ශාරීරික, මානසික පීඩාවක් හෝ මානසික වේදනාවක් හෝ බියක් ඇති කරන හෝ ඇති කිරීමට තැත් කරන ඕනෑම ක්‍රියාවක් මෙලෙස අර්ථ දැක්විය හැකිය.
නඩු පැවරිය යුත්තේ කුමන අධිකරණයකද?
මහේස්ත්‍රාත් අධිකරණයක. ලඝු නඩු විභාගයක් පවත්වයි.
ලඝු නඩුවක් යනු කුමක්ද?
මහේස්ත්‍රාත් අධිකරණයක විභාග කළ හැකි සියලු නඩු.
අධ්‍යාපන ආයතනයක් තුළ හෝ ඉන් පිටත දී නවක වදය සිදු කරන හෝ ඊට සහභාගී වන ඕනෑම පුද්ගලයෙකුට පනත ප්‍රකාරව හිමි වන දඬුවම කුමක්ද?
වසර දෙකක අනිවාර්ය බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හිමිවන අතර අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිදුවේ.
මේ වරද සඳහා ඇප ලබා දිය හැකිද?
ඔව්. ඇප ලබාදීමේ බලය ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය සතුව ඇත.
නවක වදයක් සිදුකරන අතරතුර ශිෂ්‍යයෙක්ට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට බරපතළ තුවාලයක් හෝ ලිංගික අතවරයක් වුවහොත් එය සිදුකළ අයට දඬුවම් පවතීද?
ඔව්. වසර දහයක සිර දඬුවමක් සහ වන්දියක් ගෙවීමට සිදුවේ.
මේ සඳහා ඇප ලබාගත හැකිද?
ශ්‍රේෂ්ඨාධිකරණයේන් ඇප ලබා ගැනීමට අයදුම් කළ හැකිය.
ලිංගික අතවරයක් ලෙස අර්ථ දක්වන්නේ කුමක්ද?
ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදුකිරීම පිණිස සාපරාදී බලහත්කාරය පෑම, වචන හෝ ක්‍රියා භාවිත කිරීම.
අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙකුට හෝ කාර්යමණ්ඩලයේ අයෙකුට බිය ඇතිකිරීමේ මත ආයතනය තුළදී හෝ ඉන් පිටතදි ශරීරයට, කීර්තියට, දේපළකට හෝ ඔවුන්ට සම්බන්ධ වෙනත් අයෙකුගේ ශරීරයට, කීර්තියට හෝ දේපළකට හානි කරන බවට වාචිකව හෝ ලිඛිතව තර්ජනය කිරීම සඳහා හිමිවන දඬුවම කුමක්ද?
වසර පහක සිර දඬුවම්.
අධ්‍යාපන ආයතනයක් තුළ අයුතු අවහිරය, අඩස්සියට ගැනීම, අයුතු සිරකර තැබීම සඳහා පවතින දඬුවම් මොනවාද?
වසර හතක සිර දඬුවම්.
ආයතන පරිශ්‍රයක් තුළ බලහත්කාරයෙන් පදිංචි වන හා අලාභ සිදුකරන විටකදී හිමිවන දඬුවම කුමක්ද?
වසර දහයක සිර දඬුවම්’
ආයතන පරිශ්‍රයක පවතින දේපළ සඳහා අනර්ථයක් සිදුකළහොත් ලබා දිය හැකි දඬුවම කුමක්ද?
වසර විස්සක සිරදඬුවම් සහ අනර්ථය මෙන් තුන් ගුණයක දඩයක් අය කර ගැනීමට ප්‍රතිපාදන ඇත.
මෙම පනත යටතේ පුද්ගලයෙක් වරදකරු වූ විට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
එකී පුද්ගලයා සිදු කරන ලද වරදෙහි බරපතලකම සැලකිල්ලට ගෙන අධ්‍යාපන ආයතනයෙන් නෙරපන ලෙසට නියෝගයක් නිකුත් කරනු ලැබිය හැකිය.
නවක වදය අතරතුර බරපතල තුවාල සිදුකරන හෝ ලිංගික අතවර කරන කෙනෙකුට එරෙහිව ඇප ලබාගත හැකි ද?
මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව පවති.
අයුතු අවහිරය, අඩස්සියට ගැනීම සහ අයුතු සිරකර තැබීම සඳහා ඇප ලබා ගත්ත හැක්කේ කෙසේද?
මහාධිකරණයෙන් පමණක් ඇප ලබාගත හැකිය.
ඇප ලබා ගැනීමට අමතරව පනත යටතේ වැරදි කරුවෙකු වුවහොත් අත්හිටවූ සිරදඬුවම්, කොන්දේසි සහිත ආඥා ලබා ගැනීමට හැකියාව පවතීද?
නැත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 (අත් හිට වූ දඬුවම්) සහ 306 (කොන්දේසි පිට මුදා හැරීම්) වගන්තින් මෙම පනතට අදාළ වන්නේ නැත.
නවක වදය වැළක්වීම සම්බන්ධව පනතට අමතරව ඇති වෙනත් ප්‍රතිපාදන මොනවාද?
- 1997 ක්ෂණික දුරකථන අංකය ඇමතීම.
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කර ඇති 2010.01.15 දිනැති චක්‍රලේඛ අංක 919 හි විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය මැඩ පැවැත්වීම සඳහා හඳුන්වාදී ඇති මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වීම.
- 2011.02.10 දිනැති අංක 946 දරණ චක්‍රලේඛය මගින් ශිෂ්‍ය විනය කටයුතු සහ දඬුවම් පැනවීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වීම.
- 2019 අංක 12 දරණ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය සහ ලිංගික ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීම සඳහා වන චක්‍රලේඛය අනුව ක්‍රියාත්මක වීම.
- 2020.08.10 දිනැති 2020 අංක 04 දරන සියලුම විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන නවක වදය පිළිබඳ පැමිණිලි සහ ප්‍රතිචාර ලබා ගැනීමේ චක්‍රලේඛය අනුව ක්‍රියාත්මක වීම.
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ දක්වා ඇති නවක වදය පිළිබඳ පැමිණිලි ඔන්ලයින් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ලබා දී තිබීම. (Eugc.ac. lk/Complaint-portal) ඉහත සඳහන් කාරණා අනුව නවක වදය යනු රටේ සාමාන්‍ය අපරාධ නීතිය තුළ සාපරාදී වරදකි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය ද (කෲර අමානුෂික වධහිංසාවකට, අවමං සහගත සැලකිල්ලකට හෝ දඬුවමකට යටත් නොවීමේ අයිතිය) උල්ලංඝනය කිරීමකි. එබැවින් නවකවදය තුරන් කිරීමට පවතින නීතිය සීයට සීයක් දායක විය නොහැක්කා සේම පරිපාලනයේත්, ශිෂ්‍යන්ගේත් ආකල්පයන් දියුණු කර ගැනීම තුළින් තරුණ ජීවිත අකාලයේ මිලිනවීම නවතා ගත හැකි වන්නේය.
නීතිඥ නවෝද්‍යා ගමගේ
navodyaagamage@gmail.com