උදේ නිවසෙන් එළියට යන ඔබට මාර්ගයේ යන එන පුද්ගලයන් හමු වෙනවා. ඒ අයට ඔබ “ සුබ උදෑසනක් ” යැයි ආශිර්වාද කරනවා නම් එයින් ඔබට විශාල ප්‍රතිලාභයක් ලැබෙනවා. තුර්කියේ සබාන්සි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යන වාර්තාවකට අනුව ඔබ මාර්ගයේ හමුවන අයෙකුට “ හෙලෝ ” යැයි ආමන්ත්‍රණය කිරීමෙන් පවා යම් සතුටක් ලැබෙන බැව් හඳුනා ගෙන තිබෙනවා. මෙම අධ්‍යනයේ කර්තෘ එස්රා ඇස්කිල් සඳහන් කරන අන්දමට සමහර පුද්ගලයන් ඔබට මානසිකව සමීප නැතුව ඇති. ඒ වගේම අහඹු ලෙස හමු වෙන අය වෙන්නත් ඇති. නමුත් මේ අය වෙනුවෙන් ඔබ දක්වන ප්‍රතිචාර මගින් ඔබේ ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කරන බැව් ඇය සඳහන් කරනවා.
සතුටු සාමිචිය…
එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ ගිලියන් සෑන්ඩ්ස්ට්රොම් සඳහන් කරන අන්දමට ඔබ තවත් අයෙකු සමග සතුටු සාමිචියේ යෙදෙන විට ඔබ තවත් අය සමග බැඳී සිටින බැව් දැනෙනවා. එය ඔබේ ශාරීරික වගේම මානසික නීරෝගීතාවයටත් හේතු වෙනවා. මේ අන්දමින් කතා බහ කරන විට පුද්ගලයෙකුගේ කුලෑටි බව නැති වෙන අතර අනිත් අය විසින් තමා පිළිබඳව විශ්වාසයක් ඇති බවට වූ ධනාත්මක බව සිතේ ගොඩ නැගෙනවා. යැයි ඔහු තව දුරටත් සඳහන් කරනවා.
කාලය නාස්ති වීමක්ද…?
තවත් අය සමග නිකරුනේ කතා බහ කරමින් කාලය නාස්ති කිරීමක් විදිහට ඔබ සිතනවාද…? එයින් පෙනී යන්නේ ඔබ තවත් අය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට දක්වන බියයි.
ආගන්තුකයා අනතුරුදායකයි…
දරුවන්ගේ ආරක්ෂාව මුල් කර ගෙන දැන් ආගන්තුකයා භයානකයි. නාඳුනන අය සමග කතාවට යන්න එපා යැයි අපි ඔවුන්ට අවවාද කරනවා. ආගන්තුකයා අනතුරුදායක විය හැකි වුණත් යම් අවස්ථාවක ඔවුන්ගේ උදව් දරුවාට අවශ්‍ය විය හැකි බැව් සෑන්ඩ්ස්ට්රොම් සඳහන් කරනවා. ඒ නිසා තමන්ට ආරක්ෂාව ලබා දෙන පුද්ගලයන් ගැන දරුවාට හඳුන්වා දීම ඉතා වැදගත් බැව් ඔහු තව දුරටත් සඳහන් කරනවා. උදාහරණයක් ලෙස පොළිස් නිළධාරීන්… වෙළඳසැලක ආරක්ෂක අංශයේ නිළධාරීන්, වෙළඳසැල් සේවකයන්. කියන්නේ
ආරක්ෂාකාරී ආගන්තුකයින් බැව් දරුවාට කියා දෙන්න. මේ සෑන්ඩ්ස්ට්රොම් විසින් මව්පියන්ට ලබා දෙන අවවාදයයි. හුදෙකලා තැනකදී ආගන්තුකයින් සමග සම්බන්ධවීම ආරක්ෂිත නොවුනත් පොදු ස්ථානයකදී හෝ තවත් අය සමග සිටින විට දරුවන් මානව සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම මම වරදක් ලෙස මම දකින්නේ නැහැ.
පිළිසඳරක් ආරම්භ කරන්නේ කොහොමද…?
ඔබට පොදුවේ කතා කළ හැකි දෙයක් නිශ්චය කරන්න. බොහෝ දෙනෙක් කතා බහ කිරීමේදී කාලගුණය පිළිබඳව කතා කරන්නේ ඒ නිසාය.
■ දැන ගැනීමට අවශ්‍ය දෙයක් කතා කරන්න
■ ඔබට හැකි උදව්වක් කරන්න
■ මිනිසුන් වර්ණනා කරන්න
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා