මිනිසා කියන්නේ සමාජ ජීවියෙක්. ඒ නිසාම අප අතර සමාජ ගණුදෙණුවක් අනිවාර්යෙන්ම පැවැතීම වැදගත්. යුග යුග ගණනාවක් පුරාම මිනිසුන් අතර මෙම සමාජ සම්බන්ධතාවයන් පැවැතුනද, කොවිඩ් වසංගත තත්ත්වයත් සමග රටවල් අගුළු දැමීම සහ සමාජ දුරස්ථබව අනිවාර්යෙන්ම පවත්වා ගත යුතුවීම නිසා මිනිසුන් නිවෙස් තුළම අතරමං වුණා. මේ නිසා ඇති වුණ හුදෙකලාබව මානසික සෞඛ්‍ය තත්ත්වයට මෙන්ම ශාරීරික සෞඛ්‍ය තත්ත්වයටත් ප්‍රබල අන්දමින් බලපාන බව පර්යේෂකයන් සඳහන් කරනවා.
දවසකට සිගරට් 15 ක් පානය කිරීමට සමානයි…
හුදෙකලා බව නිසා ඇති වෙන සෞඛ්‍ය ප්‍රතිවිපාක කොතරම් බරපතලද යත් එය දිනකට සිගරට් 15 ක් පානය කිරීම නිසා ඇතිවන මාරාන්තික සෞඛ්‍ය තත්ත්වයට සමාන බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. අපේ සමාජ සම්බන්ධතාවයන් අඩු වූ විට ඇති වෙන මානසික තත්වය “ තනිකම ” යනුවෙන් හැඳින්වෙනවා. තනිකම සමඟ පුද්ගලයා තුළ ආත්මීය වශයෙන් අප්රසන්නතාවයක් ඇති වෙන බැව් එක්සත් රාජධානියේ ෂෙයිල්ඩ් හලාම් විශ්ව විද්‍යාලයේ තනිකම පිළිබඳ අධ්‍යන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ඇන්ඩ්‍රියා විග්ෆීල්ඩ් සඳහන් කරනවා.
සමූහයක් අතර වුණත් තනිකම දැනෙනවා…
අපි නිවසක තනියෙන් සිටින විට තනිකම දැනෙනවා වගේම සමූහයක් මැද සිටියදීත් තනිකම දැනෙන බව ඔබ නොදන්නවා විය හැකියි. ඒ කොහොමද කියතොත් සමහර විට ඔබ මිතුරන් සමූහයක් මැද සිටියත් “ මම මෙතැනට ගැළපෙන්නේ නැහැ…” වැනි හැගීමකින් සිත පීඩා විඳින්න පුළුවන්. එවැනි මානසික තත්ත්වයකින් පෙනී යන්නේ ඔබේ සමාජ සම්බන්ධතාවයන් අතර ගුණාත්මක වශයෙන් පවතින දුර්වලතාවය බැව් ඇන්ඩ්‍රියා විග්ෆීල්ඩ් සඳහන් කරනවා.
එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ .”Solitude Lab ” ආයතනයේ ප්‍රධාන පර්යේෂක සහ මනෝවිද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ටුයි- චි ගුපෑන් පෙන්වා දෙන අන්දමට හුදෙකලාව නිසා ඔබ භෞතිකව තනි වෙනවා. එය සමාජ සම්බන්ධතා අතර ක්‍රියා නොකරන කාලයක් වෙන්න පුළුවනි.
සෞඛ්‍යට අහිතකරයි…
හුදෙකලාව සමග දිගින් දිගටම ජීවත් වීම නිසා ඩිමෙන්ෂියාව, විශාදය, කාංසාව සහ සමස් මරණ අවදානම ඉහළ යා හැකි අතර දියවැඩියාව, හෘද රෝග සහ ආඝාතය, දෙවන වර්ගයේ දියවැඩියාව සහ ආසාදනවලට ගොදුරු විය හැකි බැව් මෑතකදී කේම්බි්රජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යනයක් මගින්
පෙන්වා දී තිබෙනවා.
තනිකම නිසා ඇති වෙන ආතතිය මගින් සංජානන උත්තේජන දුර්වල වෙනවා. ඒ නිසා මානසික සෞඛ්‍ය තත්ත්වයට ඇතිවන ප්‍රබල බලපෑම මත පුද්ගලයන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයටත් බලපාන බැව් මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.
ලෝක සෞඛය සංවිධානයේ ඇස්තමේන්තුවට අනුව වැඩිහිටියන් හතර දෙනෙක් අතරින් එක් අයෙක් සමාජයීය වශයෙන් හුදෙකලා තත්ත්වයට පත්ව ඇති අතර නව යොවුන් වයසේ පසුවෙන අය අතරින් 5% සිට 15% අතර පිරිසක්ද තනිකම පිළිබඳ, ගැටළුවලින් පීඩා විඳිනවා. ඊටත් අමතරව සරණාගතයින්, වාර්ගික සුළුතරයින්, රෝග තත්ත්වයන් ඇති අය අතරත් තනිකම පිළිබඳ ගැටළුව තදින් ඇති බැව් පර්යේෂකයන් සඳහන් කරනවා.
තනිකම ජයගැනීම…
තනිකම සමාජ ප්‍රශ්නයක් නම් ඊට විසඳුම් ලබා දීම සඳහා දැන් ගෝලීය වශයෙන් අවධානය යොමු වී තිබෙනවා. බොහෝ රාජ්‍යන්හි මෙ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් වියදම් කර ඇති අතර මේ රටවල්වල දේශපාලන න්‍යාය පත්රයන්ට පවා එම වැඩ පිළිවෙල ඇතුළත් කර තිබෙනවා. හොංකොං හි ප්‍රජා ස්වේච්ඡා සේවකයින් 375 දෙනෙකු සම්බන්ධ කර ගත් අධ්‍යනයක් මගින් පෙන්වා දෙන අන්දමට නිදහස් කාලය යම් වැඩදායක කටයුත්තක් වෙනුවෙන් යොමු කිරීමෙන් වැඩිහිටියන් තුළ තනිකම සමනය කිරීමේ හැකියාව ලැබෙනවා.
පරම්පරා අතර පවතින වෙනසත් තනිකමට හේතුවක් වෙනවා. වැඩිහිටියන් ගැන අවතක්සේරුවෙන් දකින තරුණ පරම්පරාව නිසා බොහෝ වැඩිහිටියන් තරුණ පිරිස් සමග සහජීවනය ගොඩ නගා ගැනීමට අකමැතියි. ඒ නිසා ප්‍රජා මධ්‍යස්ථානයන්හි කටයුතු වෙනුවෙන් තරුණයන් සමග වැඩිහිටි ප්‍රජාව සම්බන්ධ කිරීම සඳහා ඔස්ටේ්රලියාව, නෙදර්ලන්තය වැනි රටවල් විසින් විශාල වශයෙන් මුදල් ආයෝජනය කර තිබෙනවා. තනිකම නිසා ඇති වෙන රෝග තත්ත්වයන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දීම වෙනුවට ඔවුන් යම් යම් සමාජ කටයුතු වෙත යොමු කිරීමට එක්සත් රාජධානියේ
වෛද්‍යවරුන් විසින් කටයුතු කර තිබෙනවා.
අන් අය ගැන සොයා බැලීම, කරුණාව ප්‍රවර්ධනය කිරීම, තනිකම ජයගැනීමේ මාර්ගයක් බැව් ළමා හා නව යොවුන් මනෝචිකිත්සක සහ “A Sense of Belonging ” කෘතියේ කතුවරිය වන හෙලැන් ලියැං සඳහන් කරනවා. ඒ වගේම ඔබ සමග ජීවත්වෙන අය නිතරම දුකෙන් සිටිනවා නම්… නිවසෙන් පිටට යෑමට අකමැති නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
පොත් පත් කියවීම, ගෙවතු වගාව, අත්කම් නිර්මාණ, සංගීතයට සවන්දීම වැනි කටයුතුවලින් තනිකම මග හරවා ගැනීමට හැකියාවක් තිබෙනවා.අපි අවදිව සිටින පැයවලින් 75% ක් තනිව සිටින විට තනිකම ආරම්භ වෙනවා. මෙය එක් එක් පුද්ගලයාගේ මටට්ම අනුව වෙනස් වෙන නමුත් ඔබ යම් ක්‍රියාකාරී කටයුත්තක යෙදෙනවා නම් හිතේ පවතින හුදෙකලාවට විසඳුම් ලබා ගැනීමට ඔබටම හැකියාවක් තිබෙන බැව් පර්යේෂකයන්ගේ අදහසයි.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා