පාකින්සන් රෝගය යනු මොළයේ ඩොපමීන් නම් රසායනික ද්‍රව්‍යයේ අඩුවීමක් නිසා ඇතිවන, ප්‍රධාන වශයෙන් චලන ක්‍රියාවලියන්ට බලපාන ස්නායු රෝග තත්ත්වයක්. මෙය ශරීරයේ ක්‍රියාශීලිත්වය, සමතුලිතතාවය අඩු කිරීම මගින් දිගු කාලීනව ජීවිත තත්ත්වය අභියෝගයට ලක් කරනවා. පසුපසට ඇද වැටීමෙන් වැළකීම මෙම රෝගීන් කෙරෙහි බලපවත්වන ප්‍රබල අභියෝගයකි. වයස අවුරුදු 60 න් පසු ඇතිවීම සාමාන්‍ය තත්ත්වය වූවත් මෙය වයස් භේදයකින් තොරව සෑම අයකුටම වැළඳිය හැකිය.
මෙම රෝගය අසමතුලිතතාව කෙරෙහි බලපාන්නේ ඇයි?
පාකින්සන් රෝගය නිසා ඩොපමයින් මට්ටම අඩුවේ. මෙය චලනය පාලනය සම්බනධීකරණය කරන වැදගත් රසායනිකයකි. මේ නිසා මොළයේ Basal ganglia වේ කටයුතුවලට අවහිර වී සමතුලිතතාව බිඳ වැටෙයි.
අභියෝගාත්මකයි
පාකින්සන් රෝගියකු ඉරියව් මාරු කර ආපසු හැරෙන විට හා කලබලයට පත් වූ විට පසුපසට වැටීමේ අවදානම මතු කරයි. මෙය කළමනාකරණය කිරීමට භාවිත කරන ඖෂධවලට ප්‍රතිචාර නොදැක්වීමේ ගැටලුවක්ද පවතින නිසා මෙය අභියෝගාත්මක රෝග ලක්ෂණයක් බවට පත්වී ඇත.
මාංශපේශී දෘඩතාව
මාංශපේශී දෘඪතාව Muscle rigidity සහ Bradykinesia (චලනය මන්දගාමී වීම) ඇතිවීම නිසා චලන අවස්ථාවකදී ස්වයංක්‍රියව වැටීමෙන් ආරක්ෂා වීම දුර්වල වෙයි.
කල්යෑමේදී තත්ත්වය බරපතල වෙයි
පසුපසට ඇද වැටීමෙන් වැළකීම සඳහා ප්‍රමාණවත් තරම් ඉක්මනින් පසුපසට යෑම ඔවුන්ට අපහසු වන අතර කල් යෑමේදී මෙම අපහසුතාව වැඩිවනු ඇත. වැටීමේ අවදානම සම්පූර්ණයෙන්ම ඉවත්කළ නොහැකි නමුත් උපායමාර්ග අනුගමනය කිරීමෙන් එය පාලනය කළ හැකිය.
භෞත චිකිත්සා සහ ව්‍යායාම
මේ මගින් මාංශපේශී ශක්තිමත් කිරීම, නම්‍යශීලීත්වය වැඩිකිරීම සහ සමබරතාව දියුණු කිරීම සිදුකළ හැකිය.
නිවස තුළ ආරක්ෂාව විධිමත් කිරීම
වැඩි වශනේ ඇවිදින ස්ථාන ස්ථාන පිරිසිදුව පවත්වා ගැනීම, ලිහිල් පාපිසි ඉවත් කිරීම, නානකාමර සහ කොරිඩෝවල ආධාරක අත්පටි සවිකිරීම සහ නිසි ආලෝකය පවත්වාගැනීම මගින් වැටීමේ අවදානම අඩුකරගත හැකිය. අවශ්‍ය නම් වෝකර්ස් වැනි ආරක්ෂිත උපකරණ භාවිතයද වැදගත්ය.
සුදුසු පාවහන් භාවිතය
ලිස්සා නොයන යටිපතුල් සහිත ආරක්ෂිත පාවහන් පැළඳිය යුතුය.
නිතිපතා වෛද්‍ය හමුව
වෛද්‍ය හමුවීම් තුළින් නිතිපතා රෝග සමාලෝචනය ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වෙයි.
රෝගය ගැන දැනුවත්වීම
රෝගියා මෙන්ම රැකබලා ගන්නාද රෝගය හා ආරක්ෂිත ක්‍රම පිළිබඳ අවබෝධයක් ලැබිය යුතුය.
ඔබ අවට සිදුවන දේ ගැනද විමසිලිමත් වෙන්න.
විශේෂයෙන්ම වැඩිහිටි අය වැටීමේ අවදානමට ලක්වූවත් පාකින්සන් රෝග තත්ත්වය නිසා වයස් භේදයකින් තොරව පසුපසට ඇදවැටීම සිදුවිය හැකි නිසා එවැනි අවස්ථා විහිලුවට නොගෙන සැලකිලිමත් වෙන්න.
https://parkinsonviewpoint.com ඇසුරිනි
සුනිල් අල්ගම ✍️