නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදර නෝනගෙන් හැමතිස්සේම තේ ඉල්ලන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදර නෝනගෙන් හැමතිස්සේම තේ ඉල්ලන්න එපා

Published May 5, 2025

ලෝකයේ ජනප්‍රියම පාන වර්ග අතරින් උඩින්ම තියෙන පානයක් තමයි තේ කියන්නෙ. කාර්යබහුල ජීවන රටාවක් ගත කරන බොහෝ දෙනා තේ පානය සඳහා හුරු වී සිටිනවා. නමුත් ඕනාවට වඩා තේ පානය කිරීම ශරීරයට එතරම් හොඳ ප්‍රතිඵල ගෙන දෙන්නේ නම් නෑ.

නින්ද නොයාම

අධික ලෙස තේ පානය කිරීම ඔබේ නින්දට බාධා කිරීමට ඉඩකඩ තියෙනවා. තේවල අඩංගු කැෆෙන් ඔබේ නිද්‍රා චක්‍රයට බාධා ඇති කරන අතර කැෆෙන් නින්දේ රටාවට බලපාන මෙලටොනින් හෝමෝනයට බාධා කරනවා. තේ පානය කිරීමෙන් විනාඩි පහළොවක් ඇතුළත එහි අඩංගු වන කැෆෙන් ඔබේ රුධිරයට ඇතුළු වී ඔබේ ශක්ති මට්ටම වැඩි කරනවා. එය ඔබේ නින්දට බාධා ඇති කරන නිසා රාත්‍රී කාලයේ දී තේ පානය කිරීමෙන් වළකින ලෙසයි පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ.

අඩු පෝශක අවශෝෂණය

ශරීරයේ කැෆෙන් ප්‍රමාණය වැඩිවීම ඔබේ ආහාර ජීරණ ක්‍රියාවලියට බාධා ඇති කරන අතර ශරීරයට පෝෂණය අවශෝෂණය කර ගැනීම අඩු කරනවා. එමගින් පසුකාලීනව ඔබේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි විවිධාකාරයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි නිසා තේ පානය සීමා කිරීම හෝ හැකිතාක් අවම කිරීම සිදු කිරීමට ඔබ අවධානය යොමු කළ යුතුයි.

නොසන්සුන් බව වැඩිවීම

බොහෝ දෙනා විවේක වෙලාව රසවිඳීමට, ආතතියෙන් මිදීමට අවශ්‍ය වේලාවට තේ පානය කිරීමට පුරුදු වී සිටිනවා. නමුත් මෙම පුරුද්ද ඇත්ත වශයෙන්ම ඔබ මුහුණ දෙන ආතතිය සහ නොසන්සුන් බව උග්‍ර අතට හරවනවා. අධික කැෆෙන් පරිභෝජනය නොසන්සුනතාවයට හේතු විය හැකි අතර එවැනි තත්ත්වයන් සමනය කරගැනීමට අවශ්‍ය නම් සාමාන්‍ය තේ වෙනුවට Chamomile තේ වැනි පානයකට හුරුවීම ඔබට කළ හැකියි.

බඩ පිපීම

තේවල අඩංගු කැෆෙන් තමයි මෙයට ප්‍රධානම හේතුව වෙන්නෙ. ඊට අමතරව ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් ඇති වීම ද විය හැකියි. තේවල අඩංගු ටැනින් නැමති සංඝටකය මගින් ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලියට බාධා ඇති කරනවා.

කුරුලෑ ආසාදන ඇති වීම

තේ මගින් ඉතා ඉක්මනින් ඇති වන අතුරු ප්‍රතිඵලයක් තමයි කුරුලෑ කියන්නෙ. අධික තේ පානය ශරීරයේ උෂ්ණාධික බව වැඩි කරන අතර ඒ මඟින් ශරීරයෙ රසායන සංඝටකවල අසමතුලිතතාවයන් ඇති කරමින් කුරුලෑ ඇතිවීම සිදුවෙනවා. එම නිසා එවැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට තේ පානය හැකිතාක් අවම කළ යුතුයි.

මල බද්ධය

තේවල කැෆෙන් තියෝෆිලයින් නම් තවත් රසායනයක් අඩංගු වෙනවා. ශරීරයේ විෂහරණය කිරීමට, ඔබේ මනස සහ මාංශ පේශි සන්සුන් කිරීමට සහ රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීමට තියෝෆිලයින් ඉතා හොඳ වන නමුත් ඔබ වැඩිපුර තේ පානය කරනවානම් මෙම රසායනිකය ඔබේ ශරීරය විජලනයට ලක් කරනවා. එම නිසා මලබද්ධයක් ඇති කිරීමේ හැකියාවක් පවතිනවා.

රුධිර පීඩන අසමතුලිතතාවය ඇති කරයි

අධික ලෙස තේ පානය කිරීමේ බරපතලම අතුරු ආබාධයක් වන්නේ රුධිර පීඩනයේ අසමතුලිතතාවයක් ඇති කළ හැකි වීමයි. අධික ලෙස තේ පානය කිරීමෙන් හෘද ස්පන්දන වේගය වැඩි කළ හැකි අතර එය අධි රුධිර පීඩනයට එක් හේතුවක් විය හැකියි.ඔබ ඔබේ පහසුව වෙනුවෙන් තේ පානය කිරීමට හුරු වී සිටියත් එය නොසිතන ආකාරවලින් ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා.

https://www.farmersalmanac.com  ඇසුරෙන්

පවනි දිලේකා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?