නින්ද කියන්නේ ශාරීරික නිරෝගීභාවය පවත්වා ගන්න අත්‍යවශයම දෙයක්. දිගුකාලීනව නින්ද අහිමිවීම තුළින් මතකය අහිමි වීම වැනි තත්ත්වයන්ට ගොදුරු වෙනවා. කුඩා දරුවන්ට සුවදායී නින්ද වැදගත්. ඔවුන්ගේ මොළයේ නිසි වර්ධනයට ප්‍රමාණවත් නින්දක් අවශ්‍යයි. දෙමව්පියන් සතු වගකීමක් තමයි දරුවන් නින්දට යොමු කරවීම. ඇත්තටම කොහොමද දරුවන්ව නිදාගන්න යොමු කරන්නේ?
දරුවා නිදිකිරවීමට නියමිත වෙලාවක් තබා ගන්න
අපි ඕනෑම දෙයක් පුරුද්දක් ලෙස සිදු කිරීමේදී එය අපට නිරායාසයෙන්ම හුරු වෙනවා. ඒ නිසා Bed time එක සඳහා නියමිත වෙලාවක් ඇති බව දරුවාට කියල දෙන්න. යමක් තේරුම් කර දීමට අපහසු වයසේ දරුවෙක් නම් දරුවාට නියමිත වෙලාවට නිදි කරවන්න හුරු කරන්න.
නින්දට පෙර ඇඟ සෝදන්න
අපි නිදාගන්න කලින් හොඳට ඇඟ සෝදගත්තොත් සනීපෙට නිදාගන්න පුළුවන්. ඇඟ හෝදන්න කම්මැලි නිසා දහඩිය එක්ක නිදාගත්තොත් සුවපහසු නින්දක් වෙනුවට අඩ නින්දක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩි දරුවන් නින්දට යන්න කලින් ඇඟ සෝදන්න පුරුදු කරන්න. රාත්‍රී නිදන ඇඳුම් අන්දවන්න. පිරිසිදු වී නින්දට යාම දරුවාට පුරුද්දක් කරන්න.
නිදාගැනීමට පෙර දරුවාට අධිකව වෙහෙස වෙන සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න…
නිදාගන්න කලින් දහඩිය එන ක්‍රීඩා කළොත් දරුවාගේ නින්දට බාධාවක් වෙන්න පුළුවන්. සුවපහසු නින්දක් ලබන්න නම් දරුවාව නින්දට පෙර අධිකව මහන්සි වෙන ක්‍රීඩා සිදු කිරීමෙන් වළක්වන්න.
කාමරයේ අඳුරු ආලෝකයක් තබන්න
කාමරයේ ලයිට් එළිය නිදාගන්න බාධාවක් අදුරු පරිසරය සුව පහසු නින්දකට රුකුලක්. ඒ නිසා කුඩා දරුවන් නිදාගන්න පරිසරය අඳුරු ආලෝකයක් හෝ නිල් පැහැ සියුම් ආලෝකයක් සහිත පරිසරයක් විදියට සකස් කරන්න අමතක කරන්න එපා.
ළයාන්විත සංගීතයක් දරුවාට ඇහුම්කම් දීමට සලස්වන්න
ගෝෂාකාරී සංගීතය නිදාගන්න බාදාවක් වුවත් ළයාන්විත සංගීතය නිදාගන්න පහසුවක්. ඒ නිසා දරුවාගේ වයසට සුදුසු නින්දට පොළඹවන සංගීත භාණ්ඩයක් දරුවාට ඇසෙන්න සලස්වන්න.
නින්දට පෙර දරුවාට කතන්දරයක් කියල දෙන්න…
දරුවන් කතන්දර අහන්න හරිම ආසයි. ඒ නිසා නින්දට පෙර ලස්සන කතන්දරයක් කියල දෙන්න අමතක කරන්න එපා කතන්දරය රසවත් වන තරමට දරුවා නිදා ගැනීමට යොමු වීම ඉක්මන් වෙනවා.
කාමරයේ සිසිල් පරිසරයක් නිර්මාණය කරන්න
අධික සීතල හෝ අධික උෂ්ණත්වයක් සහිත පරිසරය දරුවාගේ නින්දට බාධා කරනවා. එම නිසා නිදාගැනීමට සුදුසු පරිසරයක් දරුවන්ට ලබා දෙන්න.
https://www.webmd.com ඇසුරෙන්
පවනි දිලේකා ✍️