එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් අනාවරණයක්
ඔබේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගෙන යෑම සඳහා හොඳින් වතුර පානය කිරීමේ අවශ්‍යතාවය ගැන නැවත කිව යුතු නැහැ. නමුත් ඔබේ වතුර බෝතලයේ ඇති බැක්ටීරියා නිසා අපේක්ෂිත ප්‍රතිඵළ නොලැබෙන්නත් පුළුවන්.
මේ පිළිබඳව ඔබටම කළ හැකි පරීක්ෂණයක් පිළිබඳව ඇමරිකාවේ ඉන්දියානා හි පර්ඩු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ බෙන්කි සඳහන් කරනවා. බෝතලයට සියුම් කඩදාසියක් හෝ තුවායක් දමා ඇතුල් පැත්ත අතුල්ලන්න. එය ලිස්සනසුළු වුණොත් හැගී යන්නේ ඇතුලත බැක්ටීරියා වර්ධනය වී තිබෙන බවයි.
ගෝලීය වෙළඳපොළ තුළ නැවත භාවිත කළ හැකි බෝතල් වෙනුවෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. 2024 වසරේදී මෙම බෝතල්වල අලෙවි ආදායම ඩොලර් බිලියන 10 ක්.සරසවි සිසුන්ගෙන් 55%-81% ක් නැවත පාවිච්චි කරන බෝතල් භාවිත කරන බැව් මෙම අධ්‍යනයේදී සනාථ වුණා. මේ නිසා පාවිච්චියෙන් පසුව බෝතලය ඉවත දමනවාද…? එහෙම නැත්නම් එය නැවත පාවිච්චි කරනවාද යන්න දැන් තීරණය කරන්න වෙනවා.
ප්ලාස්ටික් බෝතල්වල වාසි මොනවාද…?
ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය වෙනුවෙන් යොදා ගන්නා රසායනික ආකලන (Additives) නිසා ඒවායේ නම්‍යතාවය, කල්පැවැත්ම, උෂ්ණත්වයට ඔරොත්තුදීම සහ බරින් අඩුවීම වැනි වාසි තිබෙන බැව් කටාර් රාජ්‍යයේ වයල් කෝනෙල් විශ්ව විද්‍යාලයේ සායනික ජනගහන සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ සහය මහාචාර්ය අමිත් ඒබ්‍රහම් සඳහන් කරනවා.
බෝතලයේ බැක්ටීරියා ඇති වෙන්නේ ඇයි…?
වතුර බෝතලයක දින කීපයක් ජලය පිරී තිබෙන විට බැක්ටීරියා වර්ධනය වෙන බව එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ප්‍රිම්රෝස් ෆරස්ටෝන් සඳහන් කරනවා. බැක්ටීරියා වර්ධනයට සුදුසු උෂ්ණත්ව පරිසරය සෙල්සියස් අංශක 37 වුණත් අංශක 20 ක් වැනි කාමර උෂ්ණත්වයේදීත් බැක්ටීරියා වර්ධනය විය හැකි බැව් ප්‍රිම්රෝස් සඳහන් කරනවා.
වතුර උණු කර නිවා දැම්මත්…
අපි කරාම ජලය උණු කර නිවා ගෙන බෝතල්වලට දැම්මත් දිනක් තුළ එම ජලයේ වේගයෙන් බැක්ටීරියා බෝ වෙන්න පුළුවන්. අපේ මුඛයේ තිබෙන කෙළ සමග බැක්ටීරියා පෝෂක වතුර බෝතලයට එකතු වෙනවා. ඒ නිසා බැක්ටීරියා වර්ධනයට හිතකර පරිසරයක් ඔබේ බෝතලය තුළ ඔබ විසින්ම නිර්මාණය කරන දෙන බැව් ෆරස්ටෝන් සඳහන් කරනවා.සිංගප්පුරුවේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ උදය කාලයේ මිලිලීටරයකට බැක්ටීරියාවන් 75, 000 ක් පමණ වර්ධනය වුණ අතර පැය 24 ක් ගතවන විට මෙම සංඛ්‍යාව මිලියන 1 සිට 2 දක්වා වර්ධනය වුණා.
ජලය පානය කරන ඔබ විසින් එකතු කරන බැක්ටීරියා…
වතුර බෝතලයක බැක්ටීරියා වර්ධනයට හිතකර පරිසරයක් පවතින බැව් ඇත්ත. නමුත් ජලය පානය කරන්නා විසින්ද බැක්ටීරියා එකතු කරන බැව් පර්යේෂකයන් සඳහන් කරනවා. ඔබ ජලය පානය කරන විට මුඛයේ ඇති බැක්ටීරියා බෝතලයට ඇතුළු වෙනවා. වැසිකිළි සෞඛ්‍ය ගැන සැලකිලිමත් නොවන විට “ ඊ කොලයි ” වැනි බැක්ටීරියා ඔබේ අත්ලේ සිට තොල්වලටත් ගමන් කරනවා.
වතුර බෝතල් හවුලේ පාවිච්චි කරන විට Norovirus වැනි වෛරස් වතුර බෝතලයට ඇතුලු වීමට ඉඩ තිබෙනවා. සමහර විට ඔබේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් නම් මෙම තත්ත්වයන් නිසා රෝග තත්ත්වයන් ඇති නොවන්න පුළුවන්. නමුත් දුර්වල ප්‍රතිශක්තියක් ඇති විට ඉතා පහසුවෙන් ඔබ රෝගී තත්ත්වයට පත් කරන්න ඉඩ තිබෙනවා.
නැවත පාවිච්චි කළ හැකි බෝතලය පිරිසිදු කරන්නේ කොහොමද…?
නැවත පාවිච්චි කරන වතුර බෝතලය ඇල් ජලයෙන් සේදීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ෆැරන්හයිට් අංශක 140 ක උෂ්ණත්වයේ පවතින උණුවතුරෙන් සෝදන්න. පිරිසිදුකාරක ද්‍රව්‍යක් යොදා බෝතලය කලතා විනාඩි 10 ක් තබා පසුව උණුසුම් ජලයෙන් සෝදන්න.ක්ෂුද්‍ර ජීවින් තෙතමනය සහිත පරිසරයේදී වර්ධනය වෙන නිසා සෝදාගත් බෝතලය් මද පවනේ වියලා ගන්න. පාවිච්චි කරන හැම දිනයක් පාසාම මෙසේ කිරීම සුදුසු වුණත් එසේ කිරීමට හැකියාවක් නැත්නම් සතියකට වතාවක් හෝ මේ අන්දමින් සෝදා විලා ගන්න.
ඒ වගේම බෝතලයෙන් ගන්ධයක් එනවා නම් දෙවතාවක් නොසිතා බෝතලය ඉවත් කරන්න. ප්ලාස්ටික් බෝතල්වල බැක්ටීරියා ගහණය වැඩියෙන් සිදු වෙන අතර ලෙහෙසියෙන් පිරිසිදු කළ හැකි බෝතල් සනීපාරක්ෂාව අතරින් ඉහළ බැව් ෆරස්ටෝන් සඳහන් කරනවා. බෝතලය පිරිසිදු කිරීමේදී පිටත, පියන සහ බටයක් තිබෙනවා නම් එයද පිරිසිදු කිරීම වැදගත්.ඒ වගේම පානය කිරීමෙන් පසුව බෝතලය නැවත පාවිච්චියට ගන්නා තෙක් ශීතකරණයේ තැබීමෙන්ද යම් ආරක්ෂාවක් ලැබෙනවා.
වඩාත් සුදුසු බෝතල් මොනවාද…?
ප්ලාස්ටික් බෝතලය කැඩී ගිය විට ඒවා නිෂ්පාදනය වෙනුවෙන් යොදා ගෙන ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජලය සමග මිශ්‍ර වෙනවා. ඒ වගේම මෙම ආකලන නිසා අපේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය වෙනස්වීමට පුළුවන්. ඒ නිසා ඔබ වතුර බෝතලයක් තෝරා ගන්නවා නම් වීදුරු හෝ මල නොකන වානේවලින් සැදූ බෝතලය වඩාත් ආරක්ෂා කාරී බැව් මහාචාර්ය ඒබ්‍රහම් සඳහන් කරනවා.
ඒ නිසා ඔබ වතුර බෝතලයක් තෝරා ගැනීමේදී මේ කරුණු ගැනත් අවධානය දැක්වීම වැදගත්. වරක් පාවිච්චියෙන් පසු ඉවත දැමීය හැකි බෝතල් පාවිච්චි කිරීමේදී මුදල් වියදම් වෙනවා. ආර්ථික වශයෙන් එය අසීරුයි. ඒ නිසා මිළට ගැනීමේදී සෞඛ්‍යට හිතකර බෝතලයක් තෝරා ගන්න. ඒ බෝතලය වුවද හොඳින් පිරිසිදු කරමින් පාවිච්චි කිරීම ඉතාම- වැදගත්.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️