බෝසත් උපත, බෝධිසතවයන් බුදු බවට පත්වීම සහ බුදුරජාණන්වහන්සේගේ පිරිනිවන්පෑම යන ත්‍රිවිධ මංගල්‍යන් සිදු වූ වෙසෙක් පුර පසළොස්වක පොහොය දින බෞද්ධයන් වන අපට ඉතාම වැදගත් පොහොය දිනයක්.
1886 මැයි 25 වැනිදා සිට වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නමුත් එය ශ්‍රි ලංකාවේ ජනතාවට සීමා වුණා. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ උපත ලද නත්තල් දිනය, මොහමඩ් නබි තුමා උපන් දිනය ජාත්‍යන්තර වශයෙන්ද නිවාඩු දිනයක් ලෙසින් ලෝකය පුරා දින දර්ශනයන්හි සටහන් වෙනවා. ඒ අනුව නත්තල් දිනය කිතුණු බැතිමතුන් ජීවත් වෙන රටකට සීමා වෙන්නේ නැහැ.
සමස්ත ලෝකයටම එදින නිවාඩු දිනයක්. නමුත් බෞද්ධයන්ට අති උතුම් වූ වෙසක් පොහොය දිනයත් ජාත්‍යන්තර වශයෙන් නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශිත විය යුතු බවට මුලින්ම සඳහන් කළේ ද්‍රවිඩ ජාතික ලක්ෂ්මන් කදිරගාමර් මහතා බැව් අප අමතක කළ යුතු නැහැ. ඒ වගේම එතුමා උත්පත්තියෙන් ද්‍රවිඩ පමණක් නොව කතෝලික බැතිමතෙක්. 1932 වසරේ අප්‍රේල් 12 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් මහතා ධනවත් ප්‍රභූ පවුලක උපත ලද අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්.
නීති විද්‍යාලයට ඇතුලත්ව නීති උපාධිය ලබා ගත් එතුමා එතැන් පටන් ලන්ඩනයේ ජීවත් වුණා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ කදිරගාමර් මහතා නැවත ලංකාවට පැමිණ නීතිඥයෙකු ලෙසින් කටයුතු ආරම්භ කළා. 1998 වසර යනු ජාතිවාදී අරගලවලින් රටම ඇලලී ගිය යුගයක්. ලක්ෂ්මන් කදිරගාමර් මහතා මේ කාලයේ ලංකාවට පැමිණියා.
1994 වසරේ එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ විදේශ අමාත්‍ය තනතුර ලබා ගත්තා. එවැනි අනතුරු තත්ත්වයක් තිබියදී ලංකාවට පැමිණි කදිරගාමර් මහතා ජාත්‍යන්තර වශයෙන් එල්.ටී. ටී සංවිධානය තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් එයද සම්මත කර ගත්තා. මෙවැනි සමාජ ක්‍රියාකාරී කටයුතුවල පෙරමුණගත් නිසාම එතුමාට විරුද්ධ බලවේග සමාජය වෙතින්ම ඇති වුණා.
1999 වසරේ සැප්තැම්බර් මාසයේ වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කළ යුතුය යන යෝජනාව එතුමා එක්සත් ජාතින්ගේ සංගමයේ මහ සම්මේලනයේ ආරම්භක අවස්ථාවට ඉදිරිපත් කළා. එම යෝජනාව 2000 වසරේ සම්මත වුණා. 2000 වසරේ මැයි මාසයේ සිට වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශිත වුණා.
මේ අන්දමින් වෙසක් පොහොයට අතිශය වටිනාකමක් ජාත්‍යන්තර ලෙසින් ලබා දුන් කදිරගාමර් මහතා 2005 වසරේ අගෝස්තු මාසයේ 12 වැනි දින කිලෝමීටරයක් පමණ දුරින් සිට එල්ල කරන ලද ස්නයිපර් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. ද්‍රවිඩ කතෝලිකයෙකු ලෙසින් බෞද්ධාගමට වටිනාකම් ලබා දුන් එතුමාගේ සමාජ මෙහෙවර නිසා අදටත් ලෝකයේ සෑම රටකම දින දර්ශනයක “ Buddha ‘s Birthday ” යනුවෙන් නිවාඩු දිනයක් ප්‍රකාශිත වන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා නිසා බැව් බෞද්ධයන් වන අප අමතක කළ යුතු නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️